ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වු තරග හය අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කළේය.
මේ කණ්ඩායම් දෙක ජයග්‍රහණ අත්කර ගත්තේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කඩුලු හයකින් යුද හමුදා ක්‍රීඩා සමාජයත් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය කඩුලු නවයකින් කොළඹ මැලේ ක්‍රිකට් සමාජයත් පරාජයට පත් කරමිනි.
අද නිම වු සෙසු තරග හතර ජය පරාජයකින් තොරව නිම විය. එහෙත් යුනයිටඩ් සදර්න් – සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් යුනයිටඩ් සදර්න් කණ්ඩායමත් ගාල්ල ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ලියෝ ක්‍රිකට් සමාජයත් මොරටුව ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය අතර තරගයෙන් මොරටුව ක්‍රීඩා සමාජයත් රාගම ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් රාගම ක්‍රිකට් සමාජයත් පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කර ගත්හ.
මෙදින එකම ශතකය වාර්තා වුයේ මොරටුව ක්‍රීඩා සමාජයේ උමේෂ් ලක්ෂාන් මීගමුව ක්‍රිකට් සමාජය සමග තරගයේදී පන්දු 211ක දී හතරේ පහර නවයක් සමග ලකුණු 120ක් රැස් කිරීමෙනි.
පන්දු යවන්නන් සිව්දෙනෙකුම කඩුලු පහ සහ එය ඉක්මවා ලැබීමට සමත් විය. ගාල්ල ක්‍රිකට් සමාජයේ චතුර රන්දුනු ලියෝ ක්‍රිකට් සමාජය සමග දෙවන ඉනිමේ දී ලකුණු 63කට කඩුලු හයක් දවාලමින් ද සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ මිරංග වික්‍රමගේ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සමග ලකුණු 49කට කඩුලු හයක් දවාලමින් ද කැන්ඩි කස්ටම්ස් සහ කොළඹ මැලේ අතර තරගයේ දී කොළඹ මැලේ දෙවන ඉනිමේ දී කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ මිතුන් ජයවික්‍රම ලකුණු 101කට කඩුලු පහක් දවාලමින් ද එස්.එස්.සී. කණ්ඩායමේ කසුන් රාජිත යුද හමුදා ක්‍රීඩා සමාජයේ දෙවන ඉනිමේ දී ලකුණු 27කට කඩුලු පහක් ද දවාලමින් ද මේ දක්ෂතා පෙන්වනු ලැබීය.
අද තවත් කණ්ඩායම් තුනක්ම ජයග්‍රහණ අසළටම පැමිණියත් ඔවුනට එම ජයග්‍රහණ අත්නොවුයේ අවාසනාවන්ත අයුරින් කාලය හරස් වීමෙනි.
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ජය ගැනීමට යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුණු 249ක ඉලක්කයක් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයට ලබා දුන්නත් ඔවුන් කඩුලු නවයක් දැවී රැස් කළේ ලකුණු 138කි. යුනයිටඩ් සදර්න් ඒ වන විට පසු වුයේ ජය අභියසය.
ගාල්ල ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේ දී ලකුණු 213ක ජයග්‍රහණ ඉලක්කයක් ලියෝ ක්‍රිකට් සමාජයට දුන්නත් තරගය නිම වන විට ඔවුන් රැස් කර සිටියේ කඩුලු අටක් දැවී ලකුණු 136කි.
නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ජය ගැනීමට රාගම ක්‍රිකට් සමාජයට ලකුණු 139ක පහසු ජයග්‍රහණ ඉලක්කයක් හිමි වුවත් ඔවුන් තරගය නිම වන විට කඩුලු හතක් දැවී රැස් කර සිටියේ ලකුණු 75කි.
ලකුණු සාරංශය
- එස්.එස්.සී. කඩුලු හතකින් ජය ගනී
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 71.5ක දී සියල්ල දැවී ලකුණු 233 – ක්‍රිෂේන් අපෝන්සු 75, ෂෙහද සොයිසා 39, පැතුම් දිල්ෂාන් 35, අසේල ගුණරත්න 34, සීක්කුගේ ප්‍රසන්න 10, නිපුන් ධනංජය 31/3, කසුන් රාජිත 58/3, නුවනිඳු ප්‍රනාන්දු 14/2, ප්‍රභාත් ජයසූරිය 56/2
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 65ක දී සියල්ල දැවී ලකුණු 185 – අවිශ්ක ප්‍රනාන්දු 78, ක්‍රිෂේන් සංජුල 32, මිලින්ද සිරිවර්ධන 18, ෂෙවෝන් ඩැනියල් 16, නිපුන් ධනංජය 16, ගයාන් චන්ද්‍රබෝස් 37/4, සෙහද සොයිසා 40/3, රත්නරාජා තෙනුරතන් 10/2
යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 48.1ක දී සියල්ල දැවී ලකුණු 127 – ක්‍රිෂේන් අපෝන්සු 41, අසේල ගුණරත්න 28, තරිඳු දිලංක 11, කසුන් රාජිත 27/5, ප්‍රභාත් ජයසූරිය 62/4
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 43.5ක දී කඩුලු 3ක් දැවී ලකුණු 179 – නිපුන් ධනංජය නොදැවී 77, ෂෙවෝන් ඩැනියල් 57, අවිශ්ක ප්‍රනාන්දු 25, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 15, අසේල ගුණරත්න 19/2
- කැන්ඩි කස්ටම්ස් කඩුලු නවයකින් ජය ගනී
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 84ක දී කඩුලු 9ක් දැවී ලකුණු 414 – මලිඳු මධුරංග 196, අවිඳු තීක්ෂණ 71, දිලාන් ජයලත් නොදැවී 63, අෂාන් රන්දික 27, යශෝධ මෙන්ඩිස් 19, ප්‍රමේෂ් මධුභාෂණ 15, සුදාර දක්ෂිණ 94/4, කවිඳ ඊශ්වර 78/3, චානක දේවින්ද 94/2
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 48.1ක දී සියල්ල දැවී ලකුණු 161 – පුලස්ති අතපත්තු 42,වෝෂිත අමරසිංහ 38, සචින් ගොඩමාන්න 18, කෙවින් සැමුවල් 16, මිතුන් ජයවික්‍රම 48/4, කවීෂ ඉඳුවර 20/3
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 131.2ක දී සියල්ල දැවී ලකුණු 329 – පුලස්ති අතපත්තු 95, කවීෂ දුලාංජන 55, චානක දේවින්ද 45, ටෙරන් බාස්කරන් 42, සචින් ගොඩමාන්න 31, කවිඳ ඊශ්වර 16, මිතුන් ජයවික්‍රම 121/5, දිලාන් ජයලත් 37/2
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 7.4ක දී කඩුල්ලක් දැවී ලකුණු 80 – අශාන් රන්දික නොදැවී 36,මලිඳු මධුරංග 23, මිතුන් ජයවික්‍රම නොදැවී 16, කවිඳ ඊශ්වර 43/1
- යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 99ක දී සියල්ල දැවී ලකුණු 341 – කවිඳු එදිරිවීර 141, දෙනුවන් රාජකරුණා 83, පෙසඳු සංජන් 33, සසංක නිර්මාල් 28, දිල්ෂාන් කාංචන 26, ආදිත්‍ය සිරිවර්ධන 18, හෂාන් සංදීප 90/3, මනෙල්ක ද සිල්වා 36/2, චරිත් රාජපක්ෂ 43/2
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 70ක දී සියල්ල දැවී ලකුණු 260 – නවිඳු නිර්මාල් 98, තරුෂ ප්‍රනාන්දු 46, මාලිංග මලිගස්පේ 44, කවීන් පීරිස් 22, මිරංග වික්‍රමගේ 20, තරූෂ දමිඳු 63/4, හිමාල් රවිහංස 79/3
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 58.4ක දී සියල්ල දැවී ලකුණු 168 – ආදිත්‍ය සිරිවර්ධන 55, පෙසඳු සංජන් 50, දෙනුවන් රාජකරුණා 19, නිපුන ගමගේ 17, මිරංග වික්‍රමගේ 49/6, හෂාන් සංදීප 59/2
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 37ක දී කඩුලු 9ක් දැවී ලකුණු 138 – මාලිංග මලිගස්පේ 42, මනෙල්ක ද සිල්වා 26, රුසිරු විලෝචන 23, නවිඳු නිර්මාල් 11, හිමාල් රවිහංස 34/4, දනෝෂ් ද සිල්වා 25/2, සසංක නිර්මාල් 28/2
- ගාල්ල ක්‍රිකට් සමාජයේ ජයග්‍රහණයට කාලය හරස් වේ
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 79.5ක දී සියල්ල දැවී ලකුණු 314 – රමේෂ් නිමන්ත 99, සුභානු රාජපක්ෂ 51, ලිසුල ලක්ෂාන් 38, අමිත එරන්ද 33, රජීව වීරසිංහ 32, හංසමාන ද සිල්වා 29, මංගල ප්‍රදීප් 111/4, මල්ෂාන් ගුණසිංහ 127/4
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 99.5ක දී කඩුලු 9ක් දැවී ලකුණු 330 – සලිඳු පතිරණ 92, විශ්ව රාජපක්ෂ නොදැවී 50, ෂෙනාෂ් ප්‍රනාන්දු 38, රොමේෂ් සුරංග 38, මල්ෂාන් ගුණසිංහ නොදැවී 23, හිරුන් සිගේරා 19, අයෝන් ප්‍රනාන්දු 18, සුභානු රාජපක්ෂ 74/3, කෙවින් කොත්තිගොඩ 46/2, රජීව වීරසිංහ 72/2
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 42ක දී කඩුලු 7ක් දැවී ලකුණු 229 – ලිසුල ලක්ෂාන් නොදැවී 55, හසිත සුරංග 36, කෙවින් කොත්තිගොඩ 27, අමිත් එරංග 24, සුභානු රාජපක්ෂ 23, රමේෂ් නිමන්ත 20, මංගල ප්‍රදීප් 79/4
ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 39ක දී කඩුලු 8ක් දැවී ලකුණු 136 – විශ්ව රාජපක්ෂ නොදැවී 31, සලිඳු පතිරණ 26, හිරුන් සිගේරා 23, රොමේෂ් සුරංග 17, චතුර රන්දුනු 63/6
- මොරටුව ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 44.2ක දී සියල්ල දැවී ලකුණු 120 – කවීන් ප්‍රනාන්දු 42, අමිත සංදීප 37, ශෙහාන් ප්‍රමෝද් 16, ගයාන් සිරිසෝම 40/4, මෙතුෂාන් තිළිණ 19/3
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 96.5ක දී සියල්ල දැවී ලකුණු 291 – ගැවින් බොතේජු 50,තිළිණ දිල්ෂාන් 34,පුබුදු බණ්ඩාර 34, රශ්මික මෙවන් 34, සහන් කෞෂල්‍ය 26, අභිෂේක් ලියනආරච්චි 23, මෙතුෂාන් තිළිණ 21, විදුර ලක්ෂාන් නොදැවී 20, චානක රුවන්සිරි 20, ධනුෂ්ක සඳරුවන් 78/4, අමිත සංදීප 64/3, ශෙහාන් ප්‍රමෝද් 47/2
මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 104ක දී කඩුලු 8ක් දැවී ලකුණු 365 – උමේෂ් ලක්ෂාන් 120, පසිඳු තිරිමාදුර 86, කවීන් ප්‍රනාන්දු 38, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 32, ශෙහාන් ප්‍රමෝද් 27, ශෙෂාන් ප්‍රනාන්දු 19, කේෂාන් වන්නිආරච්චි 19, ගයාන් සිරිසෝම 98/4, චානක රුවන්සිරි 77/2
මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 24ක දී කඩුලු 3ක් දැවී ලකුණු 102 – රශ්මික මෙවන් නොදැවී 53, ගැවින් බොතේජු නොදැවී 22, පුබුදු බණ්ඩාර 20, අමිත සංදීප 8/1, ශෙෂාන් ප්‍රනාන්දු 9/1
- රාගම ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජය
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 28.3ක දී සියල්ල දැවී ලකුණු 77 – තෙවිඳු දික්වැල්ල 30, රජිත රත්නායක 10, තුෂාල් ආදිත්‍ය 10, තරුෂ කොඩිකාර 40/5, උපුල් ඉන්ද්‍රසිරි 8/4
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 88ක දී සියල්ල දැවී ලකුණු 271 – කෙමිර විජේනායක 79,රන්මිත් ජයසේන 54,සහීල් ඩයස් 51, චානක විජේසිංහ 35, උපුල් ඉන්ද්‍රසිරි 16, දිලංක අවුවාඩ් 58/6, පූර්ණ චාරුක 53/2
නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 92.5ක දී සියල්ල දැවී ලකුණු 332 – තෙවිඳු දික්වැල්ල 85, ඉෂාන් අබේසේකර 68, පූර්ණ චාරුක 57, තුසල් ආදිත්‍ය නොදැවී 34, කොසාන් ජයවික්‍රම 65/4, උපුල් ඉන්ද්‍රසිරි 120/4
රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 37ක දී කඩුලු 7ක් දැවී ලකුණු 75 – රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 26, සමීන් කඳනආරච්චි 15, දිලංක අවුවාඩ් 22/4, ඉෂාන් අබේසේකර 10/2





