slc
logo
Home   |    News
ජූලි 20, 2025
එකම තරගයක දී ශතක දෙකක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17) මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – බදුරලිය තරගයේ දී කණ්ඩායම් දෙකේ පිතිකරුවන් දෙදෙනකු ශතක වාර්තා කිරීම දිනයේ විශේෂ සිදුවීමකි.

 එන්.සී.සී. මේ තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දී කඩුලු 9කට රැස් කළ ලකුණු 328 (පන්දුවාර 50) හඹායද්දී බදුරලිය සියලු පිතිකරුවන් ලකුණු 222කට (පන්දුවාර 45.2) දැවීගොස් එන්.සී.සී. ජය ගත්තේ ලකුණු 106කිනි. මේ කණ්ඩායම් දෙක ලකුණු 550ක් රැස් කිරීම ද කැපී පෙනුණු සිදුවීමකි.

 එන්.සී.සී. අංක හතර පිතිකරු අහන් වික්‍රමසිංහ පන්දු 90ක දී හතරේ 14ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 114ක් ද අංක හය පිතිකරු චාමික කරුණාරත්න පන්දු 46ක දී හතරේ පහර හතක් හයේ පහර අටක් සමග නොදැවී ලකුණු 95ක් ද රැස් කළහ.

 මේ තරගයේ දී ම බදුරලිය කණ්ඩායමේ අංක හත පිතිකරු ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න පන්දු 75ක දී හතරේ පහක් හයේ දහයක් සමග ලකුණු 112ක් රැස් කළේ හුදකලා සටනක යෙදෙමිනි.

 මේ අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති සී.සී.සී. – බ්ලුම්ෆීල්ඩ් තරගයේ දී සී.සී.සී. ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 145කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර හයක් සමග ලකුණු 174ක් රැස් කිරීමෙන් සී.සී.සී. ට පන්දුවාර 50 අවසානයේ කඩුලු හතකට ලකුණු 340ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි. සී.සී.සී. මේ තරගය ජය ගත්තේ ලකුණු 134කිනි.

 අද (17) දිනයේ දී පොලීසිය කඩුලු හයකින් ඒස් කැපිටල් ද පාණදුර ක්‍රීඩා සමාජය කඩුලු හයකින් හලාවත මේරියන්ස් ද කුරුණෑගල තරුණ පිල ලකුණු 42කින් නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායම ද මුවර්ස් තියුණු තරගයකින් පසු කඩුලු තුනකින් බී.ආර්.සී. ද සී.සී.සී. ලකුණු 134කින් බ්ලුම්ෆීල්ඩ් ද එන්.සී.සී. ලකුණු 106කින් බදුරලිය ද පරාජයට පත් කළහ.

  • පොලීසිය කඩුලු හයකින් ඒස් කැපිටල් පරාජය කරයි

 පොලිස් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය උදෙසා දිලුම් සුධීර (28/2) පන්දු යැවීමෙන් සහ ධනුජ ඉඳුවර (73) පිතිකරණයෙන් ද දක්ෂතා දැක්වුහ.

ඒස් කැපිටල් පන්දුවාර 50දී කඩුලු 6ට 211යි – (රවීන් ද සිල්වා නොදැවී 74, හිමාෂ ලියනගේ 73, දනාල් හේමානන්ද නොදැවී 14, රනේෂ් සිල්වා 12, චාරුක ප්‍රමෝද් 25/2, දිලුම් සුධීර 28/2යි)

පොලීසිය පන්දුවාර 45.1ක දී කඩුලු 4ට 212යි – (ධනුජ ඉඳුවර 73, ජේසන් ප්‍රනාන්දු 45, අෂේන් බණ්ඩාර නොදැවී 32, නදීර බාලසූරිය 22, ප්‍රියමල් පෙරේරා නොදැවී 22, අනුක විජේවර්ධන 53/3, දනාල් හේමානන්ද 36/1යි)

  • පාණදුර ක්‍රීඩා සමාජය කඩුලු හතකින් හලාවත මේරියන්ස් පරාජය කරයි

 පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී පාණදුර කණ්ඩායමේ සෙනිත හැළඹගේ ලකුණු 32කට කඩුලු හතරක් දවා පසුව තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ පන්දු 47ක දී හතරේ පහක් හයේ පහරක් සමග ලකුණු 44ක් ලබා ගනිමිනි.

 හැළඹගේ දැක් වු තුන් ඉරියව් දක්ෂතා පාණදුර කණ්ඩායමට කඩුලු හතක පහසු ජයක් ගෙන ඒමට මුල් විණි.

 හලාවත මේරියන්ස් පන්දුවාර 40.2දී සියල්ල දැවී 172යි – (තනුක දාබරේ 42, රවිඳු රත්නායක 37, හර්ෂ කුරේ 29, ඉරුෂ්ක තිමිර 10, ෂම්මු අෂාන් 09, සෙනිත හැළඹගේ 32/4, නිමේෂ් විමුක්ති 38/3, මොහමඩ් ඩිල්ෂාඩ් 19/2)

පාණදුර ක්‍රීඩා සමාජය පන්දුවාර 34.2දී කඩුලු 3ට 176යි – (සෙනිත හැළඹගේ නොදැවී 44, කාංචන ඩි ලිවේරා 40, විමත් දින්සර නොදැවී 35, ඕෂද ප්‍රනාන්දු 35, ඉරුෂ්ක තිමිර 30/1, ෂම්මු අෂාන් 34/1යි)

  • එන්.සී.සී. ලකුණු 106කින් බදුරලිය පරාජය කරයි

 එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී එන්.සී.සී.ට ලකුණු 106ක පහසු ජයක් අත්විණි. මේ තරගයේ විශේෂත්වයක් වුයේ කණ්ඩායම් දෙකේ පිතිකරුවන් දෙදෙනකු ශතක රැස් කිරීමය.

 එන්.සී.සී. වෙනුවෙන් අංක හතර පිතිකරු අහන් වික්‍රමසිංහ ලකුණු 114ක් ද (පන්දු 90යි හතරේ 14යි හයේ දෙකයි) බදුරලිය වෙනුවෙන් අංක හත පිතිකරු සීක්කුගේ ප්‍රසන්න ලකුණු 112ක් ද (පන්දු 75යි හතරේ පහයි හයේ පහර දහයයි) රැස් කිරීම දිනයේ විශේෂ සිදුවීමකි.

 එන්.සී.සී. වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 28කට කඩුලු තුනක් බිඳ දැමීය.

එන්.සී.සී. පන්දුවාර 50දී කඩුලු 9ට  328යි – (අහන් වික්‍රමසිංහ 114, චාමික කරුණාරත්න නොදැවී 95, විනුක රූබසිංහ 36, සහන් ආරච්චිගේ 22, කවින් බණ්ඩාර 23, ජීවක සෂින් 16, අෂේන් ඩැනියල් 14, මානස මධුභාෂණ 80/3, සීක්කුගේ ප්‍රසන්න 39/1යි)

 බදුරලිය පන්දුවාර 45.2ක දී සියල්ල දැවී 222යි – (සීක්කුගේ ප්‍රසන්න 112, යෙනුල දෙව්තුසා 48, දිල්ෂාන් ද සොයිසා 12, සෙනාල් ද සිල්වා 12, ලසිත් ඇඹුල්දෙණිය 28/3, දුෂ්මන්ත චමීර 34/2, අෂේන් ඩැනියල් 37/2)

  • සී.සී.සී. ලකුණු 134කින් බ්ලුම්ෆීල්ඩ් පරාජය කරයි

 සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී සී.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 174ක් රැස් කරමින් සහ ආරම්භක වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු තුනක් දවාලමින් ද තම කණ්ඩායමට පහසු ජයක් ගෙන ඒමට පූර්ණ දායකත්වය පිරිනැමීය.

සී.සී.සී. පන්දුවාර 50දී කඩුලු 7ට 340යි  – (නිශාන් මධුෂ්ක 174, ධනංජය ද සිල්වා 59, පවන් සංදේශ් 44, අංජල බණ්ඩාර 16, චමිඳු විජේසිංහ 13, ළහිරු මධුශංක 59/4, දුලාජ් සමුදිත 75/2යි)

බ්ලුම්ෆීල්ඩ් පන්දුවාර 46.2දී සියල්ල දැවී 206යි – (නිපුන් කරුණානායක 51, මිනෙත් ප්‍රේමරත්න 51, ළහිරු මධුශංක 29, තරිඳ ගුරුගේ නොදැවී 22, දුලාජ් සමුදිත 21, අසිත වන්නිනායක 13, විශ්ව ප්‍රනාන්දු 25/3, චමිඳු විජේසිංහ 27/2, සිතුම් විහංග 47/2යි)

  • කුරුණෑගල තරුණ ලකුණු 42කින් නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායම පරාජය කරයි

 වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කුරුණෑගල තරුණ කණ්ඩායමේ අංක පහ පිතිකරු ගයන වීරසිංහ පන්දු 77ක දී හතරේ පහර හයක් සමග ලකුණු 53ක් රැස්කර තරගයේ එකම අර්ධ ශතකය වාර්තා කළේය.

 කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය සියල්ල දැවී 173යි (පන්දුවාර 44.4යි) – (ගයන වීරසිංහ 53, අමේෂ් තෙන්නකෝන් 34, වතිල උදාර නොදැවී 24, රශ්මික මධුශංක 13, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 10, කවික දිල්ෂාන් 44/3, තිලකරත්න සම්පත් 18/2, මියුරු හෙෂාන් 23/2, රාහුල් ගුණසේකර 35/2)

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායම පන්දුවාර 38.3ක දී සියල්ල දැවී 131යි – (කෙවින් පෙරේරා 49, අක්රම් මුතාලිබ් 20, දසිත් මංචනායක 20, දිනුක තෙන්නකෝන් 36/3, වතිල උදාර 30/3, ගයන වීරසිංහ 17/2යි)

  • මුවර්ස් කඩුලු තුනකින් බී.ආර්.සී. පරාජය කරයි

 බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු අතර තියුණු තරගයකින් පසුව මුවර්ස් ජය ගත්තේ කඩුලු තුනකිනි.

මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් ලකුණු 31කට කඩුලු හතරක් ද බී.ආර්.සී. කණ්ඩායමේ ශෂික දුල්ෂාන් ලකුණු 41කට කඩුලු හතරක් ද දවාලමින් පන්දු යැවීමේ දී කැපී පෙනුණි.

 බී.ආර්.සී. සියල්ල දැවී 126යි (පන්දුවාර 31.2යි) – (ගජිත කොටුවේගොඩ 53, යසිරු රුද්‍රිගෝ 25, දිනරු අබේවික්‍රම 20, රමේෂ් මෙන්ඩිස් 31/4, හිවින් කෙනුල 18/3යි)

මුවර්ස් පන්දුවාර 24.4ක දී කඩුලු 7ට 130 – (ජනිෂ්ක පෙරේරා 31, සධීර සමරවික්‍රම 24, රවිෂාන් ද සිල්වා 21, රමේෂ් මෙන්ඩිස් 14, ලසිත් අබේරත්න නොදැවී 11, ශෂික දුල්ෂාන් 41/4, මොවින් සුබසිංහ 13/3යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee