slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2025
කාන්තා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන උපදේශක තනතුර ටිම් බූන්ට

sinhala editor

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන්ම අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන කාන්තා ක්‍රිකට් සඳහා පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ උපදේශක ලෙස ලෙස්ටර්ෂයර්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටිම් බූන් මහතාව පත් කිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව බූන් මහතා මාස 4 ක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ලබන අතර එම කාලය තුළ ඔහු මෙම සැප්තැම්බර් මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසාන ක්‍රිකට් තරගාවලියේදී ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇත.

එම ලෝක කුසලා ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු ඔහු සතු සුවිශේෂී දැනුම වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම 2026 වසරේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙත ද ලබාදීමට නියමිතය.

උසස් කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අමතරව, තාක්ෂණික හා උපායශීලී සැසි පැවැත්වීම සහ කාර්යය සාධන අගැයීම් සිදු කිරීම ඔහුගේ භූමිකාවට අයත් ප්‍රධානම වගකීම් වෙති.

බූන් මහතා ශ්‍රී ලංකාවේදී ලබා දීමට නියමිත උපදේශනයන් අදියර දෙකක් යටතේ සිදුකෙරෙන අතර එහි පළමු වාරය අගෝස්තු මස 30 වැනිදා ආරම්භ වුණු අතර එය නොවැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. අනතුරුව දෙවැනි වාරය 2026 වසරේ ජනවාරි 10 වැනිදා ආරම්භ වන අතර මාර්තු 09 වැනිදා අවසන් වීමට නියමිතය.

බූන් මහතා යනු මීට පෙර එංගලන්ත අවුරුදු 19 න් පහළ යොවුන් කන්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එහි විවිධ තනතුරු හොබවමින් අත්දැකීම් සම්භාරයක් ඇති පුහුණුකරුවෙකි. ඒ මහතා ඉකුත්දා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් දෙක සමග ද කටයුතු කළ අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ථ පිතිකරණ අංශය සහ පුද්ගලික ක්‍රියාකාරීත්වය වැඩි දියුනු කිරීම අරමුණු කර ගත් තාක්ෂණික සහ උපායශීලී සැසි ඇතුළත් වනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar