ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග හයෙන් තරග 5ක ජයග්‍රහණ තීරණය වූ අතර, තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් විය. වර්ෂාව හේතුවෙන් අද දිනයේ තරග ආරම්භ වූයේ දින 2 ක කාලයක් තරග කල් දැමීමෙන් පසුවය.
පිත්තෙන් දස්කම් දැක්වූ බ්ලුම්ෆීල්ඩ් පිලේ ළහිරු මධුසංඛ හලාවත මේරියන්ස් පිලට එරෙහිව පන්දු 21කදී හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර, කුරුණෑගල තරුණ ක්‍රිකට් පිලේ ලියෝ ෆ්‍රැන්සිස්කෝ පානදුර පිලට එරෙහිව පන්දු 44කදී හයේ 6ක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 63ක් ද සහ බඳුරලිය ක්‍රීඩා සමාජයේ සීකුගේ ප්‍රසන්න එන්සීසී පිලට එරෙහිව පන්දු 29කදී හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වූහ.
පොලිස් පිලට කඩුලු 8ක ජයක්
නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී තවත් පන්දු 21ක් ඉතිරිව තිබියදී පොලිස් පිල ජය වාර්තා කළේය.
නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක ක්‍රීඩා සමාජය කඩුලු 5කට ලකුණු 87 (ඕවර් 13) –පුලිඳු පෙරේරා 32, රාහුල් ගුණසේකර 13, කෙවින් පෙරේරා නොදැවී 21, පසිඳු පැතුම් 11 ( චාරුක ප්‍රමෝද් 18/2, දිලුම් සුධීර 11/2)
පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 2කට ලකුණු 90 (ඕවර් 9.3) – විෂාද් රන්දික 20, නදීර බාලසූරිය 17, ප්‍රියමාල් පෙරේරා නොදැවී 30, අශේන් බණ්ඩාර නොදැවි 20 ( කවිෂ්ක දිල්හාන් 27/1, සුවත් මෙන්ඩිස් 17/1)
බ්ලුම්ෆීල්ඩ් පිලට කඩුලු 7ක ජයක්
හලාවත මේරියන්ස් හා බ්ලුම්ෆීල්ඩ් අතර කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පන්දු 11ක් ඉතිරිව තිබියදී බ්ලුම්ෆීල්ඩ් පිල ජය වාර්තා කළේය.
හලාවත මේරියන්ස් පිල කඩුලු 4කට ලකුණු 66 (ඕවර් 8) – තරිඳු අමරසිංහ 11, කසුන් විඳුර නොදැවී 26, සකුන ලියනේ නොදැවී 10 ( ළහිරු මධුසංඛ 15/1, රවිඳු ප්‍රනාන්දු 13/1)
බ්ලුම්ෆීල්ඩ් පිල කඩුලු 3කට ලකුණු 72 (ඕවර් 6.1) – ළහිරු මධුසංඛ නොදැවී 54 ( ෂම්මු අශාන් 20/2)
මුවර්ස් පිලට ලකුණු 11ක ජයක්
මුවර්ස් ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර, එස්එස්සී පිටියේදී පැවැති තරගයේ ජය මුවර්ස් පිල සතුවිය.
මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 5කට ලකුණු 111 (ඕවර් 11) – සොහාන් ද ලිවේරා 37, සධීර සමරවික්‍රම 23, පසිඳු සූරියබණ්ඩාර 29 (චමිඳ විජේසිංහ 30/20
කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය කඩුලු 8කට ලකුණු 100 (ඕවර් 11) – නිශාන් මධුෂ්ක 11, සොනාල් දිනූෂ 14, සහන් කෝසල 30 (ප්‍රවීන් ජයවික්‍රම 23/2, රමේෂ් මෙන්ඩිස් 29/2, ගරුක සන්කෙත් 8/2)
කෝල්ට්ස් පිලට කඩුලු 7ක ජයක්
බීආර්සී පිල හා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර එස්එස්සී පිටියේදී පැවැති තරගය පන්දු 23ක් ඉතිරිව තිබියදී කෝල්ට්ස් පිල ජය වාර්තා කළේය. මෙම තරගයේදී සිදුවූ සුවිශේෂීතම සිදුවීම වූයේ බී.ආර්. සී. කණ්ඩායම කෝල්ට්ස් පිල හමුවේ ලකුණු 73 කට සීමා වීමයි. ඔවුන් මෙලෙසින් දැවී ගියේ තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 15 කට සීමාව පවත්වන පසුබිමකදීය. එහිද සුවිශේෂී තාව වන්නේ තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදීම බී.ආර්. සී. ඉනිම නිමාවට පත්වීමයි.
බීආර්සී පිල සියලු දෙනා දැවී ලකුණු 73 (ඕවර් 14.4) – ඉසුරු ප්‍රනාන්දු 10, කුසල් විජේතුංග 15, රිසිරි වීරසූරිය නොදැවී 18 (දිල්ෂාන් මධුසංඛ 11/2, ධනංජය ලක්ෂාන් 10/2, අකිල ධනංජය 18/3)
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 3කට ලකුණු 74 (ඕවර් 11.1) – සංගීත් කුරේ 15, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 30, දුනිත් වෙල්ලාලගේ නොදැවී 18 ( චමීර දිසානායක 5/2)
පානදුර පිලට කඩුලු 2ක ජයක්
කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල හා පානදුර ක්‍රීඩා සමාජය අතර කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පන්දු 2ක් ඉතිරිව තිබියදී පානදුර පිල ජය වාර්තා කළේය.
කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල කඩුලු 8කට ලකුණු 160 (ඕවර් 18) – ලක්වින් අබේසිංහ 28, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 63, රශ්මික ඹධුසංඛ 30, උමේෂික මොරිස් නොදැවී 10 ( දුෂාන් හේමන්ත 31/2, විෂේන් හැළඹගේ 14/2)
පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8කට ලකුණු 162 (ඕවර් 17.4) – ඔෂධ ප්‍රනාන්දු 44, විෂේන් හැළඹගේ 23, එරංග ජයකොඩි 48, දුෂාන් හේමන්ත 10, නිසල තාරක 11 (අරවින්ද ප්‍රේමරත්න 24/2)
බඳුරලිය හා එන්සීසී තරගය විසඳුමක් නෑ
බඳුරලිය හා එන්සීසී අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් වූවේය.
බඳුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 7කට ලකුණු 149 (ඕවර් 20) – අලංකාර අසංක 20, යෙනුල දෙව්තුස 20, සීකුගේ ප්‍රසන්න 58 ( චාමික කරුණාරත්න 23/3, අෂේන් ඩැනියෙල් 18/2)
එන්සීසී පිල කඩුලු 1කට ලකුණු 31 (ඕවර් 3.1) – නිරෝෂන් දික්වැල්ල නොදැවී 16, කමීල් මිෂාර නොදැවී 14