slc
logo
Home   |    News
ජූලි 14, 2025
ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ කඩුලු 4 කට ලකුණු 241 ක් ලබා සංචාරක පිලට ප්‍රභල පිළිතුරක් ලබා දෙමින් සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 272 අභිබවා යෑමට සත්කාරක පිලට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 31 ක් පමණි.

දෙවැනි දින උදෑසන තම පළමු ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුනු 34 දී නවතාලීමට ප්‍ර මෝද් මදුෂාන් සමත්වූවේය. කමිල් මිශාර උඩපන්දුවක් රැක ගැනීම නිසා කැම්බෙල් කෙලවේ දැවී ගියේ ලකුණු 13 ක් ලබා සිටියදීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දෙමින් ශතකයක් රැස් කිරීමට සමත් වූ සොනාල් දිනූෂ අද පන්දු යැවීමෙන්ද ඔස්ට්‍රේලියානු තෙවැනි සහ සිව්වැනි කඩුලු දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූවේය. ඔහුගේ පළමු ගොදුර ලෙසින් කර්ටිස් පැටර්සන් ද දෙවැන්න ලෙසින් ජේසන් සංඝාවද සොනාල් දවා ගනු ලබන්නේ ඔහු ලකුණු ලබා ගැනීමට පෙරමය.

කෙසේ වෙතත් පස්වැනි කඩුල්ලට එක්වුණු නේතන් මැක්ස්වීන සහ ලියම් ස්කොට් ලකුණු 114 ක සම්බන්ධතාවක් එක් කරමින් ඔස්ට්‍රේලියානු ඒ පිල ස්ථාවරත්වයකට රැගෙන ඒමෙ ප්‍රධාන අඩිතාලම එක් කළහ. මන්දගාමී ලෙසින් පන්දුවට පහර දුන් මැක්ස්වීනි පන්දු 219 කට මුහුණ දෙමින් ලකුණු 94 ක් ලබා සිටින්නේ ඉන් ලකුණු 24 ක් පමණක් හතරේ පහර එල්ල කරමින් ලබාගනිමිනි. ඔහුගේ සහායකයා වන ලියම් ස්කොට් පන්දු 117 කදී ලකුණු 52 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 82 කදී ලකුණු 272 යි – (නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳූ සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ 105, විශාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, ලියම් ස්කොට් 27/2, හෙන්රි තෝර්ට්න් 31/2, නේතන් මැක්ස්වීනි 51/2)

ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම  පන්දුවාර 87 කදී කඩුලු 4 කට ලකුණු 241 යි – (ජේක් වෙදර්ල්ඩ් 54, නේතන් මැක්ස්වීන් 94, ලියම් ස්කොට් 52*, සොනාල් දිනූෂ 44/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee