slc
logo
Home   |    News
ජූනි 29, 2025
ශ්‍රී ලංකා යූත් ලීග් කිරුළ කොළඹ උතුරටද… කොළඹ දකුණටද..?

sinhala editor

එළඹෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් බිහිකර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සදහා කොළඹ පළාත් නියෝජනය කරනු ලබන කණ්ඩායම් දෙකක් වන කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිති. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම අවසන් මහ තරගය හෙට (30 වැනිදා- පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත.

අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැති තීරණාත්මක අවසන් පූර්ව තරග වලදී කවීජ ගමගේ නායකත්වයෙන් යුතු ප්‍රබල මහනුවර කණ්ඩායම පරාජයට පත් කරමින් විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණු කණ්ඩායමද විරාන් චමුදිතගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම පරාජයට පත් කරමින් චාමික හීනටිගලගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු කණ්ඩායමත් සුදුසුකම් ලබා ගත්හ.

පළාත් කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර තරගාවලියේදීද කවීෂ ලියනාරච්චිගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසි විය. කෙසේ වෙතත් මූලික වටය යටතේ පැවැති තරග 4 ම ජය ගනිමින් අවසන් කණ්ඩායම් 4 අතට තේරී පත්වූ මහනුවර කණ්ඩායම, මූලික වටයේදී තමන් පරාජයට පත් කරන ලද කොළඹ දකුණු කණ්ඩායම අතින්ම පරාජයට පත්වීම කැපී පෙනිණ.

කොළඹ දකුණු කණ්ඩායම මෙවර තරගාවලියේ පළම තරග 2 ම ජය ගත්තද අවසන් තරග 2  පරාජයට පත්විය. කෙසේ වෙතත් ඔවුන් අවශ්‍යම තරගයේදී මහනුවර පිල පරාජයට පත් කිරීමට සමත්වූවේ සියලු දෙනාගේම අවධානය ඔවුන් වෙත දිනා ගනිමිනි. කොළඹ උතුරු කණ්ඩායම මෙම තරගාවලියේ මූලික වටය යටතේ ක්‍රීඩා කළ තරග 4 න් 2 ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය.

හෙට පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ලබන කොළඹ දකුණු කණ්ඩායමේ නායකත්වය හොබවන විමත් දින්සර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේද නායකයා ලෙසින් කටයුතු කරන්නේය. ඔහුට අමතරව රෙහාන් පීරිස්. සුවහස් ප්‍රනාන්දු, මලින්ත සිල්වා, හිරූෂ ප්‍රනාන්දු, ඔෂේන් ද සිල්වා යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා අවු. 19 න්  පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලද ක්‍රීඩකයෝ වෙති.

කොළඹ උතුරු කණ්ඩායමේ නායක චාමික හීනටිගලට අමතරව සෙනුරජ වෙකුණගොඩ, දුල්නිත් සිගේරා, ශ්‍රීරාම් ජීවහන්, තරුෂ නවෝද්‍ය කිත්ම විදානපතිරණ සහ මිනෝෂ් ඩෙලෝන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයෝ වෙති.

මෙතෙක් පැවැති තරග වලදී ක්‍රීඩකයින් දක්වන ලද පෞද්ගලික දක්ෂතා අතර කොළඹ උතුරු කණ්ඩායමේ දුනික් පෙරේරා ඉදිරියෙන් සිටින්නේ තරග 3 කදී කඩුලු 10 ක් දවා ගනිමිනි. ඔහුට අමතරව කොලඹ දකුණු කණ්ඩායමේ හිරූෂ ප්‍රනාන්දුද තරග 5 කදී කඩුලු 8 ක් දවා ගෙන සිටියි. ඊට අමතරව කොළඹ දකුණු කණ්ඩායමේ දහම් නිර්මාල්ද තරග 4 කදී කඩුලු 7 ක් දවා ගනිමින් කඩුම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

පිතිකරුවන් අතර මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුලීෂ පෙරේරා පෙරමුණ ගෙන සිටින්නේ තරග 5 කදී ශතක 2 ක් සමඟින් මුලු ලකුණු 289 ක් රැස් කරමිනි. හෙට ක්‍රීඩා කරනු ලබන කොළඹ දකුණු සහ කොළඹ උතුරු කණ්ඩායම් වලින් දකුණු කණ්ඩායම නියෝජනය කරනු ලබන රෙහාන් පීරිස් වැඩිම ලකුණු ලද පිතිකරුවන්ගේ ලැයිස්තවේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ තරග 5 කදී ලකුණු 241 ක් රැස් කරමිනි. කොළඹ උතුරු කණ්ඩායමේ කිත්ම විදානපතිරණද තරග 4 කදී ලකුණු 204 ක් රැස් කොට එම සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටියි.

කොළඹ දකුණු කණ්ඩායම – විමත් දින්සර (නායක), රෙහාන් පීරිස්, සුවහස් ප්‍රනාන්දු, හිරුන් මතීෂ, ජේසන් ප්‍රනාන්දු, ඉසුල ගීගනගේ, දෙනෙත් පීරිස්පානදුර, ජෙසුවා සෙබස්තියන්, රයන් දිසානායක, මලින්ත සිල්වා, නෙතුල් අනුහස්, හිරූෂ ප්‍රනාන්දු(හොලිකොස් , දැහැම් නිර්මාල්, හංසක නිර්මාල්(හොරණ ශ්‍රීපාලි), ඔෂේන් ද සිල්වා.

කොළඹ උතුර කණ්ඩායම – චාමික හීනටිගල (නායක), පූර්ණ කල්හාර, අවීෂ ෂමාස්, සෙනුජ වෙකුණගොඩ, දුල්නිත් සිගේරා, මිනෝෂ් ඩෙලෝන්, විශ්ම අමරසිංහ, මානස මදුභාෂණ, ශ්‍රීරාම් ජීවහන්, තරූෂ නවෝද්‍ය, දුනික් පෙරේරා, තිමිර මිකාෂණ, සරිත් සුධීර, තරූෂ කොඩිකාර, කිත්ම විදානපතිරණ, රහීඩ් කරීම්.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee