තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහ පන්දුවාර විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියටක සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන නොවැම්බර් මසදී පාකිස්තානයට බලා පිටත්ව යෑමට නියමිතය.
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නොවැම්බර් මස 11 වැනිදා ආරම්භ වන අතර නොවැම්බර් 19 වැනිදා විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනු ඇත.
පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව හැරුණු කොට ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහභාගිවනු ඇත.
මෙම තරගාවලියේ සියලුම තරග 3 රාවල්පිණ්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියත්, විස්සයි-20 තුන්කොන් තරගාවලියේ පළමු තරගයත් රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙනු ඇත. තුන්කොන් තරගාවලියේ ඉතිරි සියලුම තරග ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 29 වැනිදා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.







