slc
logo
Home   |    News
ජූනි 26, 2025
අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ශූරතාවලිය හෙට ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (27 වැනිදා) ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ 14 කගේ සහභාගිත්වයෙන් කොළඹදී ආරම්භ වේ. මෙම තරගාවලිය කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන ඇත. ඒ අනුව හෙට දිනයේදී වනාතමුල්ල පී. සරා, එන්. සී. සී., පොලිස්, කෝල්ට්ස්, බී.ආර්.සී. සහ මුවර්ස් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

මූලික වටය යටතේ පැවැත්වෙන ලීග් තරග ජූලි මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර අනතුරුව පිළිමළුන් පිටුදැකීමේ තරග වටය හෙවත් අවසන් පූර්ව තරග ජූලි මස 25 වැනිදාත් අවසන් මහ තරගය ජූලි මස 29 වැනිදාත් පැවැත්වෙනු ඇත. අදාළ අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් ඒ සදහා ජුලි 30 වැනි දින අතිරේක දිනයක් ලෙසින් ද නම් කිරීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ.

අවසන් වතාවට පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සමත්විය. අදාළ අවසන් මහ තරගයේදී කොළඹ සී.සී.සී. පිල පරාජයට පත් කරමින් 2024 වසරේ එක්දින ශූරයෝ ලෙසින් ඒස් කැපිටල් කිරුළ පැළඳූහ.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම්

‘ඒ‘ කාණ්ඩය – ඒස් කැපිටල්, එන්. සී. සී. බදුරලිය, ටැමිල් යුනියන්, චිලව් මේරියන්ස්, පොලිස්, පානදුර.

‘බී‘ කාණ්ඩය – සී.සී.සී., මුවර්ස්, බී.ආර්.සී, කෝල්ට්ස්, නුගේගොඩ, බ්ලූම්ෆීල්ඩ්, කුරුණෑගල.

හෙට පැවැත්වීමට නියමිත තරග –

ඒස් කැපිටල් සහ ටැමිල් යුනියන් අතර පී. සරා ක්‍රීඩාංගණය

චිලව් මේරියන්ස් සහ බදුරලිය අතර එන්.සී.සී. ක්‍රීඩාංගණය

පොලිස් සහ එන්. සී.සී. අතර පොලිස් ක්‍රීඩාංගණය

කෝල්ට්ස් සහ සී.සී.සී. අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණය

නුගේගොඩ සහ බී.ආර්.සී. අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණය

මුවර්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර මුවර්ස් ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee