කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුගමනය කළ යුතු ආචාර්ය ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකා මල්කි මදාරාට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරවටු කරමින් අවවාද කර තිබේ.
ඇය විසින් එම තරගය අතරතුරදී අන්තර්ජාතික තරග වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියේ 1 වැනි මට්ටමේ වගන්තියක් උල්ලංඝණය කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
බංග්ලාදේශ ඉනිමේ 11 වැනි පන්දුවාරයේදී ෆර්ගනා හක් දුවද්දී දැවී යෑමෙන් පසු මල්කි, ඇය ආසන්නයට පැමිණ වඩා උද්දාමයක් පෙන්නුම් කිරීම මෙම අවවාද කොට තරවටු කිරීමට හේතු වී තිබේ. මෙහිදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙනුවෙන් එම තරගයේ තීරකවරිය ලෙසින් කටයුතු කරන ලද දකුණු අප්‍රිකානු ජාතික ෂැන්ඩ්‍රේ ෆ්‍රිට්ස්ගේ තීරණය වී ඇත්තේ ඒ හරහා පිතිකාරිණියගෙන්ද ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් සඳහා පෙළඹවීමක් ඇති කරවිය හැකි බවයි.
මීට පෙර ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබියදී පන්දුවට පහර දීමට පැමිණ සිටි මල්කි මදරා ලකුණු 09 කට දුවද්දී දවා ගැනීම වෙනුවෙන් කඩුලු රකින්නිය වෙත පන්දුව යොමු කරන ලද්දේ ෆර්ගනා හක් විසිනි. ඒ අනුව වරද පිළිගැනීම නිසා මල්කිට විධිමත් නඩු විභාගයක් අවශ්‍ය නොවිණ.
ඇය විසින් සිදුකර ඇති වරද අනුව අවම වශයෙන් ඇයට නිල තරවටු කිරීමක් හෝ ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තුවෙන් 50% ක උපරිම දඩයක් පැනවීමට හෝ නැතහොත් ඇයගේ විනය වාර්තාවට එක් අගති ලකුණක් හෝ දෙකක් එක් කිරීමේ හැකියාව එම තරග තීරකවරිය සතු වේ. එහෙත් ගෙවී ගිය මාස 24 ක කාලය ඇතුළත මල්කි මදරාගේ විනය වාර්තාව ඉතා හොඳ එකක් වීම හේතුවෙන් ඇයගේ වාර්තාවට එක් අගති ලකුණක් පමණක් එක්කොට දඬුවමින් ලිහිල් කිරීමට තරග තීරකවරිය පියවර ගෙන තිබේ.
වසර 2 ක කාලයක් ඇතුළත ක්‍රීඩිකාවකට අගති ලකුණු හතරක් හෝ වැඩි සංඛ්‍යාවක් එකතු වූ විට ඒවා තරගයක් තහනම් කිරීමේ ලකුණක් බවට පත් වනු ඇත. එවිට එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට තරගයක් තහනම් කිරීමේ හැකියාව දඬුවම් කරන අන්තර්ජාතික ක්‍රිකට් සභාව සතු වනු ඇත.




