slc
logo
Home   |    News
සැප්තැම්බර් 9, 2025
වනිඳු සහ ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වෙති

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන 17 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ජනිත් ලියනගේව ඇතුළත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එම ඇතුළත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයින් 17 දෙනෙකු දක්වා පුළුල් ව තිබේ.

අලුතින් කණ්ඩායමට එක් කරන ලද ජනිත් ලියනගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අද (09 දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වූහ. බංග්ලාදේශයට එරෙහිව ඉකුත්දා ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලිය අතරතුරදී වනිඳු හසරංග ආබාධයකට ලක්වීම නිසා ඔවුනට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය මෙන්ම ඉකුත්දා සිම්බාබ්වේදී පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 09 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය මේ මස 13 වැනිදා බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙනු ඇත.

  1. චරිත් අසලංක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. කුසල් පෙරේරා
  5. නුවනිඳු ප්‍රනාන්දු
  6. කමිඳු මෙන්ඩිස්
  7. ජනිත් ලියනගේ
  8. කමිල් මිශාර
  9. දසුන් ශානක
  10. වනිඳු හසරංග
  11. දුනිත් වෙල්ලාලගේ
  12. චාමික කරුණාරත්න
  13. මහීෂ් තීක්ෂණ
  14. දුෂ්මන්ත චමීර
  15. බිනුර ප්‍රනාන්දු
  16. නුවන් තුෂාර
  17. මතීෂ පතිරණ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee