slc
logo
Home   |    News
පෙබරවාරි 21, 2026
පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 10 ක ජයක්

sinhala editor

චමිල කරවිට

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙසද ශ්‍රී ලංකාව මේ වන විට පෙරමුණ ගෙන සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් ක්‍රීඩිකාවන්ට එම ඉලක්කය කරා ළඟාවීමට නොහැකි වූ අතර, ඔවුන් ලකුණු 229කට සියල්ලන්ම දැවී ගියේය. ශ්‍රී ලංකා පන්දු යැවීමේ ප්‍රමුඛත්වය දැක්වූ ඉනෝකා රණවීර ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරවරිය ලෙස නම් කෙරුණාය. කවීශා දිල්හාරි ලකුණු 49කට කඩුලු 3ක් ලබා ගත් අතර, දෙව්මි විහංගා පන්දු ඕවර් 10කදී ලකුණු 28කට එක් කඩුල්ලක් දවා ගනිමින් දැඩි පීඩනයක් එල්ල කළහ.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායිකා හේලි මැතිව් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළාය. ඒ අනුව පන්දු ඕවර් 50 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 240ක් රැස් කිරීමට සමත්විය. ඉනිමේ 41 වන ඕවරය වනවිට ශ්‍රී ලංකාවට අහිමිව තිබුණේ කඩුලු 3ක් පමණක් වන අතර, ඒ වනවිට ලකුණු 185ක් රැස් කර තිබීම නිසා ශක්තිමත් ඉනිමක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවිය.

මෙහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 66ක් රැස් කළ අතර, හසිනි පෙරේරා ලකුණු 60ක් ලබා ගත්හ. චමරි අතපත්තු (27) සහ හසිනි පෙරේරා පළමු කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් ගොඩනගා ගත් අතර, හර්ෂිතා සමරවික්‍රම සහ හසිනි අතර තෙවන කඩුල්ලට ලකුණු 86ක සබඳතාවක් පැවැත්වීය. නිලක්ෂි ද සිල්වා (22) සමඟ හර්ෂිතා එක්ව තවත් ලකුණු 50ක සබඳතාවක් ගොඩනගා ගැනීමට සමත්විය.

අවසාන ඕවර් කිහිපයේදී වේගවත් පිතිකරණයක් දැක්වූ දෙව්මි විහංගා පන්දු 6කදී ලකුණු 14ක් රැස් කළාය. එම ඉනිමට අවසාන ඕවරයේ එල්ල කළ හයේ පහරක් සහ හතරේ පහරක්ද ඇතුළත් විය. කවීශා දිල්හාරි පන්දු 21කදී ලකුණු 22ක් ලබා ගත් අතර, විශ්මි ගුණරත්න පන්දු 20කදී ලකුණු 18ක් ලබා නොදැවී සිටියාය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ කොදෙව් පිතිකාරිණියන්ට දෙව්මි විහංගාගේ ආරම්භක පන්දු යැවීම හමුවේ ලකුණු ලබා ගැනීම අපහසු විය. එම පීඩනය තවදුරටත් වැඩි කළ ඉනෝකා රණවීර කොදෙව් මුල් පෙළ සහ මැද පෙළ පිතිකාරිණියන් අකර්මන්‍ය කරමින් කඩුලු දඩයමක නිරත විය.

කෙසේ වෙතත්, ස්ටැෆිනි ටේලර් ලකුණු 66ක් සහ ජැනලියා ග්ලාස්ගෝව් ලකුණු 50ක් රැස් කරමින් කොදෙව්වන් ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සාහ කළාය. එහෙත්, තරගයේ 49 වන ඕවරයේ සිව්වන පන්දුවේදී කවීශා දිල්හාරි යැවූ පන්දුවකින් කරිශ්මා රාම්හරක් කව්ශිනි නෘත්‍යාංගනාගේ ස්ටම්ප් කිරීමකට හසු වීමත් සමඟ කොදෙව් ඉනිම අවසන් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 ක් අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 240 යි – (හර්ෂිතා සමරවික්‍රම 66, නිලක්ෂිකා ද සිල්වා 22, කවීෂා දිල්හාරි 22, විශ්මි ගුණරත්න 16, දෙව්මි විහංගා 14, හසිනි පෙරේරා 61, චමරි අතපත්තු 27, හේලි මැතිව්ස් 46/2, කරිෂ්මා රම්හරැක් 57/2)

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම පන්දුවාර 49.4 කදී සියලු දෙනා දැවී ලකුණු 230 යි – (ජනලියා ග්ලාස්ගෝව් 50, ආලියා අලෙහින් 24, ස්ටැෆින් ටේලර් 66, ඉනෝකා රණවීර 44/4, කවීෂා දිල්හාරි 49/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee