ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සමත්විය. පානදුර මජහන ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹා ගිය පානදුර ක්‍රීඩා සමාාජයට පන්දුවාර 41.2 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 302 ක් පමණි.
මෙම තරගයේදී ඒස් කැප්ටලන් ජයග්‍රහනය වෙනුවෙන් මුල් වූ රනේෂ් සිල්වා පන්දු 92 කට මුහුණ දී ලකුණු 121 ක් රැස් කරමින් පිත්තෙන් කැපී පෙනුණේය. හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් රනේෂ් රැස් කරන ලද ශතකය මෙදින පැවැති තරගවලදී වාර්තා වුණු එකම ශතකය විය.
මෙහිදී පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් විෂේන් හැළඹගේ පන්දු 25ක දී හතරේ හතක් හයේ පහක් සමග ලකුණු 67ක් ද නායක දුෂාන් හේමන්ත පන්දු 24ක දී හතරේ පහක් හයේ තුනක් සමග ලකුණු 47ක් ද රැස් කළහ.
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් සහ බී.ආර්.සී. අතර තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 115කින් ජය ලැබීය. කෝල්ට්ස් වෙනුවෙන් වැඩිම ලකුණු ලැබීමේ දායකත්වය සැපයු ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 44කට මුහුණ දී හතරේ පහරක් හයේ පහර තුනක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 45 ක් විය.
මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මුවර්ස් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජ තරගයේ දී මුවර්ස් නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 37ක දී හතරේ හතක් හයේ පහරක් සමග ලකුණු 37ක් රැස් කරමින් සහ ලකුණු 18කට කඩුලු දෙකක් දවා කණ්ඩායම ලැබු කඩුලු හයක ජයග්‍රහණයට වැඩිම දායකත්වය දැක්වීය.
මෙදින එන්.සී.සී., ටැමිල් යුනියන්, ඒස් කැපිටල්, සී.සී.සී., කෝල්ට්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.
ඒස් කැපිටල් පන්දුවාර 50දී කඩුලු 7ට 312යි – (රනේෂ් සිල්වා 121, තානුක රාජපක්ෂ 40, තීරක රණතුංග 35, විනුෂ්ක සිල්වා නොදැවී 32, නිමේෂ ගුණසිංහ 20, දනාල් හේමානන්ද 19, දුෂාන් හේමන්ත 65/4, කමලනාදන් දිනේෂංකර් 28/2, නිමේෂ් විමුක්ති 46/1)
පාණදුර පන්දුවාර 41.2දී සියල්ල දැවී 302 – (විෂේන් හැළඹගේ 67, දුෂාන් හේමන්ත 47, නිමේෂ් විමුක්ති 38, නිසල තාරක 37, කාංචන ඩි ලිවේරා 30, මලින්ත සිල්වා 25, සළිඳු මල්ෂාන් 21, ඕෂද ප්‍රනාන්දු 18, දනාල් හේමානන්ද 40/2, රවීන් ද සිල්වා 40/2, ට්‍රවීන් මැතිව් 60/2)
එන්.සී.සී. ලකුණු 46කින් ජය ගනියි
එන්.සී.සී. පන්දුවාර 49.2දී සියල්ල දැවී 238 – (කෙවින් බණ්ඩාර 48, රමිරු පෙරේරා 41, ජීවක ශෂින් 36, අෂේන් ඩැනියල් 32, අහන් වික්‍රමසිංහ 22, ඉරුෂ්ක තිමිර 24/4, මෙලාන් හංසක 39/2)
හලාවත මේරියන්ස් පන්දුවාර 46.4ක දී සියල්ල දැවී 192යි – (සකුන ලියනගේ 68, ෂම්මු අෂාන් 26, නිම්සර අතරගල්ල 21, තරුෂ්ක තිමිර 17, තරිඳු අමරසිංහ 16, ලසිත් ඇඹුල්දෙණිය 53/3, සහන් ආරච්චිගේ 22/2)
ටැමිල් යුනියන්ට ලකුණු 75ක ජයක්
ටැමිල් යුනියන් කණ්ඩායමේ අංක පහ පිතිකරු 19 හැවිරිදි ෂරුජන් ෂන්මුගනාදන් පන්දු 75ක දී හතරේ පහර හතරක් සමග ලකුණු 53ක් රැස් කිරීමත් මේ කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 38කට කඩුලු තුනක් ද සචිත ජයතිලක සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු දෙක බැගින් දවාලීම හේතුවෙන් ටැමිල් යුනියන් කණ්ඩායමට ලකුණු 75ක පහසු ජයක් අත්විණි.
ටැමිල් යුනියන් පන්දුවාර 48.5 දී සියල්ල දැවී 209යි – (ෂරුජන් ෂන්මුගනාදන් 53, ඊස්වර දිසානායක 41, මිනෝද් භානුක 36, ළහිරු සමරකෝන් 20, සෙනල් ද සිල්වා 39/3, කේසර නුවන්ත 38/2, රුචිර කෝසිත 28/2)
බදුරලිය පන්දුවාර 48.2 දී සියල්ල දැවී 134 – (දිල්ෂාන් ද සොයිසා 46, මානස මධුෂාන් 31, අලංකාර අසලංක 15, තීෂාන් විතුෂාන් 38/3, සචිත ජයතිලක 22/2, විජයකාන්ත් වියස්කාන්ත් 25/2)
සී.සී.සී. කඩුලු හයකින් ජය ගනියි
සී.සී.සී. ලකුණු 191ක ජයග්‍රහණ ඉලක්කයක් කරා හඹායද්දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවකු වන නිශාන් මධුෂ්ක සී.සී.සී. වෙනුවෙන් පන්දු 108ක දී හතරේ පහර අටක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 76ක් රැස් කරමින් නැවත ලකුණු අතරට පිවිසෙනු දක්නට ලැබිණි. මීට අමතරව සී.සී.සී. වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දු ලකුණු 17කට කඩුලු තුනක් ද ඉනුක කරන්නාගොඩ ලකුණු 44කට කඩුලු තුනක් ද දවාලුහ.
කුරුණෑගල තරුණ වෙනුවෙන් වතිල උදාර ලකුණු 52ක් රැස් කළේ පන්දු 78ක දී හතරේ පහර පහක් සමගය.
කුරුණෑගල තරුණ පන්දුවාර 50දී සියල්ල දැවී 109යි – (වතිල උදාර 52, තරිඳ විජේසිංහ 21, දිනුක තෙන්නකෝන් නොදැවී 21, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 20, අරවින්ද ප්‍රේමරත්න 19, රශ්මික මධුශංක 17, විශ්ව ප්‍රනාන්දු 17/3, ඉනුක කරන්නාගොඩ 44/3, ධනංජය ද සිල්වා 24/2)
සී.සී.සී. පන්දුවාර 34.3ක දී කඩුලු 4ට 194යි – (නිශාන් මධුෂ්ක නොදැවී 76, පවන් සංදේශ් නොදැවී 26, ධනංජය ද සිල්වා 25, ලසිත් කෘස්පුල්ලේ 21, අංජල බණ්ඩාර 20, ගයාන් වීරසිංහ 17/1, දේශාන් සෙනෙවිරත්න 23/1)
කෝල්ට්ස් පිලට ලකුණු 115 ක ජයක්
කෝල්ට්ස් පන්දුවාර 46.2ක දී රැස් කළ ලකුණු 238ට පිළිතුරු ලෙස බී.ආර්.සී. පන්දුවාර 32.3ක දී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 123කි. කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ය. මැතිව්ස් පන්දු 44ක දී හතරේ පහරක් හයේ පහර තුනක් සමග ලකුණු 45ක් ලැබීය.
බී.ආර්.සී. පන්දුවට පහරදෙන අවස්ථාවේ කෝල්ට්ස් කණ්ඩායමේ 24 හැවිරිදි වමතින් දඟපන්දු යවන මුදිත ලක්ෂාන් ලකුණු 34කට කඩුලු හයක් බිඳ දැමීමෙන් බී.ආර්.සී. ඉනිම ලකුණු 123කට සීමා විණි. මුදිත ලක්ෂාන් පන්දුවට පහර දෙන විට පන්දු 28ක දී හතරේ හතරක් හයේ පහර දෙකක් සමග ලකුණු 37ක් රැස් කළේය.
කෝල්ට්ස් පන්දුවාර 46.3ක දී සියල්ල දැවී 238යි – (ඇන්ජලෝ මැතිව්ස් 45, මුදිත ලක්ෂාන් 37, සංගීත් කුරේ 34, කවිෂ්ක අංජුල 23, සනෝජ් දර්ශික 24, ධනංජය ලක්ෂාන් 21, කවිජ ගමගේ 15, චාමික හීනටිගල 30/4, මුවින් අබිනාෂ් 26/2)
බී.ආර්.සී. සියල්ල දැවී 123යි (පන්දුවාර 32.3) – (යසිරු රුද්‍රිගෝ නොදැවී 32, දිනුරු අබේවික්‍රම 17, ගජිත කොටුවේගොඩ 16, මොවින් සුබසිංහ 14, මුදිත ලක්ෂාන් 34/6, දිල්ෂාන් මධුශංක 27/2)
මුවර්ස් කඩුලු හයකින් ජය ගනී
මුවර්ස් කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් මේ තරගයේ දී පන්දු 37කට මුහුණ දී හතරේ හතරක් හයේ පහරක් සමග ලකුණු 37ක් රැස් කරමින් සහ පන්දු යැවීමේ දී ලකුණු 18කට කඩුලු දෙකක් දවාලමින් තුන් ඉරියව්වේම දස්කම් පෑවේය.
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පන්දුවාර 33.4ක දී සියල්ල දැවී 132යි – (පැතුම් කුමාර 59, කෙවින් පෙරේරා 20, අක්රම් මුතාලිබ් 14, කවික දිල්ෂාන් 13, හිවින් කෙනුල 29/3, මිලාන් රත්නායක 29/2, රමේෂ් මෙන්ඩිස් 18/2, ප්‍රවීන් ජයවික්‍රම 26/2)
මුවර්ස් පන්දුවාර 26ක දී කඩුලු 4ට 135යි – (සධීර සමරවික්‍රම නොදැවී 41, රමේෂ් මෙන්ඩිස් 37, සිතාර ගිම්හාන 28, ඔමේෂ් මෙන්ඩිස් 12, රාහුල් ගුණසේකර 4/2)






