එංගලන්තයේ ප්‍රධාන ප්‍රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මහතා මැයි මස 08 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මාසයක කාලයක් සඳහා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණු උපදේශකයකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
බූන් සිය ධුර කාලය තුළදී ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ ජාතික යොවුන් කණ්ඩායම්වල පිතිකරණ කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඔවුන් සමගින් කටයුතු කරනු ඇත.
එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හිටපු පුහුණුකරු ලෙසින් බූන් මහතා සතු අත්දැකීම් සම්භාරය ඔහුගේ පුහුණුකාරීත්වයත් සමඟ මෙරටට හිමිවනු ඇත.
ශ්‍රී ලංකාව තුළ ඔහු සිදුකරනු ලබන වැඩසටහන හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ථ පිතිකරණ අංශය සහ පුද්ගල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගත් තාක්ෂණික සහ උපාශීලී සැසි ඇතුළත් වනු ඇත.