slc
logo
Home   |    News
ජනවාරි 15, 2026
දෙවැනි පුහුණු තරගයත් ශ්‍රී ලංකා යෞවනයෝ ජය ගනිති

sinhala editor

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා අප්‍රිකානු මහද්වීපයට ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවූ දෙවැනි පුහුණු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 07 ක ජයක් ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව වාර්තා කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ අද (14 දා) පස්වරුවේදී සමත්වූහ.

නැමීබියාවේ වොන්ඩරස්හි පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 266 ක් රැස් කරගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තානු පිල වර්ෂාව හේතුවෙන් පන්දුවාර 23.5 කදී තරගය නිමා කරන විට රැස් කරගෙන සිටියේ කඩුලු 3 ක් දැවී ලකුණු 110 ක් පමණි. ඒ අනුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඇෆ්ගනිස්තානු යොවුන් පිලට ලකුණු 118 ක් ලබා ගත යුතු විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 07 ක ජයක් අත්විය. ශ්‍රී ලංකාව ඉකුත් ජනවාරි 11 වැනිදා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති පුහුණු තරගයද ඩක්වර්ත් ලුවිස් නයායට අනුව ලකුණු 12 ක ජයක් ලබා ගනිමින් ලෝක කුසලාන තරගාවලියට ජයග්‍රාහී පෙරහුරුවක් ලබා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මැද පෙළ පිතිකරු කවීජ ගමගේ වන අතර ඔහු පන්දු 109 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 97 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව දුලිනිත් සිගේරා ද පන්දු 123 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 95 ක් ලබා ගත්තේය. කවීජ ගමගේ හා එක් වුණු දුල්නිත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 194 කදී ලකුණු 170 ක් එක් කිරීමටද දායකත්වය දැක්වීය.

ඔවුන්ට අමතරව විරාන් චමුදිත පන්දු 9 කදී ලකුණු 20 ක්ද සෙනුජ වෙකුණගොඩ පන්දු 31 කදී ලකුණු 18 ක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු ලබා ගැනීම වේගවත් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තානු පිලේ පළමු කඩුල්ල ලකුණු 11 ක් වෙද්දී දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක් එක් කිරීමට ඛලිඩ් අහමදසායි සහ ෆයිසාල් ශිනොසදා සමත්වූහ. වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට නායක ඛලිද් අහමදාසායි පන්දු 74 කදී ලකුණු 57 ක් ලබා ගෙන සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් පිල එළැඹෙන 17 වැනි සෙනසුරාදා ජපන් යොවුන් කණ්ඩායමට එරෙහිව යොවුන් ලෝක කුසලාන ක්‍රිිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම  කඩුලු 8ක් දැවී ලකුණු 266 යි  (50.0) – දුල්නිත් සිගේරා 95, කවිජ ගමගේ 97, විරාන් චමුදිත නොදැවී 20, ඛතීර් ස්ටැනිකසාය් 36/3

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 110 (23.5) ඛලිද් අහමදසායි 57, ෆයිසාල් ශිනොසදා 35*, විග්නේෂ්වරන් ආකාෂ් 08/1

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee