slc
logo
Home   |    News
අගෝස්තු 1, 2025
ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට ලකුණු 104ක දැවැන්ත ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල හා කෝල්ට්ස් අතර තරගයෙන් ගුවන් හමුදාවට ලකුණු 104ක දැවැන්ත ජයක් හිමි විය.

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් ක්‍රීඩිකාවෝ මුලින් පන්දුවට පහරදීමට ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිලට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 210ක් රැස් කිරීමට සමත් වූවේය. ඉනෝෂි ප්‍රනාන්දුගේ හා තාරුකා ෂෙහානිගේ ආක්‍රමණශීලී පන්දු යැවීම  හමුවේ කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල ලකුණු 106කට සීමා විය.

ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 17කට කෝල්ට්ස් ක්‍රීඩිකාවෝ 5ක් ආපසු ක්‍රීඩාගාරයට යැවූ අතර, තාරුකා ෂෙහානි ලකුණු 21කට කඩුලු 3ක් බිඳහෙලා අනගි සහයක් දැක්වූවාය. ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පි‍ලේ අංක 9 පිතිකාරිණී අයේෂා කීර්තිරත්න පන්දු 52කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වූවාය.

මේ අතර අද පැවැති තරගවලදී ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිලේ මල්ෂා මධුෂානි හා කොළඹ ක්‍රිකට් සමාජ පිලේ විශ්මි ගුණරත්න අර්ධ ශතක වාර්තා කළ අතර, සිංහල ක්‍රීඩා සමාජ පිලේ රංගිකා ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ හසිනි ලියනගේ කඩුලු 4 බැගින් බිඳ හෙළූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 210 (47)

යශෝධා ‍මෙන්ඩිස් 16, හිරූෂි පීරිස් 15, රුචිනි සමරසිංහ 20, සඳනි තිවංකා 20, හර්ෂණී විජේසූරිය 27, අයේෂා කීර්තිරත්න 64, අතිරේක 28, නෙත්මි සංජනා 31/3, තරුෂි රාජකරුණා 19/2)  

කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල  සියලු දෙනා දැවී ලකුණු 106 (41.3)

එරන්දි වර්ණකුලසූරිය 20, සයනි සේනාරත්න 22, චමෝදි දේවින්ද්‍යා 19, දුලංගා දිසානායක 10‍, අතිරේක 17, ඉනෝෂි ප්‍රනාන්දු 17/5, තාරුකා ෂෙහානි 21/3)  

සීසීසී පිලට ලකුණු 48ක ජයක්

පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් සීසීසී කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය ක‍ළේය.

කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 247 (49.1)

විශ්මි ගුණරත්න 74, සුදාරා සවනී 26, ලිමී තිලකරත්න 35, කෞෂණී නුත්‍යාංගනී 22, චුෂාදි කෞෂල්‍යා ‍නොදැවී 34, අතිරේක 20 (මල්ෂා මධුෂාණී 47/2, ලිහංසා දුල්මි 12/2)

ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 6ක් දැවී ලකුණු 199 (50)

මල්ෂා මධුෂානි 66, ලිහංසා දුල්මි ද සිල්වා 16, හසිනි ඉන්ද්‍රජිත්  44, ජනාදි අනලී 23, අතිරේක 18 (මදාරා සමරකෝන් 8/2, ලිමී තිලකරත්න 45/2)

හලාවත මේරියන්ස් පිලට කඩුලු 6ක ජයක්

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තිරණය ක‍ළේය.

බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක් දැවී ලකුණු 162 (50)

ඉරේෂා දමයන්ති 17, උමයංගනා පීරිස් 20, ඔනලි අදීෂා 12, විහාරා සෙව්වන්දි 25, හිරුණි හංසිකා 26, චමීෂා නෙත්මිණි 13, දිලූෂා හිඳගොඩ නොදැවී 22, සඳුනි නිසංසලා 25/2, සචිනි නිසංසලා 33/3, සුලේෂා සත්සරණී 27/2)  

හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 4ක් දැවී ලකුණු 163 (34)

සන්ජනා කාවින්දි 49, චමරි අතපත්තු 12, මනුදි නානායක්කාර නොදැවී 33, සුමුදු නිසංසලා නොදැවී 21, අතිරේක 34 (සෙව්මිණි ශෂිකලා 22/2)

යුද හමුදාවට ලකුණු 92ක ජයක්

 දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලට ආරාධනා ක‍ළේය.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල  සියලු දෙනා දැවී ලකුණු  187 (50)

නිලූකා කුෂාන්ති 12, ඉමල්කා මෙන්ඩිස් 37, නිලක්ෂිකා සිල්වා 24, සුගන්ධිකා කුමාරි 25, අසිනි සඳමිණි 21 (ච‍මෝදි ප්‍රබෝදා 30/2, රංගිකා ප්‍රනාන්දු 37/4, චමෝදි හේරත් 7/2)

සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 95 (44.4)

ඉ‍රේෂා ශ්‍යාමලී 12, රංගිකා ප්‍රනාන්දු 16, චතුරානී ගුණවර්ධන 32, අතිරේක 13 (නිලූකා කුෂාන්ති 8/3, සඳනි ද සිල්වා 6/2)

නාවික හමුදාවට කඩුලු 6ක ජයක්

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් පානදුර කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය ක‍ළේය.

පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 75 (30.5)

සඳලි වීරසිංහ 22, නවෝද්‍යා නෙත්මිණි 17, අතිරේක 7 (උදේශිකා ප්‍රබෝධනී 8/2, ඉනෝකා රණවීර 18/2, හසිනි ලියනගේ 10/4)

ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 4ක් දැවී ලකුණු 76 (19.2)

දහමි සෙනෙත්මා 12, හර්ෂිතා සමරවික්‍රම 29, හංසිමා කරුණාරත්න ‍නොදැවී 11, නිලක්ෂණා සඳමිණි නොදැවී 10, අතිරේක 14 (යසන්ති හේරත් 25/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee