slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2025
ටියර් ‘බී‘ තුන්දින තරගාවලිය නොවැම්බර් 26දා ඇරඹෙයි

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ‘ටියර් බී‘ කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලිය මෙම නොවැම්බර් මස 26 වැනිදා ආරම්භ වේ. සමාරම්භක දිනයේ දී ලියෝ ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී තරග වදිනු ඇත.

කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ දී පළමු සතියේ පැවැත්වීමට නියමිත අනෙක් තරග 5 නොවැම්බර් මස 28 වැනිදා සිට 30 වැනිදා පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියේ ඉකුත් වර ශුරයන් බවට පත් වුයේ බුද්ධික හසරංගගේ නායකත්වයෙන් යුතු ගාලු ක්‍රීඩා සමාජය වන අතර ඔවුන් පළමු සතියේ දී අසල්වැසි යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සමග තරග වදිනු ඇත. එම තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම විශේෂත්වයක් වේ.

 ඉකුත් වසරේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ද මේ තරගාවලියට සහභාගි වු අතර එම කණ්ඩායම මෙවර ද ඉදිරිපත්ව සිටී.

පළමු සතිය වන නොවැම්බර් මස 28 වැනිදා සිට 30 වැනිදා අතර කාලයේදී යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය, මොරටුව ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය සහ මැලේ ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජ තරග වදිති.

ලීග් ක්‍රමය යටතේ ශූරයින් තෝරනු ලබන මෙවර තරගාවලියද සති අන්ත දහයක් පුරා පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee