ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (13 දා) පැවැති තරගයකදී චමරි අතපත්තු ප්‍රමුඛ හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 88ක ජයක් ලබා මෙතෙක් අපරාජිතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල පරාජයට පත් කළේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට හලාවත මේරියන්ස් පිලට ආරාධනා කළ හෙයින් ඕවර් 37.5කදී සියලු දෙනා දැවී ලකුණු 150ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 63කට සීමා විය.
චමරි අතපත්තු පන්දු 98කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමඟ ලකුණු 77ක් ලබා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අතර, පන්දු යැවීමේදී සචිනි නිසංසලා ලකුණු 3කට කඩුලු 3ක් බිද හෙලුවාය.
අද පැවැති තරගවලදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ හසිනි පෙරේරා නොදැවි ලකුණු 53ක්, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලේ සුගන්ධිකා කුමාරි ලකුණු 56ක් හා නිලක්ෂිකා සිල්වා ලකුණු 51ක්, බඳුරලිය කාන්තා ක්‍රිකට් පිලේ ඉරේෂා දමයන්ති ලකුණු 94ක්, රශ්මිකා නේත්‍රාංජලී ලකුණු 55ක්, කෝල්ට්ස් පිලේ කළණි යාපා ලකුණු 61ක් රැස් කළහ.
පන්දු යැවීමේදී ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිලේ සුගන්ධිකා පතිරණ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව ලකුණු 27කට කඩුලු 4ක් බිදහෙලුවාය.
හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 150 (37.5)
චමරි අතපත්තු 77, ශෂිනි ගිම්හානි 11, මනුදි නානායක්කාර 15, සුමුදු නිසංසලා 22, අතිරේක 14 (මල්කි මදාරා 30/2, තාරුකා ෂෙහානි 25/2, රුචිනි සමරසිංහ 9/3)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 63 (29.1)
සඳනි තිවංකා 10, ඉනෝෂි ප්‍රනාන්දු නොදැවී 11, අතිරේක 8 (කාව්‍යා කාවින්දි 20/2, දෙව්මි විහංගා 6/2, සුලේෂා සත්සරණී 12/2, සචිනි නිසංසලා 3/3)
නාවික හමුදාවට කඩුලු 8ක ජයක්
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල මුලින් පන්දුවට පහරදීමට තිරණය කළේය.
කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 84 (32.2)
යශෝධා සේනාරත්න 28, විශ්මි සොයිසා 11, සුභද්‍රා සවනී 31, අතිරේක 5 (ඉනෝකා රණවීර 22/3, සත්‍යා සංදීපනී 27/3)
ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 2ක් දැවී ලකුණු 87 (19.2)
හසිනි පෙරේරා නොදැවි 53, නිලක්ෂනා සඳමිණි 16, හර්ෂිතා සමරවික්‍රම 12, අතිරේක 4 (මල්ෂි නිරාෂා 13/2)
යුද හමුදා පිලට ලකුණු 87ක ජයක්
පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 201 (48.5)
ඉමල්කා මෙන්ඩිස් 12, අයේෂා සඳමාලි 15, සුගන්ධිකා කුමාරි 56, නිලක්ෂිකා සිල්වා 51, අයේෂා චන්ද්‍රසිරි 21, අචිනි කුලසූරිය 14, අතිරේක 23 (සුගන්ධිකා පතිරණ 27/4, දේවාගී ජෙගනාතන් 36/2, ජනාදි අනාලි 40/2)
ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 9කට ලකුණු 114 (50)
සන්සලා වනිගසේකර 31, තිව්‍යාංජලී 11, ජනාදි අනාලි 24, අතිරේක 28 (අචිනි කුලසූරිය 25/2, සුගන්ධිකා කුමාරි 14/2, නිමේෂා මධුෂාණි 12/3)
බඳුරලියට ලකුණු 50ක ජයක්
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 5කට ලකුණු 199 (50)
ඉරේෂා දමයන්ති 94, උමයංගනා පීරිස් 16, රශ්මිකා නේත්‍රාංජලී 55, දිලූෂා හිඳගොඩ නොදැවී 11, අතිරේක 12 (හරිනි පෙරේරා 35/2, නෙත්මි උපේක්ෂා 45/2)
කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 149 (39.1)
කළණි යාපා 61, සයනී සේනාරත්න 28, දුලංගා දිසානායක 27, අතිරේක 14 (හිරුණිකා නිවර්තනා 18/3, ෂෙහාරා ඉඳුවරී 28/2)
පානදුර කාන්තාවන්ට ලකුණු 54ක ජයක්
නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල කඩුලු 6කට ලකුණු 171 (50)
සඳලි වීරසිංහ 31, අශිනි කෞෂල්‍යා 12, රශ්මිකා සෙව්වන්දි 21, පියුමි වත්සලා 45, රශ්මි සංජනා නොදැවී 27, අතිරේක 21 (ලක්ෂි අබිමානී 29/3, සනුකි පතිරගේ 33/2)
සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8කට ලකුණු 117 (50)
ළිහිණි අප්සරා 15, අමා කාංචනා 11, චමරි ලක්ෂාණී 22, ලක්ෂි අභිමානි නොදැවී 12, අතිරේක 28 (ප්‍රමුදි මෙත්සරා 12/3)





