මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලාන ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීම වෙනුවෙන් හෙට (24 වැනිදා) කොළඹ නෙළුම් කුරුණ පරිශ්‍රයේදී තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විදි විධාන යොදා තිබේ. ඒ අනුව ප.ව. 4.00 සිට ප.ව. 7.00 දක්වා වන කාල සීමාවේදී මෙම ලෝක කුසලානය එම නෙළුම් කුළුණ පරිශ්‍රෙය් තබා තිබෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාව් කීප දෙනෙකුද සහභාගිවනු ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුරතලුන් (Mascot) වන බ්ලේස් (Blaze) සහ ටොන්ක් (Tonk) ද සහභාගිවනු ඇත.






