slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2025
විස්සයි-20 පිතිකරුවන් අතර පැතුම් 5 වැනි තැනට

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍රකොට ගෙන පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලද ශතකයද ඇතුළුව පිතිකරුවකු ලෙස සාර්ථකවීමට සමත්වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පිිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු පස් දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වි සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල විස්සයි-20 පිතිකරුවන්ගේ නවතම යාවත්කාලීනයට අනුව, එම තරගාවලිය ආරම්භයේ 7 වැනි ස්ථානයේ රැඳී සිටි පැතුම් මේ වන විට එහි 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔහු හිමිකරගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 779 ක් වේ.

ප්27 හැවිරිදි වියේ පසුවන පැතුම් විස්සයි-20 ජාත්‍යන්තර තරග 74 කදී මුලු ලකුණු 2211 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු සාමාන්‍ය 31.58 ක් රදවා තබා ගනිමිනි. විස්සයි-20 ජාත්‍යන්තර අංශයේදී ශතක ලාභී ශ්‍රී ලාංකික පිතිකරුවන් අතර සිව්වැන්නා බවට පත්ව සිටින පැතුම්ගේ ප්‍රහාරාත්මක වේගය 126.55 ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි ස්ථානයේ රැඳී සිටි කුසල් ජනිත් පෙරේරා මේ වන විට එම ලැයිස්තුවේ 09 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින්නේ මුලු ලකුනු 692 ක් හිමිකර ගනිමිනි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee