slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2025
ආසියානු ශූරතාව හෙට ඇරඹෙයි

sinhala editor

ආසියානු කළාපයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙසින් විරුදාවලියත් ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවලිය හෙට (09 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වෙයි. සමාරම්භක දිනයේදී ඇෆ්ගනිස්තානය සහ හොංකොං රාජ්‍ය තරග වදිනු ලබති.

17 වැනි වතාවටත් පැවැත්වෙන මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ලබන 13 වැනිදා බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව සිය පළමු සටන දියත් කරනු ඇත. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘බී‘ කාණ්ඩය යටතේ තරග වදිනු ලබයි.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කරමින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියට අවතීර්ණව සිටියි. ඇරත් සිම්බාබ්වේ පිලට එරෙහිව අවසන් ඉරිදා දින පැවැති තරගයේදී වාර්තා ගත ලකුණු හඹා යෑමක නිරත වෙමින් එම තරගය පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින හෙයින් තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායම් අතරට එක්වීමට සමත්ව සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 රටවල් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාවයි. ඔවුන් එම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටිද්දී ශ්‍රී ලංකාව එම 7 වැනි ස්ථානයේ රැඳී සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාව එම ස්ථානයේ රැදී සිටින්නේ ආසියානු කලාපයේ සෙසු තරග වදිනු ලබන කණ්ඩායම් වලට වඩා ඉහළින් වීම තරගාවලි ජයග්‍රහණය කෙරෙහි බලාපොරොත්තු රඳවා ගැනීම කෙරෙහි තවත් බලාපොරොත්තු ඇති කරවන්නක් බවට පත්ව තිබේ.

1984 වර්ෂයේදී ප්‍රථමයෙන්ම සාජා නුවරදී ආරම්භ වී ඇති මෙම ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවලිය 2016 වන තෙක්ම පැවැතියේ එක්දින ආකෘතිය යටතේය. එහෙත් 2016 වසරේදී විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම්වීම අරමුණු කොට ගෙන එය විස්සයි-20 ආකෘතිය යටතේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීහු කටයුතු යෙදූහ. එම වසරට අමතරව නිමාවට පත් වුණු 2022 වසරේදී ද මෙම තරගාවලිය ක්‍රියාත්මක වූයේ විස්සයි-20 ආකෘතිය යටතේය. ඒ අනුව එළැඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලානා ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කොට ගනිමින් මෙවර තරගාවලියද විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වෙනු ඇත.

කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියද ‘ඒ‘ සහ ‘බී‘ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මූලික තරග වටය පැවැත්වෙනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ‘බී‘ කාණ්ඩයේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං සෙසු රටවල් බවට පත්ව සිටිති.

ප්‍රබල ඉන්දියාව සහ ඔවුන්ගේ ප්‍රධානතම එදිරිවාදීන් වන පාකිස්තානය තරග වදිනු ලබන්නේ ‘ඒ‘ කාණ්ඩය යටතේයද ඕමාන් සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් එම කාණ්ඩයේ තරග වදිනු ලබන සෙසු කණ්ඩායම් දෙක වෙති.  තරාවලියේ අවසන් මහ තරගය සැප්තැම්බර් මස 28 වැනිද ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee