slc
logo
Home   |    News
මැයි 7, 2025
පන්දු රැකීමේ පුහුණුවට විශේෂඥ පුහුණුකරුවෙක්

sinhala editor

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන තාවකාලික උපදේශකවරයකු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා ගේසවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ඒ මහතා ශ්‍රී ලංකාවේදී දින 10 ක පන්දු රැකීමේ පුහුණු කඳවුරක් පවත්වනු ඇත.

මැයි 07 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම පුහුණු වැඩමුළුව සඳහා ජාතික කණ්ඩායමේ සාමාජිකයින්ට අමතරව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්, ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ක්‍රීඩකයින්, නැගීඑන කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ අවු. 19 න් පහළ සංචිතයේ පසුවන ක්‍රීඩකයින්ට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සහභාගිවනු ඇත.

ක්‍රිකට් පුහුුකරුවන්ගේ තෙවැනි ශ්‍රේණියේ සහතිකයකට හිමිකම් කීයන ශ්‍රීධර් මහතා වර්ෂ 2014 සිට 2021 දක්වා කාලය තුළ පැවැති ජාත්‍යන්තර තරග 300 කට අධික සංඛ්‍යාවකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කොට අත්දැකීම් සම්භාරයක් ලබා ඇති පුහුණුකරුවෙකි.

අදාළ පුහුණු වැඩසටහන යටතේ ශ්‍රීධර් මහතා ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම සමඟ කටයුතු කරන අතර පසුව අනෙකුත් කණ්ඩායම් සමඟ කටයුතු කිරීමට නියමිතය. එම වැඩසටහනේදී පන්දු රැකීමේ අභ්‍යාස, කුසලතා පුහුණුව මෙන්ම විශේෂයෙන් නිර්මාණිත තරග තත්ත්වයන් පිළිබඳව වන පන්දු රැකීමේ අභ්‍යාසද සිදුකරනු ඇත.

ශ්‍රීධර් මහතා ශ්‍රී ලංකාවේ කටයුතු කරනු ලබන දින 10 ක කාලය ඇතුළත ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් සමඟ කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

  • හොංකොං සික්සර්ස් යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට
    ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ. […]
  • මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යති
    කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා […]
  • අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට
    පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත […]
  • ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති
    පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම […]
  • දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති
    මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee