slc
logo
Home   |    News
ජූලි 31, 2025
පානදුර කාන්තා පිලට ලකුණු 29ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 29ක ජයක් වාර්තා කළේය. කොළඹ ක්‍රිකට් සමාජය සමඟ පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්  පානදුර ක්‍රීඩා සමාජ කාන්තා පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 223ක් ලබාගත් අතර,  කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩිකාවෝ ඕවර් 45. 5කදී සියලු දෙනා ලකුණු 194කට දැවී ගියහ.

කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩිකාවෝ අසරණ කළ යසන්ති හේරත් ලකුණු 30කට කඩුලු 3ක් හා සඳලි වීරසිංහ ලකුණු 26කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූහ. එහෙත් ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න ලකුණු 24ක්, යශෝධා ‍සේනාරත්න ලකුණු 38ක් හා කෞෂණී නුත්‍යාංගනී ලකුණු 35ක් කොළඹ ක්‍රිකට් සමාජ පිල වෙනුවෙන් ලබා ගත්හ.

පානදුර ක්‍රීඩා සමාජ පිලේ මුල් කඩුලු 3ක් ලකුණු 43කට දැවීගොස් තිබියදී පිටියට එක්වූ නායිකා පියුමි වත්සලා පන්දු 79කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 74ක් ලබා ගැනීම පානදුර පිලට විශාල වාසියක් විය. පියුමි හා අමාදී විජේසිංහ පස්වැනි කඩුල්ලට පන්දු 126කදී ලකුණු 80ක් එක්කළ අතර, අමාදී පන්දු 69කදී හත‍රේ පහර 4ක් සමඟ ලකුණු 36ක් ලබා ගත්තාය.

පියුමි හා රශ්මිකා සෙව්වන්දි හය වැනි කඩුල්ලට පන්දු 21කදී ලකුණු 27ක් ලබාගත් අතර, රශ්මිකා ඉනිම නිමාවෙද්දී නොදැවී ලකුණු 42ක් ලබා සිටියාය. කොළඹ ක්‍රිකට් සමාජ පිලේ නෙත්මි විදුෂිකා ලකුණු 60කට කඩුලු 4ක් බිදහෙළූ අතර, සවිඳි කුරේ ලකුණු 35කට කඩුලු 3ක් බිඳහෙලා ගත්තාය.

පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 223 (49.4)

අශිනි කෞෂල්‍යා 20, පියුමි වත්සලා 74, අමාදී විජේසිංහ 36, රශ්මිකා සෙව්වන්දි නොදැවී 42, අතිරේක 18 (නෙත්මි විදුෂිකා 60/4, සවිඳි කුරේ 35/3)

කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 194 (45.5)

විශ්මි ගුණරත්න 24, යශෝධා ‍සේනාරත්න 38, කෞෂණී නුත්‍යාංගනී 35, ලිමී තිලකරත්න 19, සවිඳි කුරේ 15, නෙත්මි ගුණරත්න 17 (යසන්ති හේරත් 30/3, සඳලි වීරසිංහ 26/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee