slc
logo
Home   |    News
සැප්තැම්බර් 3, 2025
අපගේ ක්‍රීඩකයන් උසස්ම මානසික මට්ටමක ඉන්නවා – චරිත්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ වන විට උසස්ම මානසික මට්ටමකින් පසු වන බව එක්දින සහ විස්සයි 20 නායක චරිත් අසලංක ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි 20 තරගාවලියට පෙර ප්‍රකාශ කළේය. තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වැන්න අද (03 වැනිදා) ප.ව. 5.00 ට ආරම්භ වනු ඇත.

 සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියේ දී අවසන් පන්දු වාරය තියුණු තරගයන්හි නියළෙමින් තරග වැදී ශ්‍රී ලංකා කණ්ඩායම ලත් ජයග්‍රහණ පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක් වු චරිත් අසලංක තමන් ඇතුළු කණ්ඩායම අපේක්ෂා කළේත් මෙවැනි උරෙන් උර ගැටී තරග කර දස්කම් පෙන්වා හැකියාවන් ප්‍රගුණ කර ගැනීම යැයි ද කීවේය.

 සිම්බාබ්වේ තරගාවලියට සහභාගිවීමෙන් අපගේ තවත් ප්‍රධානම අරමුණක් වුයේ නුදුරු අනාගතයේ එළැඹෙන ආසියානු කුසලානයට සහ ලෝක කුසලාන තරගාවලියට හොඳ සූදානමක් ලබා ගැනීම යැයි කී ශ්‍රී ලංකා නායකයා මේ වන විට එම කාර්යයන් ඉටු කර ගැනීමට අඩිතාලමක් ලැබීම පිළිබඳව සතුටු වන බව ද පැවසීය.

 “එක්දින තරගාවලියේ අප ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව සැවොම සෑහීමකට පත්ව සිටිනවා. ඒ වගේම මේ අවස්ථාව වන විට අප නිවැරදිව අවශ්‍ය දේ අවශ්‍ය අවස්ථාවන්හි ඉටු කර ගෙන යාම ගැන සතුටුයි. අපගේ මීළඟ අපේක්ෂාව ආසියානු කුසලාන තරගාවලියේ දී හොඳින් දක්ෂතා පෙන්වා ජයග්‍රහණ අත්කර ගෙන ලෝක කුසලානයට සූදානම්වීමයි“.

 “පන්දුවට පහරදීමේදීත් පන්දු යැවීමේදීත් යහපත් සංයෝගයක් (Combination) මේ වන විට කණ්ඩායම තුළින් දක්නට පුළුවනි. දක්ෂතම වේග පන්දු යැවීමේ ඒකකයක් ද දැන් අප සතුයි“.

 “පිතිකරණ ලැයිස්තුවේ මඳ අඩුපාඩුවක්ව පැවැති අංක හතර ස්ථානයට විස්සයි 20 තරගාවලියේ දී නුවනිඳු ප්‍රනාන්දු ක්‍රීඩා කරාවි. ඔහු එම ස්ථානයේ හොඳින්ම පන්දුවට පහරදෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි“.

 “වනිඳු හසරංග කණ්ඩායමට තවමත් එක්ව නොසිටීම පාඩුවක්. එහෙත් ආසියානු කුසලානය වන විට ඔහු සම්පූර්ණ සුවය ලබා නැවත කණ්ඩායමට එක්වේවි. මේ ක්‍රීඩකයන් කණ්ඩායමට එක්වීමෙන් අපට නැවත ජාත්‍යන්තර මට්ටමෙන් ඉහළ දස්කම් දැක්වීමට අවස්ථාව උදා වනු ඇතැයි මා විශ්වාස කරනවා“ යැයිද ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ප්‍රකාශ කළේය.

විස්සයි-20 තරග අංශයේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ සිටද සිම්බාබ්වේ කණ්ඩායම 12 වැනි ස්ථානයේ සිටද අද තරගාවලියට අවතීර්ණ වෙති.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිශාර, විශේන් හැළඹගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, බිනුර  ප්‍රනාන්දු, නුවන් තුෂාර, මතීෂ පතිරණ.

සිම්බාබ්වේ විස්සයි-20 කණ්ඩායම – සිකන්දර් රාසා (නායක), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, බ්‍රැඩ් එවන්ස්, ට්‍රෙවර් ග්වාන්ඩු, ක්ලයිව් මඩාන්ඩේ, ටිනෝටෙන්ඩා මාපෝසා, බ්‍රෙන්ඩන් ටේලර්, සෝන් විලියම්ස්, තඩිවංශ් මරුමානි, වෙලිංටන් මසකඩ්සා, ටෝනි මුන්යොංගා, තශින්ගා මුසේකිවා, බ්ලෙසිං මුසෙරබානි, ඩියෝන් මයර්ස්, රිචඩ් එන්ගරාවා.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee