slc
logo
Home   |    News
ජනවාරි 15, 2026
ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ‘ජර්සිය‘ අභිමානවත්ව එළි දැක්වේ

sinhala editor

 දකුණු ආසියානු උප මහාද්වීපයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ක්‍රීඩාංගණ කිහිපයක දී තව සති තුනකින් ආරම්භ වන මීළඟ ලෝක කුසලාන පිරිමි විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පලඳින ජර්සිය එළි දැක්වීම අද සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සිදු කෙරුණේ දේශීයත්වයට සහ මිත්‍රත්වයට මුල් තැනක් දෙමින් ගාම්භීර පූර්වක අයුරිනි.

 ශ්‍රී ලංකා ජාතික ධජයේ වර්ණ සම් මිශ්‍රණයක් උපයෝගී කරගෙන නිමැ වු මේ ජර්සිය මගින් ශක්තිය, විශ්වාසය, මිත්‍රත්වය සහ සාර්ථකත්වය පිළිබිඹු කෙරෙන අතර ක්‍රීඩකයනට මෙය පැලඳීමෙන් පහසුවෙන් ක්‍රීඩා කිරීමේ සහ ශාරීරික යෝග්‍යතාවය රැක ගැනීමේ සුව පහසුකම් ද උදා වේ.

 නව ජර්සියෙන් සැරැසුණු මෝස්තර ශීල්ප, ශිල්පිනියන් කිහිපදෙනෙකු වේදිකාවේ ඔබ මොබ යමින් ගමන් කළේ පහසුවෙන් ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීමට එය දක්වන සහය ප්‍රදර්ශනය කරමිනි.

 ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහාම විශේෂයෙන් මෙම ජර්සිය මූස් ඇඟලුම් ආයතනය (Moose Clothing Company) නිර්මාණය කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇඟලුම් අනුග්‍රාහකයා ලෙසිනි.

 ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් කණ්ඩායමේ නායකයාත් ප්‍රධාන අනුග්‍රාහකයා වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරීවරයාත් පවත්වන සම්ප්‍රදායික දේශන වෙනුවට මෙහිදී අනුගමනය කළේ සභාව මෙහෙය වන කථිකයා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සහ අනුග්‍රාහක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ප්‍රශ්න යොමු කර ඒවාට පිළිතුරු ලබා ගැනීමේ නව වැඩපිළිවෙලකි.

 ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක මෙහිදී විශේෂයෙන්ම පෙන්වා දුන් කරුණක් වුයේ මව්බිමේ දී සහෝදර ප්‍රේක්ෂක ජනතාවගේ සහයෝගය ඉදිරියේ ක්‍රීඩා කිරීමට ලැබීම සතුටක් මෙන්ම පීඩනය ගෙන දෙන කරුණක් වුවත් කණ්ඩායමේ ක්‍රීඩකයන් සියල්ලගේම අපේක්ෂාව වන්නේ කුසලානය අප සතු කර ගැනීම යන්නය.

 ප්‍රේක්ෂක අපේක්ෂාව සහ සිහිනය මේ ජාත්‍යන්තර තරගාවලියේ ශූරතාව මව්බිමේම රඳවා ගැනීම යැයි සාකච්ඡාව මෙහෙයවන්නාට දසුන් ශානක පැහැදිලි කළේ මේ අවස්ථාවට සහභාගි වු ක්‍රිකට් ක්‍රීඩක පිරිස ද උනන්දු කරවමිනි.

 මේ උත්සවයේ කාගේත් සිත්ගත් ආකර්ශණීය සිදුවීමක් වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ මූස් ඇඟලුම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හසිම් ඕමාර් මහතා ප්‍රථම ජර්සිය ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානකට වේදිකාවේ දී ප්‍රදානය කිරීමෙන් ස්වල්ප වේලාවකට පසු දසුන් ශානක එය පැලඳ නැවත පිරිස මැදින් පැමිණ වේදිකාවට පිවිස එය ප්‍රදර්ශනය කිරීමය.

 2018 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්‍රධානම ඇඟලුම් කරු ලෙස ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳ ගැනීමෙන් පසු 2023 වසර වන විටත් පසුව මේ දක්වාත් එම බැමි වඩාත් තීව්‍ර වී ඇතැයි පැහැදිලි කරන මූස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හසිම් ඕමාර්  ශ්‍රී ලංකා ජාත්‍යන්තරයේ නමක් දිනා සිටින ක්‍රිකට් ක්‍රීඩාවටත් ඇඟලුම් කර්මාන්තයටත් තම සමාගම දක්වන පූර්ණ දායකත්වය ද මෙහිදී විස්තර කළේ සැකවෙනි.

 වැටීම්, නැඟීටීම් සහ ජය පරාජයන් දෙකටම සාර්ථකව මුහුණ දීම හුරු විය යුතු ක්‍රියාදාමයක් බව මේ සාකච්ඡාවේ දී පෙන්වා දුන් හසිම් ඕමාර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයනුත් එක්ව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමින් (World standard) පවත්වාගෙන යාම අගය කළ යුතුව ඇතැයි ද පැහැදිලි කළේය.

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක සභාවේ නිලධාරීන් ද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙන් ද මේ අවස්ථාව වර්ණවත් විණි.

ම නිල ජර්සි එළිදැක්වීමට සමගාමීව මූස් ක්ලෝතින් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සදහාම වන ඩිජිටල් අවකාශයේ භාවිතා කළ හැකි ‘මූස් ක්ලෝතිං ෆෑන් ක්ලබ්“ නම් වූ නව මෘදුකාංගයක්ද එළිදක්වන ලදී.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee