slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2025
ලියෝ ක්‍රීඩා සමාජය කඩුලු පහට 104

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ‘ටියර් බී‘ කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (26) දොඹගොඩ යුද හමුදා පිටියේ පැවැත්වුණු ලියෝ ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම් අතර තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ලියෝ ක්‍රීඩා සමාජය තරගය නිම වන විට කඩුලු  පහකට ලකුණු 104ක් රැස් කර සිටියේය.

දිනය පුරා වරින් වර පැවැති වර්ෂාව මත අද දිනයේ දී යැවිය හැකි වුයේ පන්දුවාර  39ක් පමණකි. කාසියේ වාසිය දිනු කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු රැකීමටය.

ලියෝ ක්‍රීඩා සමාජයේ පළමු කඩුලු තුන මුළු ලකුණු නවයක් වන විට දැවී ගොස් කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්ව සිටියේ පන්දුවාර 5.5ක් පමණක් යවා තිබිය දී  ය.  මේ තත්ත්වයෙන් කණ්ඩායම ගොඩ ගනු ලැබුවේ අකීල් ඉන්හම් සහ නෙත්ම කරුණාරත්න හය වන කඩුල්ලට නොදැවී ලකුණු  63ක සබඳතාවයක් තබා ගැනීමෙනි.

 තරගය නතර කරන විට අංක හතර පිතිකරු අකීල් ඉන්හම් පන්දු 91කට මුහුණ දී හතරේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 41ක් ද අංක හත පිතිකරු නෙත්ම කරුණාරත්න පන්දු 64කට මුහුණ දී හතරේ පහර තුනක් සමග නොදැවී ලකුණු 35ක් ද ලබා සිටියහ.

 දක්ෂ පන්දු යැවීමක නිරත වු කැන්ඩි කස්ටම් කණ්ඩායමේ අෂාන් රන්දික පන්දුවාර දහයක් යවා ලකුණු විස්සකට කඩුලු තුනක් දවාලුවේය.

 මේ අතර මෙම තුන් දින ලීග් තරගාවලියේ 28 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික්ක ක්‍රිකට් පිටියේ දී ආරම්භ වීමට නියමිත තිබූ ගාලු ක්‍රීඩා සමාජය සහ යුනයිටඩ් සදර්න් අතර තරගය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 27) කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේ උදේ 10.00ට ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 39ක දී කඩුලු පහක් දැවී ලකුණු 104 යි – (අකීල් ඉන්හම් නොදැවී 41, නෙත්ම කරුණාරත්න නොදැවී 35, රොමේෂ් සුරංග 11, අයොන් ප්‍රනාන්දු 07, අෂාන් රන්දික 20/3, ෂොන් රුද්‍රිගො 21/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

USD United States (US) dollar