slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2025
දේශීය තරග කල් දමයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ දිනවල පවත්වනු ලබන දේශීය තරගාවලි 3 ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටුව විසින් තීරණය කර තිබේ. එ අතර මෙරට පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියද වේ.

ප්‍රමුඛ පෙළ කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (28 වැනිදා) දිනයේදී සිදුකිරීමට නියමිත වුවත්, පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත එය ආරම්භය ලබන දෙසැම්බර් 05 වැනිදා නියම කර ඇත.

මීට අමතරව ඉකුත් 26 වැනිදා ආරම්භ වුණු අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ තුන්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට ඇරැඹීමට නියමිත තරගවලට අමතරව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේදී හෙට (28 දා) පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රීමා කුසලාන වෙනුවෙන් ක්‍රියාත්මක අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ද කල් දැමීමට පියවර ගෙන තිබේ.

ටියර් ‘බී‘ කොටසේ තරග ද ලබන දෙසැම්බර් මස 05 වැනිදා දක්වා කල් දැමුණු නමුත්, ප්‍රීමා කුසලාන අවුරුදු 15 න් පහළ තරගාවලිය පැවැත්වෙන්නේ කවදාද යන්න මෙතෙක් තීරණය කොට නොමැත. ඒ අනුව එම දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar