slc
logo
Home   |    News
ජනවාරි 10, 2026
පොලිසියේ අවිශ්ක හා ඒස් කැපිටල් පිලේ පවන්ත ශතක ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ දෙවැනි දිනය වූ  අද (9) තවත් ශතක දෙකක් වාර්තා විය. ඊයේ දිනයේ වාර්තා වූ ශතක දෙකත් සමඟ මේ වනවිට ශතක 4ක් වාර්තාවී තිබේ.

පොලිස් ක්‍රීඩා සමාජයේ අවිශ්ක තරිදු බ්ලුම්ෆීල්ඩ් පිලට එරෙහිව පන්දු 156කදී හයේ පහර 3ක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 116ක් හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ පන්දු 131කදී හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 100ක් අද දිනයේ වාර්තා කළහ.

එයට අමතරව අද වාර්තාවූ අර්ධ ශතක අතරේ පානදුර ක්‍රීඩා සමාජයේ ඉ‍රෝෂ් සමරසූරිය ලකුණු 87ක්, එන්සීසී පිලේ චාමික කරුණාරත්න ලකුණු 62ක්, බඳුරලිය ක්‍රීඩා සමාජයේ විනුර දිල්සර ලකුණු 68ක්, සුමුදු ලක්ෂාන් ලකුණු 51ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ කවිඳු ආමන්ත ලකුණු 75, මුවර්ස් පිලේ රමේෂ් මෙන්ඩිස් ලකුණු 65ක්, ෂෙහාන් ප්‍රනාන්දු ලකුණු 51ක් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී ලකුණු 50ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී  බ්ලුම්ෆීල්ඩ් පිලේ දුවිඳු තිලකරත්න ලකුණු 80කට කඩුලු 5ක්, ටැමිල් යූනියන් පිලේ ළහිරු සමරකෝන් ලකුණු 34කට කඩුලු 5ක් හා ඒස් කැපිටල් ක්‍රීකට් සමාජයේ චමෝද් බැට්ටගේ ලකුණු 79කට කඩුලු 6ක් බිද‍හෙළූහ.

පළමු දිනය වූ ඊයේ සීසීසී පිලේ පවන් රත්නායක පානදුර ක්‍රීඩා සමාජයට එ‍රෙහිව පන්දු 170කදී හයේ පහර 3ක් හා හතරේ 9ක් සමඟ ලකුණු 116ක් ලබාගත් අතර,  මුවර්ස් පිලේ සොහාන් ඩී ලිවේරා කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 160කදී හතරේ 14ක් සමඟ ලකුණු 139ක් ලබා ගැනීමට සමත් වූහ.

ලකුණු සාරාංශය

බ්ලූම්ෆීල්ඩ් – පොලිස් අතර තරගය පී. සරා ඕවල් පිටියේදී

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 54.5කදී සියලු දෙනා දැවී ලකුණු 192

රොන් චන්ද්‍රගුප්ත 22, අසිත වන්නිනායක 32, තරිඳු හර්ෂණ 23,  රවිඳු ප්‍රනාන්දු 47, දුවිඳු තිලකරත්න 32 (නිපුන් ප්‍රේමරත්න 55/2, චාරුක ප්‍රමෝද් 40/4, දිලුම් සුධීර 39/3)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 81.3කදී සියලු දෙනා දැවී ලකුණු 284

අවිශ්ක තරිදු 116, ල්‍රියමාල් පෙරේරා ‍32, විශාද් රන්දික 24, චතුරංග කුමාර 33, දිලුම් සුධීර 18, නලීන් ප්‍රියදර්ශන නොදැවී 20 (දුවිඳු තිලකරත්න 80/5, රවිඳු ප්‍රනාන්දු 48/3)

බ්ලූම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම ඕවර් 37කදී කඩුලු 6ක් දැවී ලකුණු 130

හසිත අමරසිංහ 17, මිනෙත් ප්‍රේමරත්න 34, තරිඳු හර්ෂණ 25, රොන් චන්ද්‍රගුප්ත 22, අසිත වන්නිනායක නොදැවී 21 ( දිලුම් සුධීර 48/2, නලීන් ප්‍රියදර්ශන 53/4)

සීසීසී – ‍ පානදුර අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සීසීසී පළමු ඉනිම ඕවර් 83.2කදී සියලු දෙනා දැවී ලකුණු 309

නිශාන් මධූෂ්ක 50, ලසිත් කෘස්පුල්‍ලේ 37, පවන් රත්නායක 116,  සහන් කෝසල 20, අන්ජල බණ්ඩාර 38, චමිඳු විජේසිංහ 15 ( දුෂාන් විමුක්ති 87/7, විශ්ව ළහිරු 65/3)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 78කදී කඩුලු 5ක් දැවී ලකුණු 217

ඉ‍රෝෂ් සමරසූරිය  87, විශ්ව චතුරංග 22, චර්යා පරණවිතාන 18, කාංචන ද ලිවේරා නොදැවී 43, දුෂෘන් විමුක්ති 25 (සොන්ලා දිනූෂ 52/3)

ටැමිල් යූනියන් – එන්සීසී අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

ටැමිල් යූනියන් පිල පළමු ඕවර් 107.2කදී සියලු දෙනා දැවී ලකුණු 353

නවෝද් පරණවිතාන 43, මිනෝද් භානුක 19, ඉසිවර දිසානායක 54, ෂාරුජාන් ෂන්මුගනාදන් 87, සචිත ජයතිලක 28, විහස් තෙව්මික 63, ළහිරු සමරකෝන් 36 (චාමික කරුණාරත්න 52/3, ශක්ති උදාර 107/3, සහන් ආරච්චිගේ 51/3)

එන්සීසී පළමු ඉනිම ඕවර් 39කදී සියලු දෙනා දැවී ලකුණු 176

ළහිරු උදාර 20, චාමික කරුණාරත්න 62, ළහිරු කුමාර 47 (ළහිරු සමරකෝන් 34/5, තේෂාන් විඳුෂාන් 55/2)

එන්සීසී දෙවැනි ඉනිම ඕවර් 21කදී කඩුලු 1ක් දැවී ලකුණු 144

නිරෝෂන් දික්වැල්ල නොදැවිා 96, විනුක රණසිංහ නොදැවී 34 (ළහිරු සමරකෝන් 22/1)

නුගේගොඩ – කෝල්ට්ස් අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය පළමු ඉනිම ඕවර් 41කදී කඩුලු 4ක් දැවී ලකුණු 90

පුලිඳු පෙරේරා 22, ලොහාන් ද සොයිසා නොදැවී 38, පැතුම් කුමාර 19 ( ස්‍යාම්සුන්දර් ක්‍රිෂ්නශ්‍රීරාම් 14/2)

බඳුරලිය – ඒස් කැපිටල් අතර තරගය සීසීසී පිටියේදී

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 86කදී සියලු දෙනා දැවී ලකුණු 293

දිල්ෂාන් ද සොයිසා 37, සදුන් වීරක්කොඩි 36, රවීන් යසස් 18, අලංකාර අසංක ද සිල්වා 15, ගීත් කුමාර 18, විනුර දිල්සර 68, සුමුදු ලක්ෂාන් 51, අදීශ තිලංචන 34 (වනුජ සහන් 95/4, චමෝද් බැට්ටගේ 79/6)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 79කදී කඩුලු 6ක් දැවී ලකුණු 312

පවන්ත වීරසිංහ 100, නිමේෂ ගුණසිංහ 44, කවිඳු ආමන්ත 75, නවිඳු කුලසේකර 27, වනුජ සහන් නොදැවී 38, රවීන් ද සිල්වා නොදැවී 18 (අලංකාර අසංක ද සිල්වා 100/3)

මුවර්ස් – කුරුණෑගල  අතර තරගය හම්බන්තොටදී

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 114කදී කඩුලු 8 දැවී (ඉනිම අත් හිටෙව්වා) ලකුණු 441

සදීර සමරවික්‍රම 43, සොහාන් ඩී ලිවේරා 139, සිතාර ගිම්හාන 76, රමේෂ් මෙන්ඩිස් 65, ෂෙහාන් ප්‍රනාන්දු 51, සන්තුෂ් ගුණතිලක නොදැවී 17 (දිනුෂ්ක මාලන් 62/2, සමීර සඳමාල් 38/2, චාමික එදිරිසිංහ 139/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 37කදී කඩුලු 4ක් දැවී ලකුණු 134

ගයාන් මනීෂාන් 23, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 50, ලක්ෂාන් එදිරිසිංහ 24, සමීර සඳමාල් නොදැවි 18

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee