වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි 3 ක් වෙනුවෙන් ක්‍රිකට් පන්දු සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන සුපර් ප්‍රිමියර්, ප්‍රිමියර් ලීග් සහ ‘සී‘ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලි 3 සඳහා ක්‍රිකට් පන්දු 622 ක් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වෙත පිරිනමනු ලැබීය.
කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් මේ වන විටත් ‘සී‘ කොටසේ ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනු ලබන අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත සුපර් ප්‍රිමියර් සහ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මේ වන විටත් කණ්ඩායම් 10 ක් ඇතුළත්ව සිටිති. සුපර් ප්‍රිමියර් තරගාවලිය සැප්තැම්බර් මස සිට නොවැම්බර් දක්වා වන කාලයේදී පැවැත්වෙන අතර වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන ජූලි මස සිට සැප්තැම්බර් දක්වා වන කාල සීමාවේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වසර සඳහා අවශ්‍ය ක්‍රිකට් පන්දු තොගය වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් මහතා වෙත භාර දෙන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත් 2017 වසරේ සිටම වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන ඔවුන්ගේ ඉහළම ක්‍රිකට් තරගාවලි ත්‍රිත්වය සඳහා අවශ්‍ය ක්‍රිකට් පන්දු ලබාදෙමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට රැගෙන ඒම වෙනුවෙන් සිය යුතුකම් කොටස ඉටු කරමින් සිටියි.
ම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් බන්දුල දිසානායක, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් යන මහත්වරුන් දෙපළට අමතරව වෙළෙඳ සේවා සංගමයේ ලේකම් රොෂාන් සෝමවංශ සහ එම උප භාණ්ඩාගාරික සහ අනුග්‍රාහක කමිටු සභාපති හසිත දසනායක යන මහත්වරුද සහභාගිව සිටියහ.






