ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 09 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද (26 වැනිදා) නිවේදනය කර සිටියේය. 17 වැනි වතාවටත් පැවැතවෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙවර ආකෘතිය පන්දුවාර විස්සයි-20 ලෙසින් පැවැත්වෙනු ඇත.
ඉන්දියාව සහ පාකිස්තානය ඇතුළු ආසියානු කළාපයේ රටවල් 8 කගේ සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙනු ඇත. අවසන් මහ තරගය ද ඇතුළුව සමස්ථ තරග 19 කින් සමන්විත මෙවර තරගාවලියේදී සාම්ප්‍රදායික එදිරිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්තානය ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව තිබේ.
මෙම රටවල් වලට අමතරව ආසියානු කළාපයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල් වන ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයට අමතරව ඕමානය, හොංකොං රාජ්‍ය සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදිනු ලබති.
මෙහිදී ඉන්දියාව සහ පාතිස්තානයට අමතරව ‘ඒ‘ කාණ්ඩය යටතේ ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ‘බී‘ කාණ්ඩය යටතේ බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං රාජ්‍ය තරග වැදීමට නියමිතව සිටිති.
මූලික වටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර සෑම කාණ්ඩයකම ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 2 දෙවැනි අදියර සඳහා තවත් කණ්ඩායම් 4 කින් සමන්විත තරගාවලියකට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබන අතර ලීග් ක්‍රමයට පැවැත්වෙන එම තරග වටයේ ඉහළම ලකුණු ලබා ගනු ලබන කණ්ඩායම් දෙක අතර සැප්තැම්බර් මස 28 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේ එදිරිවාදීහු බවට පත්වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සඳහා සැප්තැම්බර් 13 වැනිදා බංග්ලාදේශයට එරෙහිවද, සැප්තැම්බර් 15 වැනිදා හොංකොං පිලට එරෙහිවද සහ සැප්තැම්බර් 18 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිවද තරග වැදීමට නියමිතය.
‘ඒ‘ කාණ්ඩය – ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය
‘බී‘ කාණ්ඩය – ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, හොංකොං
කණ්ඩායම් අදියර
සැප්තැම්බර් 9 – ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර
සැප්තැම්බර් 10 – ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර
සැප්තැම්බර් 11 – බංග්ලාදේශය සහ හොංකොං අතර
සැප්තැම්බර් 12 – පාකිස්තානය සහ ඕමානය අතර
සැප්තැම්බර් 13 – බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර
සැප්තැම්බර් 14 – ඉන්දියාව සහ පාකිස්තානය අතර
සැප්තැම්බර් 15 – ශ්‍රී ලංකාව සහ හොංකොං අතර
සැප්තැම්බර් 16 – බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර
සැප්තැම්බර් 17 – පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර
සැප්තැම්බර් 18 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර
සැප්තැම්බර් 19 – ඉන්දියාව සහ ඕමානය අතර
සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය
සැප්තැම්බර් 20 – බී කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 1 සහ බී කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 2 අතර තරගය
සැප්තැම්බර් 21 – ඒ කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 1 සහ බී කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 2 අතර තරගය
සැප්තැම්බර් 22 – විවේක දිනය
සැප්තැම්බර් 23 – ඒ කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 1 සහ බී කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 2 අතර තරගය
සැප්තැම්බර් 24 – බී කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 1 සහ ඒ කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 2 අතර තරගය
සැප්තැම්බර් 25 – A කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 2 වන කණ්ඩායම සහ B කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 2 වන කණ්ඩායම අතර තරගය
සැප්තැම්බර් 26 – A කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 1 වන කණ්ඩායම සහ B කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ 1 වන කණ්ඩායම අතර තරගය
සැප්තැම්බර් 27 – විවේක දිනය
සැප්තැම්බර් 28 – අවසන් මහ තරගය





