slc
logo
Home   |    News
සැප්තැම්බර් 16, 2025
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් හොංකොං පරදවයි

sinhala editor

පන්දු 44 කද ලකුණු 68 ක් වූ පැතුම් නිස්සංකගේ ඉනිම හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවූ දෙවැනි තරගය හෙවත් හොංකොං පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකාවට අද (16 දා) රාත්‍රියේ අවස්ථාව උදාවිය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ කඩුලු 6 ක් ලබා දෙමිනි.

තරගය ජය ගන්නා වන විට වේගවත් ඉනිමක් දියත් කළ වනිඳු හසරංග හයේ පහරක් සහ හතරේ හර 2 ක් සමගින් පන්දු 09 කදී වේගවත් ලකුණු 20 ක්ද දසුන් ශානක පන්දු 3 කදී ලකුණු 06 ක් ද රැස් කරගෙන සිටියහ. මෙම ජයග්‍රහණයත් සමඟම මූලික වටයේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ඉතිරිව තිබුද ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු අභියෝගයකින් තොරව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

මෙම ඉලක්කය හඹා යෑමේදී හොංකොං පන්දු යවන්නන් ශ්‍රී ලංකා ජයග්‍රහණය දෙගිඩියාවකට පත් කිරීමට සමත්වීම කැපී පෙනිණ. ඔවුන් කිසි විටෙකත් එම හඹා යෑම ශ්‍රී ලංකාවට පහසු කිරීමට ඉඩ පහසුකම් ලබා නොදුන්හ. ඔවුන්ගේ නායක යසීම් මුර්තාසා සහ පිට දඟ පන්දු යවන එහ්සාන් ඛාන් ඉක්මනින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා හඹා යෑම විටෙක කඩුලු 6 කට ලකුනු 126 ක් ලෙසින් සනිටුහන් විය. ඒ වන විටත් අත ඉතිරි පන්දු සංඛ්‍යාවට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතිණ.

කෙසේ වෙතත් දුර්වල පන්දු රැකීම හේතුවෙන් රැක ගත හැකිව තිබූ පහසුම මට්ටමේ උඩ පන්දු කීපයක් ඔවුන් අතින් ගිලිහී නොයන්නට තත්ත්වය මීට වඩා හාත් පසින්ම වෙනස් වන්නට ඉඩ තිබිණ. එසේ අත හැර දැමුණු උඩ පන්දු අතර ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වූ පැතුම් නිස්සංක ලබා දුන් උඩ පන්දු 3 ක් ද විය. ඉන් දෙකක්ම එෂාන් ඛාන් අතින් බිම වැටිණ.

එම අවස්ථාවන් උපරිම ප්‍ර යෝජන ගත් දකුණත් ආරම්භක පිතිකරුවා සිය 17 වැනි විස්සයි-20 අර්ධ ශතක ලබා ගත්තේය. බංග්ලාදේශ පිලට එරෙහිවද අර්ධ ශතකයක් රැස් කර ගත් පැතුම් අද දිනයේදී දුවද්දී දැවී යෑමකට හසුව දැවී යන විටත් තම ඉනිම හයේ පහර කින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් කරගෙන සිටියේය. මෙම ඉනිම ප්‍රධාන කොට පැතුම් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

පැතුම්ට අමතරව  ඔහුට අමතරව ප්දු 16 කදී ලකුණු 20 ක් ලබා ගත් කුසල් පෙරේරා ලබා දුන් පහසු උඩ පන්දු 2 ද  හොංකොං පන්දු රකින්නන් අතින් ගිලිහී යෑම කැපී පෙනුණි. පැතුම්ගේ දැවී යෑමත් සමග යළිත් තරගයට අවතීර්ණ වුණු හොංකොං පන්දු යවන්නෝ ලකුණු 8 ක් ඇතුළත පැතුම් නිස්සංක, කුසල් පෙරේරා (20), චරිත් අසලංක (02) සහ කමිඳු මෙන්ඩිස් (05) කඩුලු දවා ගනිමින් පීඩනයක් ඇති කළහ. මෙම තත්ත්වය නිසා 15 වැනි පන්දුවාරය වන විට කඩුලු 2 කට 119 ක්ව පැවැති ලකුණු පුවරුව එක වරම ලකුනු 127 කට කඩුලු 6 ක් ලෙස ඇද වැටිණ. කෙසේ වෙතත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වුණු වනිඳු හසරංග සහ දසුන් ශානක පන්දු 11 කදී ලකුණු 26 ක සම්බන්ධතාවත් පවත්වමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සාක්ෂාත් කළහ.

ජාත්‍යන්තර තරගයකදී දෙපිළ මුණ ගැසුනු පළමු අවස්ථාව බවට පත් වුණු අද තරගයේදී පළමුව පන්දුවට පහර දුන් හොංකොං කණ්ඩායම වෙනුවෙන් සාර්ථක අඩිතාලමක් එක් කළ අන්ශි රාත් සහ නිස්කාත් ඛාන් දෙදෙනා නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 4 කට ලකුණු 149 ක් දක්වා තම ලකුණු සංඛ්‍යාව රැගෙන ගියහ.

පන්දු 46 කට මුහුණ දුන් රාත් ලකුණු 48 ක් ලබා ගනිද්දී ඛාන් පන්දු 38 කදී වේගවත් ලකුණු 52 ක් ලබාගත්තේය. ඒ ඊට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ද සමගිනි. නොබිඳුණු ඉනිමක් බවට පත් වුණු නිසාකාත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සෑහෙන හිසරදයක් ගෙන ආවේය.

මොවුන් දෙදෙනා ඉතා හොඳින් පන්දුවට පහර දීම නිසා කොදෙව් කණ්ඩායම 16 වැනි පන්දුවාරය යවන විටත් කියැවුණේ කඩලු 2 කට ලකුණු 118 ක් වශයෙනි. දුෂ්මන්ත චමීරගේ පන්දුවකට එල්ල කරන ලද පහර හතරේ සීමාව ආසස්නයේදී කමිඳු මෙන්ඩිස් රැස් කර නොගන්නට තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබිණ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුවකින් තොරව පිති හැසිරවූ මොවුන් දෙදෙනා වනිඳු හසරංගගේ පන්දු හමුවේ වඩාත් පරෙස්සම් වූහ. පන්දුව ගනිමින් යවන ලද දෙවැනි පන්දු වාරයේදීම කඩුල්ලක් දවා ගනිමින් පීඩනය රැගෙන ඒමට වනිඳු හසරංග සමත් වුවද, ඔහු හමුවේ යළිත් කඩුුලු ලබා නොදීමට තරම් මොවුන් පරෙස්සම් වූහ.

පන්දු යැවීමේදී සුපිරි රිද්මය එලෙසින්ම පවත්වාගෙන යමින් සිටින දුෂ්මන්ත චමීර ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගනිද්දී වනිඳු සහ දසුන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

බංග්ලාදේශ තරගයේදී පන්දුවාර 4 දී ලකුණු 42 ක් ලබා දුන් මතීෂ පතිරණ අද දිනයේදී කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර ඔහු වෙනුවට මහීීෂ් තීක්ෂණව කණ්ඩායමට කැඳවා තිබිණ. එතරම් නිවැරදි ඉලක්කයක් නොවුවද මහීෂ්ගේ පන්දුවාර 4 ඔහු ලකුණු 22 කට නිමා කිරීමට සමත්වූවේය.

හොංකොං  පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුනු 149 යි – (සීශාන් අලී 23, අන්ශි රාත් 48, බාබර් හයත් 04, නිසාකාත් ඛාන් 52*, යස්මින් මුර්ටාසා 05, අයිසාස් ඛාන් 04*, දුෂ්මන්ත චමීිර 29/2, වනිඳු හසරංග 27/1, දසුන් ශානක 05/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 153 යි – (පැතුම් නිස්සංක 68, කුසල් මෙන්ඩිස් 11, කමිල් මිශාර 19, කුසල් පෙරේරා 20, දසුන් ශානක 06*, චරිත් අසලංක 02, කමිඳු මෙන්ඩිස් 05, වනිඳු හසරංග 20*, යස්මින් මුර්ටාසා 37/2, අයුසා ශුක්ලා 30/1, අයිසාස් ඛාන් 27/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee