ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය වූ අද (15 දා) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට බ්ලූ සහ ග්‍රීන් කණ්ඩායම් සමත්වූහ. අද වාර්තා කරන ලද ජයග්‍රහණය සමග මෙම කණ්ඩායම් දෙක අදාළ ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පළමු සහ දෙවැනි තැන්වලට පත්වෙමින් ලබන 17 වැනිදා කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබාගත්හ.
කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරග වලදී බ්ලූ කණ්ඩායම විසින් රෙඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක්ද ග්‍රීන් කණ්ඩායම විසින් ග්‍රේ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක්ද වාර්තා කළහ. ඒ අනුව බ්ලූ සහ ග්‍රීන් කණ්ඩායම් අද දිනයේදී වාර්තා කරන ලද්දේ තෙවැනි තරග ජයග්‍රහණය වූහ.
ග්‍රේ කණ්ඩායමට එරෙහිව පෙරවරුවේ පැවැති තරගයේදී ලකුණු 121 ක ජයක් හමා ගිය ග්‍රීන් කණ්ඩායම පන්දුවාර 18.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.
ජයග්‍රාහී ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා සහ නායිකා හසිනි පෙරේරා අර්ධ ශතක වාර්තා කළහ. ඒ අතරින් වැඩිම ලකුණු ලාභිණිය වූ නිලක්ෂි පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 60 ක්ද හසිනි පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 58 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
ග්‍රේ කණ්ඩඩායම වෙනුවෙන් ඉමේෂා දුලානි පන්දු 44 කදී ලකුණු 54 ක් වාර්තා කළ අතර කවීෂා දිල්හාරි ලකුණු 19 ක් වාර්තා කළාය. පන්දු යැවීමේදී උදේශිකා ප්‍ර බෝධනී සහ සුගන්දිකා කුමාරි කඩුලු 3 බැගින් දවාලූහ.
මේ අතර පස්වරුවේදී පැවැති බ්ලූ සහ රෙඩ් අතර තරගයේදී ලකුණ 126 ක් හඹා ගිය බ්ලූ කණ්ඩායම පන්දුවාර 18.5 කදී ඉලක්කය සපුරා ගත්හ. එම ලකුණු හඹා යෑමේදී පළමු කඩුලු 2 8 ලකුණු 29 ක් ඇතුළත දවා ගැනීමට යෞවන පන්දු යවන්නියන් වන චමෝදි ප්‍ර බෝධා සහ ඩාරියා දිසානායක සමත්වූ නමුත්, තෙවැනි කඩුල්ලට එක් වූ හර්ෂිතා සහ සත්‍යා සංදීපනී පන්දු 87 කදී ලකුණු 99 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් බ්ලූ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මෙහිදී හර්ෂිතා සමරවික්‍රම පන්දු 50 කදී ලකුණු 48 ක්ද සත්‍යා සංදීපනී පන්දු 46 කදී ලකුණු 49 ක්ද රැස් කොට කඩුල්ලේ රැඳී සිටියහ.
ග්‍රීන් කණ්ඩායමට කඩුලු 8 ක ජයක්
ග්‍රේ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 120 යි – ඉමේෂා දුලානි 54, හංසිමා කරුනාරත්න 14, කවීෂා දිල්හාරි 19, අනුෂ්කා සංජීවනී 13, උදේශිකා ප්‍ර බෝධනී 20/3. සුගන්දිකා කුමාරි 20/3
ග්‍රීන් කණ්ඩායම පන්දුවාර 18.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 124 යි – හසිනි පෙරේරා 58*, නිලක්ෂි ද සිල්වා 60
බ්ලූ කණ්ඩායමට කඩුලු 8 ක ජයක්
රෙඩ් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණ 126 යි – උමයංගනා පීරිස් 37, ශෂිනි ගිම්හානි 50, සංජනා කාවින්දි 13, දෙව්මි විහංගා 15/3
බ්ලූ කණ්ඩායම පන්දුවාර 18.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 128 යි – (හර්ෂිතා සමරවික්‍රම 48*, සථ්‍යා සංදීපනි 48*, හිරුනි හංසිකා 20





