slc
logo
Home   |    News
ජනවාරි 9, 2026
අෂාන් රන්දික ලකුණු 120 – උපුල් ඉන්ද්‍රසිරි 110/6

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වු මේ සති අන්තයේ තරග අතුරින් කොස්ගම ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැති කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු අෂාන් රන්දික ලකුණු 120ක් රැස් කරමින් දිනයේ එකම ශතකය වාර්තා කළේය.

 කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම අද දිනයේ තරගය නිමවීමට මඳ වේලාවකට පෙර සියලුම පිතිකරුවන් පන්දුවාර 82.3ක දී දැවී ගියේ ලකුණු 300කට ය. ]අෂාන් රන්දික ලකුණු 120ක් රැස් කරමින් දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුයේ පන්දු 182කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර දෙකක් ද එල්ල කරමිනි.

 කැන්ඩි කස්ටම්ස් සිව්වන කඩුල්ලට අෂාන් රන්දික සහ ඩිලාන් ජයලත් වැඩිම සබඳතාව රැස් කළේ ලකුණු 145ක් ලබා ගනිමිනි. දිලාන් ජයලත් ලකුණු 71ක් ලැබීය. මේ තරගයේ තවත් විශේෂ සිදුවීමක් වුයේ රාගම ක්‍රිකට් සමාජයේ උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 110කට කඩුලු හයක් දවා දිනයේ දක්ෂතම පන්දු යැවීම සිදු කිරීමයි.

 දිනයේ වැඩිම ලකුණු ලැබීමේ දෙවැනි පිතිකරු වුයේ මේ තරගාවලිය පුරා ලකුණු අතර සිටින පිතිකරුවකු වන එස්.එස්.සී. කණ්ඩායමේ අංක තුන පිතිකරු නිපුන් ධනංජයයි. ඇඳිරි කාලගුණය මත තරගය නියමිත වේලාවට මඳකට පෙර නතර කරන විට නිපුන් ධනංජය නොදැවී ලකුණු 89ක් රැස් කර ශතකයට තවත් ලකුණු 11ක් පමණක් අවශ්‍යව සිටියේ ඒ වන විට පන්දු 170කට මුහුණ දී හතරේ පහරක් පමණක් එල්ල කරමිනි.

 නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත පිටියේ පැවැත්වෙන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගය නිම වන විට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කඩුලු පහකට ලකුණු 272ක් රැස් කරමින් ප්‍රබල තත්ත්වයක පසු විය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74ක් රැස් කරමින් මේ වන විට තම සුපුරුදු රිද්මය කරා පියනගන ආකාරය දක්නට ලැබිණි.

 පන්දු යවන්නන් අතුරින් මෙදින කැපී පෙනුණු තවත් පන්දු යවන්නෙකු වු යුද හමුදා ක්‍රීඩා සමාජයේ සෙහඳ සොයිසා මුවර්ස් පිටියේ දී ගාල්ල ක්‍රිකට් සමාජයේ පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු 63කට දවාලීමෙන් ගාල්ල ක්‍රිකට් සමාජයේ පළමු ඉනිම ලකුණු 194කට සීමා විණි. ගාල්ල ක්‍රිකට් සමාජයේ ප්‍රථම කඩුල්ලට රමේෂ් නිමන්ත ලකුණු 62ක් සහ නායක අමිත් එරන්ද ලකුණු 56ක් රැස් කරමින් පන්දුවාර 17.4ක දී ලකුණු 106ක සබඳතාවයක් තබා ගත්තත් අවසාන කඩුලු දහයම දැවී ගියේ ලකුණු 88කට ය.

 නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු තරගයේ දී මුලින් පන්දුවට පහර දෙන නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රබල පිතිකරුවන් වු අංක දෙක පිතිකරු ලක්ෂාන් රුද්‍රිගෝ ලකුණු 65ක් ද අංක තුන පිතිකරු තෙවිඳු දික්වැල්ල ලකුණු 42ක් ද අංක හතර පිතිකරු වරුණ මයන්ත ලකුණු 64ක් ද අංක පහ පිතිකරු සුමල්ක ප්‍රනාන්දු ලකුණු 65ක් ද රැස් කර යහපත් ආරම්භක් කණ්ඩායමට ලබා දුන්නත් ඉතිරි පිතිකරුවන් හත්දෙනාම රැස් කළේ ලකුණු හතක් පමණකි.

ලකුණු සාරංශය

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය – බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී

 නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 62.1ක දී සියල්ල දැවී ලකුණු 255 – ලක්ෂාන් රුද්‍රිගෝ 65, සුමල්ක ප්‍රනාන්දු 65, වරුණ මයන්ත 64, තෙවිඳු දික්වැල්ල 42, හෂාන් සංදීප 57/4, මිරංග වික්‍රමගේ 78/4

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 14ක දී කිසිවෙකු නොදැවී ලකුණු 61මලින්ද මලිගස්පේ නොදැවී 38, රුසිරු විලෝචන නොදැවී 23

  • ගාල්ල ක්‍රිකට් සමාජය – යුද හමුදා ක්‍රීඩා සමාජය – මුවර්ස් ක්‍රීඩාංගණයේ දී

 ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 47.1ක දී සියල්ල දැවී ලකුණු 194 – රමේෂ් නිමන්ත 62, අමිත් එරන්ද 56, සුපුන් කවිඳ 25, රජිත් ප්‍රියාන් 16, ලිසුල ලක්ෂාන් 11, සෙහඳ සොයිසා 63/5, රත්නරාජා තෙනුරතන් 30/2

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 21ක දී කඩුලු 4ක් දැවී ලකුණු 70අෂාන් සුදර්ශන 31, තරිඳු දිලංක නොදැවී 26, රජීව වීරසිංහ 15/2

  • එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ දී

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 80.2ක දී කඩුලු 5ක් දැවී ලකුණු 272නිපුන් ධනංජය නොදැවී 89, අවිශ්ක ප්‍රනාන්දු 74, ක්‍රිෂාන් සංජුල 39, නදීෂ ආකාෂ් 36, නුවනිඳු ප්‍රනාන්දු 13, සුදාර දක්ෂිණ 57/2

  • කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – රාගම ක්‍රිකට් සමාජය – ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

 කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 82.3ක දී සියල්ල දැවී ලකුණු 300 – අෂාන් රන්දික 120, දිලාන් ජයලත් 71, අවිඳු තීක්ෂණ 39, ළහිරු අත්තනායක 28, මලිඳු මධුරංග 16, ලක්ෂාන් ගමගේ නොදැවී 14, උපුල් ඉන්ද්‍රසිරි 110/6, කසුන් කරුණාතිලක 59/3

  • මීගමුව ක්‍රිකට් සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 76ක දී කඩුලු 7ක් දැවී ලකුණු 257උමේෂ් ලක්ෂාන් 63, කෙෂාන් වන්නිආරච්චි 55, දිමුත් සඳරුවන් 54, පසිඳු තිරිමැදුර 23, හංසජ හිරුණ නොදැවී 20, ඇන්ජලෝ ජයසිංහ 16, මංගල ප්‍රදීප් 88/4, ෂෙනාෂ් ප්‍රනාන්දු 59/2

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee