slc
logo
Home   |    News
අප්‍රේල් 21, 2026
නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිල මැයි මසදී ශ්‍රී ලංකාවට

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට ක්‍රීඩා කිරීම සදහා නවසීලන්ත ‘ඒ‘ කාන්තා කණ්ඩායම එළැඹෙන මැයි මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වෙයි.

එක්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. තරගාවලියේ සියලුම තරග පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරුණ කාන්තා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා ලබා දෙන අඛණ්ඩ අවස්ථා අතරින් වැදගත් එකක් ලෙස සැලකේ. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රබල කණ්ඩායම් සමඟ තරග කිරීම මඟින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ නව පරපුරට වටිනා අත්දැකීම් ලබා දීමටද මෙම තරගාවලිය විශාල දායකත්වයක් සපයනු ඇත.

තරගාවලියට සහභාගිවීම සදහා නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම මැයි මස 07 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මැයි 12 – පළමු එක්දින තරගය – රංගිරි දඹුල්ල

මැයි 15 – දෙවැනි එක්දින තරගය – රංගිරි දඹුල්ල

මැයි 18 – තෙවැනි එක්දින තරගය – රංගිරි දඹුල්ල

මැයි 21 – පළමු විස්සයි-20 තරගය – රංගිරි දඹුල්ල

මැයි 23 – දෙවැනි විස්සයි-20 තරගය – රංගිරි දඹුල්ල

මැයි 25 – තෙවැනි විස්සයි-20 තරගය – රංගිරි දඹුල්ල

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee