slc
logo
Home   |    News
ජූනි 28, 2025
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 78 ක ජයක්

sinhala editor

මිනිත්තු 28 ක් ඇතුළත බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉතිරි කඩුලු 4 ම දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදි දිනයක් ඉතිරිව තිබියදීම ඉනිමක සහ ලකුණු 78 ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම අද (28 දා) පෙරවරුවේදී කැඳවාගෙන ගියහ. එම ජයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ වූ මෙම තරගාවලිය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාව 1-0 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමිනි.  

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව ඉනිමක ජයග්‍රහණයක් වාර්තා කරන ලද නම වැනි තරගය බවට පත් වුණු මෙම තරගයේදී බංග්ලාදේශ ඉනිමේ කඩුලු 5 ක් දවා ගත් ප්‍රභාත් ජයසූරිය තම ටෙස්ට් තරග දිවියේ කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් 12 වැනි අවස්ථාව සනිටුහන් කර ගත්තේය.

කඩුලු 6 කට ලකුණු 115 ක් ලෙස සටහන්ව තිබියදී සිව්වැනි දිනය ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලිටන් දාස්ව දිනයේ පළමු පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ප්‍රභාත් ජයසූරිය විසින් දවා ගත්තේය. පෙර දිනයේදී උර හිසේ ආබාධයකට ගොදුරව සිටි කුසල් මෙන්ඩිස් නැවතත් කඩුලු රැකීමේ රාජකාරිය භාර ගනිමින් ජයසූරියට එම කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් දායකත්වය දුන්නේය.

නැවතත් ක්‍රියාත්මක වුණු කුසල් මෙන්ඩිස් නයීම් හසන්ගේ කඩුල්ල ස්ටම්ප් කිරීමකට හසු කර ගනිමින් ජයසූරියට සිව්වැනි කඩුල්ලත් හිමිකර දුන්නේය. තයිජුල් ඉස්ලාම් පෙරළා ලබා දුන් උඩ පන්දුව සුරැකිව රැකත් වමත් දඟ පන්දු යවන්නා ටෙස්ට් ඉනිම 7 කට පසු කඩුලු 5 සම්පූර්ණර කරගත්තේය. ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුණු ගාල්ල ටෙස්ට් තරගයේදී එක් කඩුල්ලක් පමණක් දවා ගත් ජයසූරියට එස්. එස්. සී. පිටියේ පැවැති පළමු ඉනිමේදීද කඩුලු දවා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් අද දිනයේදී තම පන්දු යැවීම ඔහු සටහන් කර ගත්තේ පන්දුවාර 18 කදී නිලකුණු පන්දුවාර 2 ක් ද සමඟින් ලකුණු 56 කට කඩුලු 5ක් වශයෙනි.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් එබදොත් හොසේන්ගේ කඩුල්ල, තරිදු රත්නායක විසින් දවා ගනිද්දී අද දිනට තරගය පන්දු 34 කට සීමාවිය. මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසින් පළමු ඉනිමේදී ලකුණු 158 ක් ලබා ගත් පැතුම් නිස්සංක සම්මාන දිනාගත්තේය.

බංග්ලාදේශය පළමු ඉනිම පන්දුවාර 79.3 කදී සියලු දෙනා දැවී ලකුණු 247 යි – (ශද්මන් ඉස්ලාම් 46, අනමුල් හක් 00, මොමිනුල් හක් 21, නජ්මුල් හොසනේ ෂොන්ටෝ 08, මුෂ්ෆිකර් රහීම් 35, ලිටන් දාස් 34, මෙහෙදි හසන් මිරාස් 31, නයීම් හසන් 25, තයිජුල් ඉස්ලාම් 33, එබාදොත් හොසේන් 08, නහීද් රානා 00*, අසිත ප්‍රනාන්දු 51/3, විශ්ව ප්‍රනාන්දු 45/2, සොනාල් දිනූෂ 22/3, ධනංජය ද සිල්වා 15/1, තරිඳු රත්නායක 72/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 116.5 කදී සියලු දෙනා දැවී ලකුණු 458 යි – (පැතුම් නිස්සංක 158, ළහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93, ප්‍රභාත් ජයසූරිය 10, ධනංජය ද සිල්වා 07, කමිදු මෙන්ඩිස් 33, කුසල් මෙන්ඩිස් 84, සොනාල් දිනූෂ 11, තරිඳු රත්නායක 10, විශ්ව ප්‍රනාන්දු 00, තයිජුල් ඉස්ලාම් 131/5, නයීම් හසන් 87/3, නහිද් රානා 94/1) 

බංග්ලාදේශය දෙවැනි ඉනිම පන්දුවාර 38.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 115 යි – (ශද්මන් ඉස්ලාම් 12, එනමුල් හක් 19, මොමිනුල් හක් 15, නජ්මුල් හොසේන් ශැන්ටෝ 19, මුෂ්ෆිකර් රහීම් 26, ලිටන් දාස් 14, මෙහෙදි හසන් මිරාස් 11, නයීම් හසන් 05, තයිජුල් ඉස්ලාම් 06, එබදොත් හොසේන් 06, නහීද් රානා 00*, ධනංජය ද සිල්වා 13/2, ප්‍රභාත් ජයසූරිය 56/5, අසිත ප්‍රනාන්දු 22/1, තරිඳු රත්නායක 19/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar