ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ එක්දින ප්රධානම ක්රිකට් තරගාවලියේ අවසන්න මහ තරගය මේ මස 30 වැනි බදාදා සී.සී.සී. සහ පොලීස් කණ්ඩායම් අතර කණ්ඩායම් අතර පැවැත්වේ. මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම අවසන් මහ තරගය දිවා/රාත්රී තරගයක් ලෙසින් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.
ප්රථම අවසන් පූර්ව තරගයේදී පොලිස් කණ්ඩායම විසින් කෝල්ට්ස් ක්රීඩා සමසාජයද, දෙවැනි අවසන් පූර්ව තරගයේ දී සී.සී.සී. පිල ටැමිල් යුනියන් කණ්ඩායම ද පරාජයට පත් කරමින් අවසන් මහ තරග වරම දිනා ගත්හ.
ප්රධානම අන්තර් සමාජ 14ක සහභාගිත්වයෙන් මේ තරගාවලිය ජූනි 27 වැනිදා ආරම්භ වුයේ ‘ඒ‘ සහ ‘බී‘ යනුවෙන් කොටස් දෙකකට කණ්ඩායම් හත බැගින් සහභාගි කරවමිනි.
‘ඒ ‘ කොටසේ ප්රථම ස්ථානය ශ්රී ලංකා පොලීසිය ද ‘බී‘ කොටසේ ප්රථම ස්ථානය සී.සී.සී. කණ්ඩායම ද හිමිකර ගන්නා ලදී. මූලික වටයේ දී පොලීසිය ‘ඒ‘ කොටසේ දී තරග හයකට සහභාගි වී තරග පහක් ජයගෙන තරගයක් පරාජය වී ලකුණු දහයක් හිමිකර ගත් අතර සී.සී.සී. කණ්ඩායම ද ‘බී‘ කොටසේ දී මූලික වටයේ තරග හයකට සහභාගි වී තරග පහක් ජයගෙන තරගයක් පරාජය වී ලකුණු දහයක් ලැබීය.
ප්රථම අවසාන පූර්ව තරගයේ දී කෝල්ට්ස් රැස් කළ ලකුණු 143 පිළිතුරු ලෙස පොලීසිය කඩුලු හයකට ලකුණු 144ක් රැස්කර කඩුලු හතරක ජයක් ලැබීය. දෙවන අවසාන පූර්ව තරගයේ දී සී.සී.සී. කඩුලු 7කට රැස් කළ ලකුණු 309ට පිළිතුරු ලෙස ටැමිල් යුනියන් පන්දුවාර 41.1ක දී සියල්ල දැවී රැස් කළේ ලකුණු 241කි.
අවසාන තරගයට සහභාගි වන කණ්ඩායම් මෙසේය.
සී.සී.සී. – නිශාන් මධුෂ්ක, ලසිත් කෘෘස්පුල්ලේ, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, සොනල් දිනුෂ (නායක) සහන් කෝසල, චමිඳු විජේසිංහ, නිශාන් පීරිස්, විශ්ව ප්රනාන්දු සහ නුවන් තුෂාර
පොලීසිය – ධනුජ ඉඳුවර, නදීර බාලසූරිය, කුසල් පෙරේරා, විෂාඩ් රන්දික, අෂේන් බණ්ඩාර (නායක) ප්රියමල් පෙරේරා, ජේසන් ප්රනාන්දු, නවීන් ප්රනාන්දු, දිලුම් සුධීර, චාරුක ප්රමෝද් සහ නලින් ප්රියදර්ශන
තරග විනිසුරුවන් – ප්රගීත් රඹුක්වැල්ල සහ රුචිර පල්ලියගුරු
තරග තීරක – වෙන්ඩල් ලැබ්රෝයි.




