ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වු තරග හයේ දී පන්දු යවන්නන් සිව් දෙනෙකුම කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීමට සමත් වීම විශේෂත්වයකි. පන්දු යවන්නන් දැක් වු දක්ෂතාවයන්ට අමතරව මෙදින පිතිකරුවන් තිදෙනෙකුම ශතක ඉක්ම විය.
මොරටුව ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි රාගම ක්‍රිකට් සමාජය සමග ලකුණු අසූවකට කඩුලු හයක් ද ලියෝ ක්‍රිකට් සමාජයේ මල්ෂාන් ගුණසිංහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය සමග ලකුණු 71කට කඩුලු හයක් ද ගාල්ල ක්‍රිකට් සමාජයේ අසේල සම්පත් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සමග ලකුණු 58කට කඩුලු පහක් ද නාවික හමුදාවේ ඉෂාන් අබේසේකර කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සමග ලකුණු 77කට කඩුලු පහක් ද දවාලමින් පන්දු යැවීමේ දී මෙලෙස දක්ෂතා දැක්විය.
පිතිකරුවන් අතුරින් මෙදින වඩාත්ම කැපී පෙනුණු පිතිකරුවා වුයේ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ලක්ෂාන් ගමගේ ය. ලක්ෂාන් ගමගේ මෙදින වේගවත් පිතිහරඹයක නියැළෙමින් නොදැවී ලකුණු 152ක් රැස් කළේ පන්දු 129කට මුහුණ දී හතරේ පහර නවයක් සහ හයේ පහර හතක් සමගය.
රාගම ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී කෙමිර විජේනායක පන්දු 122ක දී හතරේ පහර 14ක් සහ හයේ පහර තුනක් සමග ඉක්මන් ලකුණු 107ක් ද මීගමුව ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මීගමුව ක්‍රිකට් සමාජය දිමුත් සඳරුවන් පන්දු 172ක දී හතරේ පහර හතක් හයේ පහර දෙකක් සමග ලකුණු 102ක් ද රැස් කර ඉතිරි ශතක දෙක වාර්තා කරනු ලැබීය.
මෙයට අමතරව නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ක්‍රීඩා පිටියේ පැවැති යුනයිටඩ් සදර්න් සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ කවිඳු එදිරිවීර ලකුණු 74ක් ද සසංක නිර්මාල් ලකුණු 51ක් ද රැස් කර අර්ධ ශතක වාර්තා කළහ.
ලකුණු සාරංශය
- රාගම ක්‍රිකට් සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය – කොස්ගොඩ ශාලාව යුද හමුදා පිටියේ දී
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 78.1ක දී සියල්ල දැවී ලකුණු 279 – කෙමීර විජේනායක 107, මලීෂ සිල්වා 48, සහිල් ඩයස් 39, මනීෂ රූපසිංහ 30, චානක විජේසිංහ 18, රන්මිත් ජයසේන 15, චානක රුවන්සිරි 80/6
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 8.2ක දී කඩුලු 3ක් දැවී ලකුණු 21– උපුල් ඉන්ද්‍රසිරි 6/2
- මීගමුව ක්‍රිකට් සමාජය – යුද හමුදා ක්‍රීඩා සමාජය – පනාගොඩ යුද හමුදා පිටියේ දී
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 75.2ක දී සියල්ල දැවී ලකුණු 288 – දිමුත් සඳරුවන් 102, ශෙෂාන් ප්‍රනාන්දු 32, කවීන් ප්‍රනාන්දු 28, කෙෂාන් වන්නිආරච්චි 28, ඇන්ජලෝ ජයසිංහ 23, දුලාජ් රණතුංග 20, සෙහද සොයිසා 55/4, අසේල ගුණරත්න 37/2, ගයාන් චන්ද්‍රබොෂ් 72/2
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 11ක දී කඩුලු 3ක් දැවී ලකුණු 37– ඉෂාර මෙන්ඩිස් 20, ශෙෂාන් ප්‍රනාන්දු 26/2
- කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – නාවික හමුදා ක්‍රීඩා සමාජය – දොඹගොඩ යුද හමුදා පිටියේ දී
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 80ක දී කඩුලු 8ක් දැවී ලකුණු 350 – ලක්ෂාන් ගමගේ නොදැවී 152, යශෝධ මෙන්ඩිස් 43, කවීෂ ඉඳුවර නොදැවී 41, මලිඳු මධුරංග 33, රිෂාන් හේරත් 25, ප්‍රමේෂ් මධුභාෂණ 23, ඉෂාන් අබේසේකර 77/5, ජනිත් ප්‍රනාන්දු 89/3
- කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – බී.ආර්.සී. පිටියේ දී
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 73.4ක දී සියල්ල දැවී ලකුණු 217 – පුලස්ති අතපත්තු 50, ටෙරන් බාස්කරන් 42, සචින් ගොඩමාන්න 37, බුද්ධික හසරංග 29, මල්ෂාන් ගුණසිංහ 71/6, විශ්ව රාජපක්ෂ 22/3
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 14ක දී කඩුලු 3ක් දැවී ලකුණු 59 – ෂෙනාෂ් ප්‍රනාන්දු නොදැවී 31, සලිඳු පතිරණ නොදැවී 20, චානක දේවින්ද 22/3
- සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය – ගාල්ල ක්‍රිකට් සමාජය – කටුනායක ගුවන් හමුදා පිටියේ දී
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 63ක දී සියල්ල දැවී ලකුණු 196 – උමයංග සුවාරිස් 52, මාලිංග මලිගස්පේ 43, මනෙල්ක ද සිල්වා 28, ළහිරු ප්‍රනාන්දු 22, මිරංග වික්‍රමසිංහ 14, අසේල සම්පත් 58/5, සුභානු රාජපක්ෂ 65/2
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 17ක දී කිසිවෙකු නොදැවී ලකුණු 73 – අමිත් එරන්ද නොදැවී 37, රමේෂ් නිමන්ත නොදැවී 31
- යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ දී
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 90ක දී කඩුලු 7ක් දැවී ලකුණු 178 – කවිඳු එදිරිවීර 74, සසංක නිර්මාල් 51, දෙනුවන් රාජකරුණා නොදැවී 17. නිපුන් ධනංජය 17/2, නුවනිඳු ප්‍රනාන්දු 19/1





