ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ දි අද පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස් කිරීමට සමත් වුහ.
සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ රුසිරි විලෝචන නාවික හමුදා ක්‍රීඩා සමාජය සමග ලකුණු 152ක් රැස් කරමින් ද එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නිපුන් ධනංජය කොළඹ මැලේ ක්‍රිකට් සමාජය සමග ලකුණු 122ක් ලබා ගනිමින් ද රාගම ක්‍රිකට් සමාජයේ සහිල් ඩයස් කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය සමග ලකුණු 122ක් රැස් කරමින් ද මෙම දක්ෂතා පෙන්විය.
සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු රුසිරු විලෝචන පන්දු 229කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමග ලකුණු 152ක් ද එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ අංක තුන පිතිකරු නිපුන් ධනංජය පන්දු 209ක දී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමග ලකුණු 122ක් ද රාගම ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු සහිල් ඩයස් පන්දු 168කට මුහුණ දී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමග ද මෙම ශතක ලැබීය.
ගාල්ල ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ප්‍රථම ඉනිමේ දී ලකුණු 63කට කඩුලු පහක් දවාලු යුද හමුදා ක්‍රීඩා සමාජයේ සෙහද සොයිසා දෙවන ඉනිමේ දී ද නැවතවතාවක් ලකුණු 63කට පිතිකරුවන් පස්දෙනෙකු දවාලමින් සම්පූර්ණ තරගයේ දී ලකුණු 126කට කඩුලු දහයක් දවාලීමට සමත් විය.
මීට අමතරව එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග පළමු ඉනිමේ දී කොළඹ මැලේ කණ්ඩායමේ සුදාර දක්ෂිණ කඩුලු පහක් දවාලුවේ ලකුණු 75ක් ලබා දෙමිනි. කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ මිතුන් ජයවික්‍රම රාගම ක්‍රිකට් සමාජයේ පළමු ඉනිමේ දී ලකුණු 46කට කඩුලු පහක් දවාලීමෙන් කැන්ඩි කස්ටම්ස් පිලට පළමු ඉනිමේ දී ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදා විණි.
මීගමුව ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ මීගමුව ක්‍රිකට් සමාජයේ පළමු ඉනිමේ දී මංගල ප්‍රදීප් ලකුණු 93කට කඩුලු පහක් දවාලීමට ද සමත් විය. මංගල ප්‍රදීප් මේ තරගාවලිය පුරාම පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වු ප්‍රබල පන්දු යවන්නෙකි.
මේ තරගාවලියේ මේ සති අන්තයේ තෙවන දිනය වන ඉරිදා කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අත්කර ගනු ඇතැයි අපේක්ෂිතය. මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ගාල්ල ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ජය ලැබීමට යුද හමුදා පිලට දෙවන ඉනිමේ දී ලකුණු 197ක් අවශ්‍යව ඇති අතර අද දිනය නිම වන විට ඔවුන් කඩුලු පහක් දැවී රැස් කර සිටියේ ලකුණු 64කි.
නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී එස්.එස්.සී. පිල පළමු ඉනිමේ රැස් කළ ලකුණු 357ට පිළිතුරු ලෙස කොළඹ මැලේ පිල පළමු ඉනිමේ රැස් කළේ ලකුණු 120ක් පමණකි. කොළඹ මැලේ පිල දෙවන ඉනිමේ දී ද ලකුණු 18කට කඩුල්ලක් දැවී සිටී.
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මීගමුව ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ද මේ වන විට මීගමුව ක්‍රිකට් සමාජය ඉදිරියෙන්ම පසු වේ.
ලකුණු සාරංශය
- නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 62.1ක දී සියල්ල දැවී ලකුණු 255 – ලක්ෂාන් රුද්‍රිගෝ 65, සුමල්ක ප්‍රනාන්දු 65, වරුණ මයන්ත 64, තෙවිඳු දික්වැල්ල 42, හෂාන් සංදීප 57/4, මිරංග වික්‍රමගේ 78/4
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 86.3ක දී සියල්ල දැවී ලකුණු 344 – රුසිරු විලෝචන නොදැවී 152, මලින්ද මලිගස්පේ 57, උමයංග සුවාරිස් 53, තරුෂ ප්‍රනාන්දු 18, මනෙල්ක ද සිල්වා 15, නවිඳු නිර්මාල් 15, මලිත හපුආරච්චි නොදැවී 12, දිලංක අවුවාඩ් 30/4, ගිහාන් ද සොයිසා 125/4
නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 23ක දී කඩුලු 2ක් දැවී ලකුණු 81 – තෙවිඳු දික්වැල්ල නොදැවී 54, ආසිරි ද සිල්වා 16, මිරංග වික්‍රමගේ 31/1
ගාල්ල ක්‍රිකට් සමාජයෙන් අවසන් මොහොතේ පෙරළියක්
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 47.1ක දී සියල්ල දැවී ලකුණු 194 – රමේෂ් නිමන්ත 62, අමිත් එරන්ද 56, සුපුන් කවිඳ 25, රජිත් ප්‍රියාන් 16, ලිසුල ලක්ෂාන් 11, සෙහඳ සොයිසා 63/5, රත්නරාජා තෙනුරතන් 30/2
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 50ක දී සියල්ල දැවී ලකුණු 193 – සෙහද සොයිසා 54, තරිඳු දිලංක 43, රත්නරාජා තෙනුරතන් නොදැවී 36, අෂාන් සුදර්ශන 31, සීක්කුගේ ප්‍රසන්න 12, රජිත් ප්‍රියාන් 41/3, සුභානු රාජපක්ෂ 15/2, චතුර රන්දුනු 39/2, රජීව වීරසිංහ 75/2
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 46.4 දී සියල්ල දැවී ලකුණු 196 – රමේෂ් නිමන්ත 51, කෙවින් කොත්තිගොඩ 38, සුපුන් කවිඳ 32, රජීව වීරසිංහ 20, සුභානු රාජපක්ෂ 20, අමිත් එරන්ද 16, සෙහද සොයිසා 63/5, රවීන් පෙරේරා 12/4
යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 18ක දී කඩුලු 5ක් දැවී ලකුණු 64 – ඉෂාර මෙන්ඩිස් 27, අෂාන් සුදර්ශන 13, රජීව වීරසිංහ 8/3
- එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නැවත ජය අභියස
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 100.5ක දී කඩුලු 9ක් දැවී ලකුණු 357 – නිපුන් ධනංජය 122, අවිශ්ක ප්‍රනාන්දු 74, ක්‍රිෂාන් සංජුල 39, නදීෂ ආකාෂ් 36, දිනුර කළුපහන 28, ප්‍රභාත් ජයසූරිය නොදැවී 21, සුදාර දක්ෂිණ 75/5
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 60.1ක දී සියල්ල දැවී ලකුණු 120 – සචින් ගොඩමාන්න 52, වෝෂිත අමරසිංහ 26, දුනිත් ද සිල්වා 16, කවිඳ ඉස්වර 10, ප්‍රභාත් ජයසූරිය 31/4, ප්‍රමෝද් මධුෂාන් 20/3, නිපුන් ධනංජය 9/2
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 10ක දී කඩුල්ලක් දැවී ලකුණු 18 – වෝෂිත අමරසිංහ නොදැවී 11, කසුන් රාජිත 4/1
- රාගම ක්‍රිකට් සමාජය පෙරළා සටන් කරයි
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 82.3ක දී සියල්ල දැවී ලකුණු 300 – අෂාන් රන්දික 120, දිලාන් ජයලත් 71, අවිඳු තීක්ෂණ 39, ළහිරු අත්තනායක 28, මලිඳු මධුරංග 16, ලක්ෂාන් ගමගේ නොදැවී 14, උපුල් ඉන්ද්‍රසිරි 110/6, කසුන් කරුණාතිලක 59/3
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 72.5ක දී සියල්ල දැවී ලකුණු 233 – සහිල් ඩයස් 122, චානක විජේසිංහ 39, රවිඳු සෙම්බුකුට්ටි 19, කසුන් කරුණාතිලක 16, රන්මිත් ජයසේන 14, මිතුන් ජයවික්‍රම 46/5, යශෝධ මෙන්ඩිස් 55/2
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 15ක දී කඩුලු 2ක් දැවී ලකුණු 15 – කොසාන් ජයවික්‍රම 2/1, උපුල් ඉන්ද්‍රසිරි 7/1
- සියලු ගෞරව මීගමුව ක්‍රිකට් සමාජයට
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 83.1ක දී සියල්ල දැවී ලකුණු 277 – උමේෂ් ලක්ෂාන් 63, කෙෂාන් වන්නිආරච්චි 55, දිමුත් සඳරුවන් 54, පසිඳු තිරිමැදුර 23, හංසජ හිරුණ 32, ඇන්ජලෝ ජයසිංහ 16, ශෙෂාන් ප්‍රනාන්දු 14, මංගල ප්‍රදීප් 93/5, මල්ෂාන් ගුණසිංහ 83/3, ෂෙනාෂ් ප්‍රනාන්දු 59/2
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 46ක දී සියල්ල දැවී ලකුණු 136 – අෂේන් මෙන්ඩිස් 39, මංගල ප්‍රදීප් 22, උමේෂ් ලක්ෂාන් 16, නෙත්ම කරුණාරත්න 10, අමිත සංදීප පෙරේරා 30/4, හංසජ හිරුණ 42/3
මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 28.1ක දී කඩුල්ලක් දැවී ලකුණු 98 – පසිඳු තිරිමැදුර නොදැවී 63, කෙෂාන් වන්නිආරච්චි නොදැවී 28, මංගල ප්‍රදීප් 36/1





