slc
logo
Home   |    News
අගෝස්තු 14, 2025
ග්‍රීන්ස් සහ ග්‍රේස් අතර තරගයට වර්ෂාවෙන් බාධා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා විස්සයි-20 පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග වටයේ අවසන් තරගය වූ ග්‍රේස් සහ ග්‍රීන්ස් අතර අද (14 දා) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුම් රහිත විය. එම තත්ත්වය මත අද තරගය පන්දුවාර 3 කට පමණක් සීමා විය.

කාසියේ වාසිය උරගා බැලීමේදී එය තමන් සතු කර ගත් තරගාවලියේ මෙතෙක් එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටින ග්‍රීන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිත අදාළ අවසන් මහ තරගය සඳහා ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම් දෙකම සුදුසුකම් ලබා සිටින හෙයින් අද තරගයේදී දෙපිළේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් බහුතරයක් විවේක ගන්වා තිබුණි. ඒ අනුව කණ්ඩායම් දෙකේම නායකයින් වන ග්‍රේස් නායක චරිත් අසලංක මෙන්ම ග්‍රීන්ස් නායක කමිඳු මෙන්ඩිස් විවේක ගැනීම නිසා අද තරගයේදී ග්‍රේස් පිල රමේෂ් මෙන්ඩිස් විසින්ද ග්‍රීන්ස් කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින්ද මෙහයෙවනු ලැබීය.

කෙසේ වෙතත් කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව තරගය ආරම්භයට මිනිත්තු කීපයකට ඉහතදී එස්. එස්. සී. ක්‍රීඩාංගණයට වර්ෂාව කඩා පාත්වීම නිසා තරගය එක් කණ්ඩායමක් පන්දුවාර 16 කට බැගින් වන සේ පැවැත්වීමට කටයුතු යෙදිණ.

ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණි ග්‍රීන්ස් ආරම්භක පිතිකරුවන් අතරින් පළමු පන්දුවාරය යවන ලද චමිඳු වික්‍රමසිංහගෙන් ලකුණු 26 ක් උදුරා ගැනීමට කමිල් මිශාර සමත්වූවේය. පළමු පන්දු දෙකටම පිට පිට හතරේ පහර 2 කින් සංග්‍රහ කළ වමත් ආරම්භක පිතිකරුවා ඊළඟ පන්දු 4 නිමා කරන ලද්දේ 2, 6, 6, සහ 4 වශයෙන් ප්‍රහාරයට ලක් කරමිනි.

එතැනින් නොනැවතුණු කමිල් මිශාර දෙවැනි පන්දුවාරය යැවූ මිලාන් රත්නායක හමුවේද හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කිරීමට සමත්වීම නිසා දෙවැනි පන්දුවාරය අවසන් වන විට ග්‍රීන්ස් ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 37 ක් ලෙසිනි.

ග්‍රීන්ස් පිලේ දැවී ගිය එකම පිතිකරුවා වූයේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු ගරුක සංකෙත්ගේ පන්දුවක් හමුවේ නායක රමේෂ් මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් දී ලකුණු 02 කට දැවී ගියේය. එම පන්දු වාරය අවසන් වීමත් සමග තරගයට යළිත් වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා අතර මග නතර කෙරුණු නමුත්, ප.ව. 3.25 ට පමණ තරගය යළිත් පැවැත්වීමට නොහැකි බව වටහා ගත් තරග නිලධාරීහු තරගය අතහැර දැමීමට තීරණය කළහ. ඒ වන ග්‍රීන්ස් ලකුණ ුපුවරුව කඩුල්ලක් ලකුණු 46 ක් වශයෙන් සටහන්ව තිබුණු අතර කමිල් මිශාරගේ නම ඉදිරියෙන් පන්දු 11 කදී ලකුණු 37 ක්ද ලසිත් කෘෘස්පුල්ලේගේ නම ඉදිරියෙන් පන්දු 3 කදී ලකුණු 07 ක් ද වශයෙන් ලියැවී තිබිණ.

ඒ අනුව මෙම තරගාවලියේ අවසන් මහ තරගය ලබන 16 වැනි සෙනසුරාදා ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම සමඟින් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.

ග්‍රීන්ස් පන්දුවාර 3 කදී කඩුල්ලක් දැවී ලකුණු 46 යි – (කමිල් මිශාර 37*, කුසල් මේනඩිස් 02, ලසිත් කෘෘස්පුල්ලේ 07*, ගරුක සංකෙත් 09/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee