slc
logo
Home   |    News
ජූනි 27, 2025
එස්.එස්.සී. තණතිල්ල හතරවැනි හා පස්වැනි දිනවල දඟ පන්දුවට යෝග්‍ය වෙයි – කුසල් මෙන්ඩිස්

sinhala editor

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර එස්එස්සී පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ හතරවැනි හා පස්වැනි දිනය දඟ පන්දුවට වඩාත් යෝග්‍ය වනු ඇතැයි ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා පිල තෙවැනි දිනයේ හැකි තරම් ලකුණු ලබා වැඩියෙන්  ලකුණු 150ක්, 200ක් ලබාගතහොත් බංග්ලාදේශයට පීඩනයක් ලබාදිය හැකි බව කුසල් මෙන්ඩිස් පැවැසූවේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවීමත් සමඟ පැවැති මාධ්‍ය හමුවේදීය.

“පුළුවන් තරම් අපි බැට් කරලා හතරවැනි හා පස්වැනි දවස්වල තණතිල්ල දඟ කැවෙන එකේ වාසිය ලබාගත හැකියි. ලකුණු පුවරුවට වැඩියෙන්  ලකුණු 150ක්, 200ක් දාගන්න බලනවා. ඉක්මණට ලකුණු ලබා ගන්නේ කොහොමද කියලා අපි බලමු“ කුසල් පැවැසීය.

ප්‍රශ්නය: පැතුම් ගාල්ලේදී ලකුණු 187ක් ගත්තා. මේ තරගයේදීත් ඔහු හොදින් ලකුණු අතර සිටිනවා. ඔබ යමක් කියනවාද ඒ ගැන?

පිළිතුර: පැතුම් ලකුණු අතර ඉන්න එක හොඳයි. කලින් සංචාරයේදීත් ඔහු ලකුණු අතරට ආවා. පළමු තරගයේදී ලකුණු 200 අහිමි වුණා. මා හිතනවා මේ තරග‍යේදී  හොඳට බැට් කරලා ලකුණු 200 ගහන්න පුළුවන් වෙයි කියලා. මෑත කාලයේදී අපේ ආරම්භක පිතිකරුවන්ගෙන් ලකුණු අතර ඉන්නනේ පැතුම්. එයා පුහුණුවීම් අතරතුර ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. ඒක තරගයට අරන් එනවා. මා සතුටු වෙනවා පැතුම් ලකුණු අතර සිටින එක ගැන.

ප්‍රශ්නය: අසිතගේ හා විශ්වගේ පන්දු යැවීම පිළබඳ යමක් පවසනවාද?

පිළිතුර: අපේ වේග පන්දු යවන්නන්ට දුන්න සැලසුම් හොඳින් ක්‍රියාත්මක කළා. තණතිල්ලේ බවුන්ස් එකට වඩා නිවැරදි ඉලක්කයට ඉදිරි පාදයට පන්දු යැව්වා. මේ වගේ තණතිල්ලක කරන්න වෙන්නේ ඒක. විශේෂයෙන්ම විශ්ව නව පන්දුවෙන් හොඳ ප්‍රතිඵලයක් අරන් දුන්නා. අසිත මැදින් ඇවිත් හොඳින් පන්දු යැව්වා. මෑත කාලයේ වේග පන්දු යවන්නන් දෙනෙකු අපේ රටේදී පැවැත්වෙන ටෙස්ට් තරගයකදී හොදින් ක්‍රීඩා කළ අවස්ථාවක්.

ප්‍රශ්නය: සොනාල් දිනූෂ මේ තරගයේ කඩුලු 3ක් ගන්නවා. හොඳම පිතිකරුවන් ‍දෙදෙනෙකු දවා ගන්නවා?

පිළිතුර: සොනාල් දිනූෂ ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් තරගවලදී ඉතාම හොඳින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. මට මුලින්ම ඔහු මුණගැහුණේ සීසීසී වලදී. පාසලෙන් ඉවත්වෙලා සීසීසී එකට ආවේ. එතැනදී ඔහු සෑහෙන්න මහන්සි වෙලා පළමු පෙළ තරගවලදී තුන් ඉරියව් දක්ෂතා දැක්වූවා. එක්දින හා විස්සයි20 තරග වලට වඩා ටෙස්ට් තරගයක් කියන්නේ ‍ලොකු පීඩනයක් තියෙන එකක්. ඒ පීඩනය දරාගෙන ක්‍රීඩා කරන්න ඔහුට පුළුවන්. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළත් අනික් ක්‍රීඩකයින්ට ‍පෙන්වූවේ නෑ ඒ ගැන. ඔහු තරග 10ක් 15ක් ක්‍රීඩා කළ පළපුරුදු ක්‍රීඩක‍ෙක් වගේ හැසිරුණේ. පන්දු යැවීමේදී හා පන්දු රැකීමේදී ඔහු පරිණත බවක් පෙන්වූවා. ඇත්තටම තරුණ ක්‍රීඩකයෙක් ඒ විදිහට ඇවිත් දක්ෂතා දැක්වීම සතුටු විය යුතු කරුණක්.

ප්‍රශ්නය: කාසියේ වාසිය දිනා ගත්තා නම් මේ තණතිල්ලේ ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙනවා. ආරම්භයේ සිට මේ දක්වා තණතිල්ල ගැන මොකක්ද කියන්නේ?

පිළිතුර: අපි මුලින් පිතිකරණයට සූදානම් වෙලා හිටියේ තණතිල්ල එන්න එන්නම දඟ කැවෙයි කියලා අපි දැනන් හිටිය නිසා. ලොකු ‍වෙනසක් තිබුණේ නෑ. අපේ වේග පන්දු යවන්නන් දෙදෙනා හොඳින් ක්‍රියාත්මක වූ නිසා ඔවුන්ට ලකුණු අතරරට යන්න බැරි වුණා. අපි මුලින් බැට් කළත් ලකුණු 300ක් විතර ගහන්න තිබුණා. ඔවුන්ගේ පන්දු යවයන්නන්ට වඩා අපි උඩින් ඉන්නවා. ඇත්තටම පළමු දවසේ වගේ මේ තණතිල්ල ලොකු වෙනසක් නෑ. නමුත් අපේ පිතිකරුවන් මෙහේ තත්ත්වය දන්න නිසා හොඳින් ක්‍රීඩා කරනවා. දවස් 4ක් 5ක් යද්දි මෙයට වඩා තණතිල්ල වෙනස් වෙයි.

ප්‍රශ්නය: කුසල් ඔබට හුරු පුරුදු තණතිල්ලක් මේ එස්එස්සී පිටිය. ඉදිරි දවස් තුන මොන වගේ තත්ත්වයක් උදා වෙයිද?

පිළිතුර: පළමු දින දෙක දිහා බලද්දී හතර වැනි පස් වැනි දවස් දඟ පන්දුවට හොඳ වෙයි කියලා අපි හිතා‍ගෙන ඉන්නේ. අපි හිතනවා ඒ දේ වෙයි කියලා. තණතිල්ල එන්න එන්න කොළ ගතිය අඩු වෙලා තණතිල්ල වේගය අඩු වෙනවා. ඒ නිසා අපි ලොකු ලකුණු ගණනක් අරන් ඔවුන්ට ඉලක්කයක් ‍දෙන්න බලාගෙන ඉන්නවා.

ප්‍රශ්නය: කා‍ලෙකට පස්සේ ආරම්භක පිතිකරුවන් හොදින් ලකුණු අතරට පිවිසියා. ඒ වගේ වේලාවක මැඳ පෙළ පිතිකරුවන්ට දැනෙන පීඩනය කොහොමද අඩු වෙන්නේ?

පිළිතුර: ආරම්භක පිතිකරුවන් හොද ලකුණු සබඳතාවක් දැම්මාම මැඳ පෙළ හා ඉදිරි ‍පෙළ පිතිකරුවන්ට බෝලේ ටිකක් පරණ වෙලා එන්නේ. එතකොට පන්දුව දොලනය අඩු වෙනවා. දඟ පන්දුවත් ස්ලෝ වෙනවා. ගොඩක් හොඳ දෙයක්. කාලෙකින් නොවූ දෙයක්. අපි මේ ගැන කතා කළා.

ප්‍රශ්නය: ඔබලා දෙවැනි ඉනිමේ පන්දුවට පහර නොදී ඔවුන්ට විශාල ඉලක්කයක් ලබාදීම සැලසුම නේද?

පිළිතුර: අපේ සැලස්ම විශාල ලකුණු ගණනක් ගන්න. අඩුම තරමේ ලකුණු 400ක් ගන්න. තරගයේ තුන්වැනි දවස වැදගත්. දවස පුරා පන්දුවට පහරදී බංග්ලාදේශ දෙවැනි ඉනිමට ලොකු ඉලක්කයක් දිය යුතුයි.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee