slc
logo
Home   |    News
අගෝස්තු 18, 2025
කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල දිනා ගත්තේය. හංසිමා කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල මෙවර තරගාවලියේ සහභාගිවූ තරග සියල්ල (තරග 9) ජයගෙන ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටීමට සමත් විය.

පසුගිය වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ශූරියන් බවට පත්ව සිටි හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල මෙවර අනු ශූරියන් බවට පත් වූ අතර, ඔවුන් සහභාගිවූ තරග 9න් තරග 8ක් ජයග්‍රහණය කළේය.

අද පැවැති තරගවලදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ  හසිනි පෙරේරා ලකුණු 62ක්,  කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිලේ විශ්මි ගුණරත්න 67ක්, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලේ නෙත්මි සේනාරත්න ලකුණු 65ක් හා ඉමල්කා මෙන්ඩිස් ලකුණු 57ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිලේ මල්ෂා ෂෙහානි ලකුණු 60ක් රැස් කළහ.

පන්දු යැවීමේදී හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිලේ දෙව්මි විහංගා  ලකුණු 16කට කඩුලු 5ක් හා ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ ඉනෝකා රණවීර ලකුණු 22කට කඩුලු 4ක් බිඳ හෙළූහ.

නාවික හමුදාවට ලකුණු 41ක ජයක්

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තිරණය කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක් දැවී ලකුණු 183 (50)

හසිනි පෙරේරා 62, නිලක්ෂනා සඳමිණි 33, දැහැමි ‍සෙනිත්මා 22, හංසිමා කරුණාරත්න 39, අතිරේක 13 (මල්ෂා ෂෙහානි 38/2, තාරුකා ෂෙහානි 25/2)

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 142 (45)

හිරුෂී පීරිස් 18, අයේෂා කීර්තිරත්න 26, සඳනි තිවංකා 13, මල්ෂා ෂෙහානි 60, අතිරේක 11 (ඉනෝකා රණවීර 22/4)  

හලාවත මේරියන්ස්ට ලකුණු 8ක ජයක්

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තිරණය කළේය.

හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 9කට ලකුණු 108 (29)

ඉමාෂා දුලනි 16, සචිනි නිසංසලා 32, දෙව්මි විහංගා 16, අතිරේක 20 (චේතනා විමුක්ති 20/3, යසන්ති හේරත් 11/2, පමුදි මෙත්සරා 18/3)

පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 100 ( 28.3 )

අශිනි කෞෂල්‍යා 17, දනෝද්‍යා සෙව්මිණි 17, රශ්මිකා සෙව්වන්දි 23, නවෝද්‍යා ‍නෙත්මිණි 16, අතිරේක 15 (දෙව්මි විහංගා 16/5, චමරි අතපත්තු 18/2)

කෝල්ට්ස් පිලට කඩුලු 3ක ජයක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල කඩුලු 9කට ලකුණු 117 (33)

ළිහිණි අප්සරා 30, හෝප් ද සිල්වා 10, අශිනි තලගුණේ 16, ලක්ෂි අභිමානි 15, අතිරේක 13 (නෙත්මි සංජනා 20/3, දනුලි ‍තෙන්නකෝන් 28/2, නෙත්මි උපේක්ෂා 13/2)

කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 7කට ලකුණු 120 (31.5)

එරන්දි වර්ණකුලසූරිය 30, දුලංගා දිසානායක 26, නෙත්මි උපේක්ෂා 15, හරිනි පෙරේරා නොදැවී චමෝදි දේවින්ද්‍යා 10, අතිරේක 12 (ලක්ෂි අභිමානි 15/2, අශිනි තලගුණේ 22/2)  

යුද හමුදා කාන්තාවන්ට කඩුලු 5ක ජයක්

ගාල්ල ජනරාල් බලගල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල කඩුලු 8කට ලකුණු 167 (50)

විශ්මි ගුණරත්න 67, යශෝධා සේනාරත්න 17, කෞෂනී නුත්‍යාංගනා 41, අතිරේක 18 (සුගන්ධිකා කුමාරි 37/3)

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 5කට ලකුණු 171 (47.1)

නෙත්මි සේනාරත්න 65, ඉමල්කා මෙන්ඩිස් 57, නිලක්ෂිකා සිල්වා 15,  අතිරේක 19 (නෙත්මි විඳුෂිකා 34/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee