slc
logo
Home   |    News
ඔක්තෝබර් 20, 2025
ඉදිරි ස්ථානයකින් ලෝක කුසලාන ගමන අවසන් කරන්න හොඳම අවස්ථාව

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන හය වැනි තරගය හෙවත් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය මේ මස 20 වැනිදා මුම්බායිහිදී පැවැත්වේ. මෙම තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට වාසි දායක වුවත් අවසන් කණ්ඩායම් 4 අතර අතර තරගය වටයට පිවිසීමේ හැකියාව ශ්‍රී ලංකාවට හිමි නොවුණද ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයක සිට තරගාවලිය අහවර කර ගැනීමේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවනු ඇත.

මූලික වටය යටතේ මෙතෙක් සහභාගි වූ තරග 5 න් 2 ක්ම වර්ෂාවට සේදී ගිය අතර අනෙක් තරග 3 ද පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගියේය. විසඳුමකින් තොර තරග 2 ක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුනු සංඛ්‍යාව 02 ක් බවට පත්ව තිබීම නිසා ඉතිරි තරග 2 ම ජය ගත්තද අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමේ සියලු අවස්ථාවන් ශ්‍රී ලංකාවට අහිමිව තිබේ.

මේ තත්ත්වය මත හෙට පැවැත්වෙන තරගය හුදෙක්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ගිලිහී ගොස් තිබෙ කීර්තිනාමය යළි ළඟා කර ගැනීමට තිබෙන හොඳම අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි. තරගාවලිය ආරම්භයට පෙර පැවැති පුහුණු තරගයකදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් මුන ගැසුණු අතර එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තාවෝ සමත්වූහ.

කෙසේ වෙතත් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව බංග්ලාදේශ කණ්ඩායමට වඩා ඉදිරියෙන් පසුවන්නේය. අවසන් කණ්ඩායම් 4 දෙනාගේ තරග වටයට පිවිසීම ශ්‍රී ලංකාවේ මූලික සැලසුම වුවත් අනපේක්ෂිත ලෙස තරග 2 ක් වර්ෂාවට හේදී යෑමත් අනෙක් තරග 3 පරාජයට පත්වීමත් නිසා ශ්‍රී ලංකාව හෙට තරගයට පිවිසෙන්නේ මානසික වශයෙන්ද තරමක් පසුපසින් සිටිමිනි.

කෙසේ වෙතත් මේ තරගය ජය ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලිය හොඳින් අවසන් කිරීම බලාපොරොත්තුව බවට පත්ව තිබෙන බව මේ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පැවැසීය.

“හෙට තරගය ගැන කතා ාකළොත් කියන්න තියෙන්නේ මේකයි. අපි බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව අපි ඉතාම හොඳින් සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මානසිකව සහ උපක්‍රමශීළී අතින් අපි සැලසුම් සකස් කර සිටිනවා. ඒවා අද පුහුණුවීම් වලදී ක්‍රියාවට නංවලා බැලුවා. ඒ සියල්ල හෙට තරගයේදී ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා“ යැයි රත්නායක මහතා සඳහන් කර සිටියේය.

පන්දුවට පහර දීම, පන්දු යැවීම මෙන්ම පන්දු රැකීම යන තෙඅංශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේදී පසුපසින් සිටීම ප්‍රධාන පුහුණුකරුගේ කණස්සල්ල දනවන්නට හේතු වී තිබේ. “අපි මේ තරගාවලියට පෙර පිතිකාරිණියන් ඉතා හොද සූදානමකින් සිටියා. නමුත් ඔවුන්ගෙන් ලකුණු 50 ක් හෝ 100 ක් ගහන්න කෙනෙක් නැති වෙනකොටා පුහුණුකරු විදියට ඒක මගේ වේදනාවට කරුණක්“ යැයිද ඒ මහතා සඳහන් කර සිටියේය.

මෙතෙක් ශ්‍රී ලංකාව තරග වැදි තරග වලදි නවසිලන්තයට එරෙහි තරගයේ පමණක් ලකුණු 250 සීමාව ඉක්මවා රැස් කිරීමට සමත්වූ නමුත් අනෙක් ක්‍රීඩා කළ තරග වූ දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහි තරග වලදී පිතිකරණයෙන් දැඩි ලෙස පසුබැස ගියේය. එපමණක් නොව රැක ගත හැකි මට්ටමේ උඩපන්දු කීපයක්ම ගිලිහී යෑම මෙම පරාජයටන් ප්‍රදාන හේතු වූ වා පමණක් නොව පන්දු යවන්නියන්ගේ ඉලක්කයකින් තොරව වූ පන්දු යැවීමද මෙම පරාජයන් වලට හේතු සාධක ගෙන දුන්හ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee