ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන තාවකාලික උපදේශකවරයකු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා ගේසවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ඒ මහතා ශ්‍රී ලංකාවේදී දින 10 ක පන්දු රැකීමේ පුහුණු කඳවුරක් පවත්වනු ඇත.
මැයි 07 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම පුහුණු වැඩමුළුව සඳහා ජාතික කණ්ඩායමේ සාමාජිකයින්ට අමතරව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්, ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ක්‍රීඩකයින්, නැගීඑන කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ අවු. 19 න් පහළ සංචිතයේ පසුවන ක්‍රීඩකයින්ට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සහභාගිවනු ඇත.
ක්‍රිකට් පුහුුකරුවන්ගේ තෙවැනි ශ්‍රේණියේ සහතිකයකට හිමිකම් කීයන ශ්‍රීධර් මහතා වර්ෂ 2014 සිට 2021 දක්වා කාලය තුළ පැවැති ජාත්‍යන්තර තරග 300 කට අධික සංඛ්‍යාවකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කොට අත්දැකීම් සම්භාරයක් ලබා ඇති පුහුණුකරුවෙකි.
අදාළ පුහුණු වැඩසටහන යටතේ ශ්‍රීධර් මහතා ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම සමඟ කටයුතු කරන අතර පසුව අනෙකුත් කණ්ඩායම් සමඟ කටයුතු කිරීමට නියමිතය. එම වැඩසටහනේදී පන්දු රැකීමේ අභ්‍යාස, කුසලතා පුහුණුව මෙන්ම විශේෂයෙන් නිර්මාණිත තරග තත්ත්වයන් පිළිබඳව වන පන්දු රැකීමේ අභ්‍යාසද සිදුකරනු ඇත.
ශ්‍රීධර් මහතා ශ්‍රී ලංකාවේ කටයුතු කරනු ලබන දින 10 ක කාලය ඇතුළත ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් සමඟ කටයුතු කරනු ඇත.