නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට්ගේ 10 වන එක්දින ශතකය සහ සොෆී එක්ලෙස්ටෝන් කඩුලු හතරක් දවා ගැනීම පෙරමුණු කොට කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 89 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (11 දා) රාත්‍රියේ සමත්විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පෙන්වූ දුර්වල පන්දු රැකීමත් සහ දුර්වල පිතිහරඹය හේතුවෙන් පහසුවෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත් කළ එංගලන්ත ක්‍රීඩිකාවෝ මූලික වටය යටතේ මෙතෙක් සහභාගි වූ තරග 3 න් 3 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමද ද සමත්වූවේය. ඒ අනුව අද තරගය තෙක් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මේ වන විට එම සටහනේ 7 වැනි ස්ථානය දක්වා පහත වැටී සිටියි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් උඩ පන්දු අතහැරීමත් දුර්වල පන්දු රැකීමත් වාසියක් කොට ගත් එංගලන්ත පිතිකාරිණියෝ පන්දුවාර 50 කදී කඩුු 9 ක් දැවී ලබා දුන් ලකුණු 254 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හය වැනි පන්දුවාරයේදී කලවා ප්‍ර දේශයේ ඇතිවූ මාංශ පේෂී ඉරීයෑමක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගියේ ගිලන් මැස්සක ආදාරයෙනි. තත්ත්වය දරුණු බව පෙනුණු නමුත් බත් කෙණ්ඩ ආශ්‍රෙය් වූ මස් පිඩු පෙරළීයෑඹක් නිසා ඇයට නැවතත් පන්දුවට පහර දීමට පැමිණීමට අවස්ථාව උදාවිය.
ඒ වන විටත් ශ්‍රී ලංකාව ලබා සිටියේ ලකුණු 17 ක් පමණි. නායිකාව පිටියෙන් ඉවත් වුවද පිටියට පිවිසි විසගසම විශ්මි ගුණරත්න හතරේ පහර 2 ක් එල්ල කරමින් හසිනි පෙරේරා සමග සාර්ථක සම්බන්ධතාවකට මුල පිරූ නමුත් අත්දැකීම් මඳ බව නිසාදෝ ඇය පිටියෙන් ඉවත් වූවාය. අනතුරුව හසිනි එක් වුණු හර්ෂිතා සමරවික්‍රම (33) ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 95 ක් දක්වා ඉහළ දමන ලද්දේ කඩුලු සංඛ්‍යාව 1 තබාගෙනය.
ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් මොවුන් දෙදෙනා අතරින් හර්ෂිතා සොෆී එක්සෙල්ස්ටන්ගේ පළමු ගොදුර බවට පත්ව දැවී ගියාය. එතැනින් නොනැවතුණු සොෆී ලකුණු 221 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත්තේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ සිටින අංක 1 පන්දු යවන්නිය තමන් බවට තවදුරටත් පසක් කරලමිනි. දැවී ගිය පිතිකාරිණියන් අතර යළිත් පිටියට පිවිසි නායිකා චමරි අතපත්තුද වූවාය. චමරි දැවී ගියේ පිත්ත සහ පා ආවරණය අතරින් කඩුල්ල තුළට පන්දුව ඇදී යෑමෙනි. ඇය ලකුණු 15 කට පිටියෙන් ඉවත් වූයේ මුහුණ දුන් 39 වැනි පන්දුවේදීය.
කැපී පෙනෙනම පන්දු යවන්නිය වුණු සොෆීගේ පන්දුවාර 10 සටහන් වූයේ නිලකුණු පන්දුවාර 3 කදී ලකුණු 17 කට කඩුලු 4 ක් වශයෙනි. ඇයගේ පන්දුවාර සංඛ්‍යාව අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකාරිණියෝ හය දෙනාම තරග නරඹන්නියන් බවට පත්ව සිටියහ. එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමට ගත වූයේ ලකුණු පුවරුවට ලකුණු 21 ක් එකතු වන කාල සීමාව පමණි. ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්වූයේ 46 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ලකුණු 164 ක් වශයෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව විශ්වාස තබමින් තරගය නැරඹීම සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටි 5000 කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉදිරියේ කාසියේ වාසිය දිනා ගත් නායිකා චමරි කිසිදු පැකිළීමකින් තොරව පන්දු යැවීම තෝරා ගත්තාය. පළමු පන්දුවාර 10 දී ප්‍රතිවාදී පිතිකාරිණියන් ලකුණු 50 කට රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුවත්, අනතුරුව ශ්‍රී ලංකා පන්දු රකින්නියන් පෙන්වූ දුර්වල පන්දු රැකීමේ විලාශයෙන් ප්‍රතිවාදීහු වාසිය තමන් වෙතට පෙරළා ගත්හ.
ශතක ලාභී නායිකා නැතලි ෂිවර් – බ්‍රාන්ට් ලකුණු 03 ක් ලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුව මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි උදේශිකා ප්‍ර බෝධනී අතින් ගිලිහී නොයන්නට තරගය මීට වඩා ශ්‍රී ලංකාවට වාසි වන්නට ඉඩ තිබිණ. උඩ පන්දුව අත හැරීමේ ප්‍රතිවිපාකය මෙය යැයි සත්කාරක කණ්ඩායමට පෙන්වා දුන් නැතලි, තම ඉනිම නිමා කරේ පන්දු 117 කින් ලකුණු 117 ක් රැස් කර ගනිමිනි. උදේශිකාගේ දුර්වල උඩ පන්දු රැකීම නොවන්නට එම ලකුණු සංඛ්‍යාෙවන් 114 ක්ම අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට අවකාශ තිබිණ.
එම ඉනිම වටා එතුණු එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ට ලකුණු 253 ක් ලබා ගත්තේය. යළිත් වරක් සාර්ථක වුණු ඉනෝකා රණවීර ලකුණු 22 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත්වීම නිසා එංගලන්ත ඉනිම මැද තරමක් වියවුල් තත්ත්වයක් හට ගැනිණ. එහෙත් අවස්ථාව දුටු විටෙ නොබියව පහර එල්ල කළ නැතලි, 40 වැනි පන්දුව අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුනු 179 ක් දක්වා ඉදිරියට රැගෙන ආවාය.
අවසන් පන්දු වාර 10 දී දුම්මල වරම අතට ගත් යකැදුරකු මෙන් ක්‍රියාත්මක වුණු නැතලි චාල්ස් ඩීන් සමග එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හතර අතට පහර එල්ල කරන ලද්දේ ඉතිරි පන්දු 60 දී ලකුණු 74 ක් උදුරා ගනිමිනි. ඉන් රැස් කරන ලද ලකුණු 48 ක්ම නතැලිගේ පිත්තෙන් වාර්තා වූ අතර ඒ සදහා ඇය වැය කරන ලද්දේ පන්දු 29 ක් පමණක් වීම කැපී පෙනිණ.
එංගලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් ලබා සිටින පිතිකාරිණිය බවට පත්ව සිටින නැතලි සුගන්ධිකා කුමාරිගේ පන්දුවක් හමුවේ අලංකාර ඉන්සයිඩ් අවුට් පහරකින් රැස් කරන ලද ලකුණු 6 ත් සමග සිය 10 වැනි එක්දින ශතකය සම්පූර්ණ කර ගත්තාය. ඇයගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් වර්ණවත්ව තිබිණ.
ශ්‍රී ලංකාව මූලික තරග වටය යටතේ සහභාගිවන මීළඟ තරගය මේ මස 14 වැනිදා නවසීලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.
එංගලන්තය පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 253 යි – (ඇමී ජෝන්ස් 11, ටැමි බියුමන්ට් 32, හෙදර් නයිට් 29, නැතලි ෂිවර් බ්‍රාන්ට් 117, සොෆියා ඩන්ක්ලි 18, එමා ලෑම්බ් 13, චාලි ඩීන් 19, ඇලිස් කැප්සි 00, සොෆී එක්සෙල්ස්ටන් 03, ලින්සේ ස්මිත් 05*, ලෝරන් බෙල් 01*, උදේශිකා ප්‍ර බෝධනී 55/2, සුගන්ධිකා කුමාරි 66/2, ඉනෝකා රණවීර 33/3, කවීෂා දිල්හාරි 34/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 45.4 කදී සියලු දෙනා දැවී ලකුණු 164 යි – (හසිනි පෙරේරා 35, චමරි අතපත්තු 15, විශ්මි ගුණරත්න 10, හර්ෂිතා සමරවික්‍රම 33, කවීෂා දිල්හාරි 04, නිලක්ෂි ද සිල්වා 23, අනුෂ්කා සංජීවනී 10, දෙව්මි විහංගා 03, සුගන්ධිකා කුමාරි 04, උදේශිකා ප්‍ර බෝධනී 00, ඉනෝකා රණවීර 03*, සොෆී එක්සෙල්ස්ටන් 17/4, ඇලිස් කැප්සි 15/1, චාලි ඩීන් 47/2, නැතලි ෂිවර් බ්‍රන්ට් 25/2, ලින්සේ ස්මිත් 22/1)






