slc
logo
Home   |    News
ජූලි 2, 2025
මිලාන් රත්නායකට එක්දින වරම් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ප්‍රතිවාදීන්ව පීඩනයට ලක් කිරීමේ අරමුණ ඇතිව කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව අද තරගයේදී මිලාන් වේග  පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායට එක්දින වරම් දිනා දෙමින් අවතීර්ණව සිටියි. මිලාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් 217 වැනි ක්‍රීඩකයා වන අතර ඔහුට එක්දින වරම් හිමිවීම වෙනුවෙන් සංඛේතාත්මකව පිරිනැමෙන හිස් වැස්ම ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා විසින් පිරිනමන ල දී.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායාම ආරම්භක පිතිකරුවකු වන පර්වේස් හොසනේ එමෝන් සහ වමතින් දඟ පන්දු යවන තන්වීර් ඉස්ලාම් ට එක්දින වරම් දිනා දෙමින් තරගයට අවතීර්ණව සිටිති. මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙුවෙන් මීට පෙර ටෙස්ට් තරග 5 කට ක්‍රීඩා කර තිබේ. බංග්ලාදේශ්‍ය වෙනුවෙන් මංගල වරම් දිනාගත් ක්‍රීඩකයින් දෙදෙනා මීට පෙර විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී සිය රට නියෝජනය කර තිබේ.

පූර්විකාවේ සඳහන් කළ පරිදි අසලංකගේ අදහස එය වුවත් තම පළමු එක්දින තරගයට නායකත්වය ලබා දෙන මෙහෙදි හසන් මිරාස් සඳහන් කර සිටින්නේ පස්වරු කාලයේ පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පින්නෛන් බාධා ඇතිවිය හැකි වන බවයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදුකරන ලද පෙරපුහුණුවීම් වලදී මේ බව දැක ගත හැකි වූ බවද බංග්ලාදේශ නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. පැතුම් නිස්සංක, 2. නිශාන් මදුෂ්ක, 3. කුසල් මෙන්ඩිස්, 4. කමිඳු මෙන්ඩිස්, 5. චරිත් අසලංක, 6. ජනිත් ලියනගේ, 7. වනිඳු හසරංග, 8. මිලාන් රත්නායක, 9. මහීෂ් තීක්ෂණ, 10. අසිත ප්‍රනාන්දු, 11. එෂාන් මාලිංග.

බංග්ලාදේශ කණ්ඩායම – 1. ටන්සිඩ් හසන්, 2. පර්වේස් හොසේන්, 3. නස්මුල් හොසේන් ෂැන්ටෝ, 4. ලිටන් දාස්, 5. ටව්හිඩ් රිඩෝයි, 6. මෙහෙදි හසන් මිරාස් (නායක), 7. ජේකර් අලී, 8. ටන්සිම් හසන්, 9. ටස්කින් අහමඩ්, 10. ටන්වීර් ඉස්ලාම්, 11. මුස්ටෆිසූර් රෙහ්මාන්.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee