slc
logo
Home   |    News
ජූලි 27, 2025
ටැමිල් යුනියන් පරදා සී. සී. සී. අවසන් මහ සටනට

sinhala editor

සොනාල් දිනූෂ නහ පවන් රත්නායකගේ අර්ධ ශතකත්, කමිඳු මෙන්ඩිස්ගේ පන්දු යැවීමත් නිසා අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 68 ක ජයක් වාර්තා  කළ සී. සී. සී. කණ්ඩායම එම අවසන් මහ තරග වරම දිනා ගැනීමට අද (27 දා) රාත්‍රියේදී සමත්විය. ඒ අනුව ඔවුන් මේ මස 29 වැනිදා පොලිස් කණ්ඩායමට එරෙහිව අදාළ අවසන් මහ තරගයේදී තම ක්‍රීඩා සමාජ පිටියේදීම මුණ ගැසෙනු ඇත.

කොළඹ සී. සී. සී. පිටියේ විදුලි ආලෝක මධ්‍යයේ පැවැති මෙම තරගයේදී ලකුණු  310 ක ඉලක්කයක් හඹා යමින් සිටි ටැමිල් යුනියන් කණ්ඩායම පන්දු 75 කදී ලකුණු 76 ක් ලබා ගනිමින් සිතාර හපුහින්න ලබා දුන් වේගවත් ආරම්භයත් සමග ලකුණු හඹා ගිය ටැමිල් යුනියන් පිතිකරුවෝ 27 වැනි පන්දුවාරය වන විට කඩුලු 3 කට ලකුණු 164 ක් වශයෙන් ප්‍රභල තත්ත්වයක පසුවූයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් දළ ලකුණු වේගයක් රඳවා ගනිමිනි. කමිඳු මෙන්ඩිස්ගේ තෙවැනි පන්දුවාරය යැවීමට පෙර ටැමිල් යුනියන් කණ්ඩායමට අවශ්‍යව පැවැතියේ පන්දු 144 කදී ලකුණු 148 ක් වන අතර ඒ සඳහා කඩුලු 7 ක් ඔවුන් සතුව පැවැතිණ.

එම අවස්ථාවේදී කඩුල්ලේ වඩාත් ස්ථාවරව සිටි ශරුජන් ශන්මුගනාතන් විසින් සීමා ඉරෙන් ඉදිරියට එල්ල කරන ලද පහර වැරදී යෑම නිසා එය ධනංජය ද සිල්වා විසින් රැක ගැන්ම නිසා ටැමිල් යුනියන් ඉනිමට කණ කොකා හැඬීම ඇරැඹිණ. එම පන්දු වාරයේදීම ශරුජන් සමඟ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි විහස් තෙව්මිකවද ධනංජය ද සිල්වාගේ සහාය ඇතිව දුවද්දී දවා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්වීම නිසා ප්‍රතිවාදීන් නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන්නේය.

එතැනින් නොනැවතුණු දකුණත් පන්දු යවන්නා වූ කමිඳු අනතුරුව පිටියට පිවිිස සචිත ජයතිලකව පළමු පන්දුවෙන්ද ළහිරු සමරකෝන්ව (06) දවා ගනිමින් ටැමිල් යුනියන් පිලට ජය මාවත විවර කර දුන්නේය. තරගය නිමා වන විට කමිඳුගේ පන්දුයැවීම සටහන් වූයේ පන්දුවාර 10 කදී ලකුණු 43 කට කඩුලු 4 ක් වශයෙනි.

සිව්වැනි කඩුල්ල දැවී යෑමෙන් පසුව භානුක රාජපක්ෂ පිටියේ රැදී සිටිමින් වේගවත් පහර එල්ල කොට සිය කණ්ඩායම ගොඩ ගැනීම වෙනුවෙන් අසීරු රාජකාරියක නිරත වූවේය. ඒ අතර නුවන් තුෂාර විසින් එවන ලද ෆ්‍රී හිට් පන්දුවට එල්ල කරන ලද මනරම් වූ හයේ පහරද කලකට මතකයන් අමතක නොවන්නක් විය. කෙසේ වෙතත් නුවන් තුෂාරගේ කෙටි පන්දුවකට පහරක් එල්ල කිරීමට යෑමේදී ලසිත් කෘෘස්පුල්ලේ විසින් එය රැක ගැනීම නිසා භානුකගේ ඉනිම ලකුණු 31 කදී නිමාවට පත්විය.

කාසියේ වාසිය දිනූ ටැමිල් යුනියන් කණ්ඩායම පන්දු යැවීම තෝරා ගත් අතර එය සාර්ථක බව ඔවුහු පෙන්නුම් කරන ලද්දේ ලසිත් කෘෘස්පල්ලේ සහ ධනංජය ද සිල්වාගේ කඩුලු මුලු ලකුණු සංඛ්‍යාව 36 ක් ව තිබියදී දවා ගැනීමට සමත්වීම නිසාය. 20 වැනි පන්දුවාරය වන විට කමිඳු මෙන්ඩිස්ද දැවී යන විට සී. සී. සී. ලකුණු පුවරුව කියැවැණේ ලකුණු 99 කට කඩුලු 4 ක් ලෙසිනි.

කෙසේ වෙතත් පිටියට එක් වූ සී. සී. සී. නායක සොනාල් දිනූෂ සහ පවන් රත්නායක දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 86 ක් ද 6 වැනි කඩුල්ල වෙනුවෙන් සහන් කෝසල සමග එක්ව පන්දු 64 කදී ලකුණු 73 ක්ද එක් කරමින් සී. සී. සී. ලකුණු පුවරුව ලකුණු 300 ඔබ්බට රැගෙන ගියහ. ඒ අනුව 50 වැනි පස්දුවාරයේදී සොනාල් සහ නිශාන් පීරිස් නොදැවුණු පිතිකරුවන් ලෙසින් යළිත් ක්‍රීඩාගාරයට පිවිසෙද්දී සී. සී. සී. පිල කඩුලු 7 කට ලකුණු 309 ක් ලබා ගෙන සිටියේය.

මෙහිදී පන්දු 75 කට මුහුණ දුන් පවන් රත්නායක ලබා ගත් ලකුනු 63 සඳහා හේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් එල් ලකර තිබුණේය. ඉනිම අවසන් වන තෙක්ම නායකත්වයේ ඉනිමක් දියත් කරමින් සිටි සොනාල් දිනූෂ පන්දු හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් ද සමගින් පන්දු 71 කදී ලකුණු 83 ක් ලබා ගෙන සිටියේය. ඔහු අනගි සහායක් ලබා දුන් සහන් කෝසල ලකුණු 48 ක් ලබා ගත්තේය.

සී. සී. සී. කණ්ඩායම  පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 309 යි – (සොනාල් දිනූෂ 83*, නිශාන් පීරිස් 14*, නිශාන් මදුෂ්ක 36, ධනංජය ද සිල්වා 14, කමිඳු මෙන්ඩිස් 26, පවන් රත්නායක 63, සහන් කෝසල 48, ළහිරු සමරකෝන් 46/2, විජයකාන්ත් වියස්කාන්ත් 52/4)

ටැමිල් යුනියන් පිල පන්දුවාර 41.1 කදී සියලු දෙනා දැවී ලකුණු 241 යි – (සිතාර හපුහින්න 76, සිනෙත් ජයවර්ධන 19, ශරුජන් ශන්මුගනාදන් 56, විහස් තෙව්මික 15, භානුක රාජපක්ෂ 31, විජයකාන්ත් වියස්කාන්ත් 14, තරිඳු රත්නායක 12, කමිඳු මෙන්ඩිස් 43/4, විශ්ව ප්‍රනාන්දු 40/2, නුවන් තුසාර 41/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee