slc
logo
Home   |    News
දෙසැම්බර් 3, 2025
විස්සයි-20 තරග 5 කට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා කාන්තා පිල ඉන්දියාවට යයි

sinhala editor

ඉන්දියානු කාන්තා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 ජාත්‍යන්තර තරග 5 කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මසදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවනු ලබන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේද ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන මෙම තරග 5 කින් සමන්විත තරගාවලිය වේ.

වර්තමාන එක්දින ලෝක ශූරියන් වන ඉන්දියානු පිලට එරෙහිව පැවැත්වෙන තරග විශාකාපත්නම් සහ තිනුවානන්දපුරම්හි පැවැත්වෙනු ඇත. දෙසැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙසැම්බර් මස 17 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

දිනයතරගයක්‍රීඩාංගණය
දෙසැම්බර් 21පළමු විස්සයි-20 තරගයවිශාකාපත්නම්
දෙසැම්බර් 23දෙවැනි විස්සයි-20 තරගයවිශාකාපත්නම්
දෙසැම්බර් 26තෙවැනි විස්සයි-20 තරගයතිනුවානන්දපුරම්
දෙසැම්බර් 28සිව්වැනි විස්සයි-20 තරගයතිනුවානන්දපුරම්
දෙසැම්බර් 30පස්වැනි විස්සයි-20 තරගයතිනුවානන්දපුරම්

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar