slc
logo
Home   |    News
අගෝස්තු 4, 2025
බඳුරලිය කාන්තා පිලට ලකුණු 158ක පහසු ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල හා ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල අතර තරග‍යෙන් ලකුණු 158ක පහසු ජයක් බඳුරලිය ක්‍රිකට් පිල වාර්තා කළේය.

මෙවර තරගාවලියේ තරග 4කට සහභාගිවූ බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල සිය පළමු ජය වාර්තා කළ අතර, ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල මෙතෙක් සහභාගිවූ තරග හතරම පරාජයට පත්ව සිටී.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට බඳුරලිය ක්‍රීඩිකාවන්ට ආරාධනා ක‍ළ හෙයින් බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 209ක් රැස් කළ අතර, ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා ලකුණු 51කට දැවී ගියහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හිරුණිකා නිවරතනී ලකුණු 25කට කඩුලු 7ක් බිඳහෙලා මෙවර තරගාවලියේ පන්දු යවන ක්‍රීඩිකාවක් මෙතෙක් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූවාය. මෙහිදී පන්දුවාර 9.3 ක් යැවූ හිරුණිකා එක් නිලකුණු පන්දු වාරයක්ද සමගින් ලකුනු 25 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්වූවාය. රත්ගම දේවපතිරාජ විදුහල නියෝජනය කරනු ලබන හිරුණිකා, වමතින් දඟ පන්දු යවන්නීය. අනෙක් අන්තයෙන් පන්දු යැවූ සෙව්මිණි සසිකලා ලකුණු 14කට කඩුලු 3ක් බිඳහෙලීය.

බඳුරලිය පිලේ උමයංගනා පීරිස් පන්දු 74කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 52ක් ලබාගත් අතර, එය බඳුරලිය ක්‍රීඩිකාවක් මෙවර තරගාවලි‍යේ වාර්තා කළ පළමු අර්ධ ශතකය වූවාය. ආරම්භක පිතිකාරිණියන් වූ උමයංගනා පීරිස් හා ඉරේෂා දමයන්ති පළමු කඩුල්ලට පන්දු 42කදී ලකුණු 33ක් එක්කළ අතර, තෙවැනි කඩුල්ලට උමයංගනා හා දිල්ෂානි කුමාරසිරි පන්දු 92කදී ලකුණු 53ක සබඳතාවක් ගොඩනැගූහ. අංක 7 පිතිකාරිණිය ‍ලෙස පිටියට පිවිසි හිරුණි හංසිකා පන්දු 43කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 39ක් ලබා ගැනීම කැපී පෙණුනි.

ඒස් කැපිටල් පිලේ පළමු කඩුලු දෙකම ලකුණු 16ක් වෙද්දී දැවීගිය අතර, මුල් කඩුලු 5ක් ලකුණු 31ක් වෙද්දී දැවීගොස් දැඩි අසීරුතාවට පත් විය. ඒස් කැපිටල් පිලට තවත් ලකුණු 20ක් එක්වෙද්දී සියලු දෙනා දැවී ගියහ.

බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 209 (49)

ඉරේෂා දමයන්ති 11, උමයංගනා පීරිස් 52, දිල්සාරා කුමාරසිරි 33, රශ්මි නේත්‍රාංජලී 20, විහාරා සෙව්වන්දි 12, හිරුණි හංසිකා 39, අතිරේක 25 (මල්ෂා මධුෂානි 23/2, සුගන්ධිකා පතිරණ 32/3 ) 

ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 51 (21.3)

මල්ෂා මධුෂානි 10, ලිහංසා දුල්මි ද සිල්වා 10, ජනාදි අනලී 10 (හිරුණිකා නිවරතනී 25/7, සෙව්මිණි සසිකලා 14/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee