ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩා නංවාලීමට ගෙන ඇති වැඩ පිළිවෙල අගය කරන බවත්, එම සංවිධානාත්මක වැඩ පිළිවෙල හේතුවෙන් ජාතික ක්‍රිකට් පිලට රට පුරා දක්ෂ ක්‍රීඩිකාවන් එකතුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය.
මේ මස 20 වැනිදා බංග්ලාදේශයේදී පැවැත්වෙන එක්දින තරගාවලිය හා විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකා පිල අද (17 දා) පෙරවරුවේ පිටත්ව ගිය අතර එම පිටත්වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවැසූවාය.
එක්දින තරග අප්‍රේල් 20, 22 සහ 25 යන දිනවල රාජ්ෂාහි හිදී පැවැත්වෙන අතර, විස්සයි20 තරග අප්‍රේල් 28, 30, සහ මැයි 2 යන දිනවල සිල්හෙට් හිදී පැවැත්වීමට නියමිතය.
“ ඇත්තටම ගොඩක් සතුටුයි. මං හිතන්නේ මම ක්‍රීඩා කරපු අවධියටත්, ඊට කලින් තිබුණ තත්ත්වයටත් වඩා හොඳ තත්ත්වයක් අද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට උදා වෙලා තියෙනවා. ගොඩාක් තරුණ ක්‍රීඩකාවෝ ලංකාව පූරා ක්‍රීඩා කරනවා. එකේ ප්‍රතිළුලයක් ලෙස දක්ෂ ක්‍රීඩිකාවන් බිහිවෙනවා. ජාතික කණ්ඩායමට දක්ෂ පිරිසක් ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතවී සිටින 19න් පහළ කණ්ඩායම. ඔවුන් අඩු වශයෙන්ම ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීම හරිම වැදගත්. වර්තමාන නායිකාව ලෙස හා ගොඩක් කල් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක් හැටියට මම සතුටු වෙනවා අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ. 19න් පහළ ක්‍රීඩිකාවෝ හොදින් ක්‍රීඩා කරනවා. ඒක අනාගතයට සුබවාදී තත්ත්වයක්. මේ පසුපස විශාල පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තේරීම් කමිටුව, පැරණි ක්‍රීඩිකාවෝ ලබාදෙන දායකත්වය මේ තත්ත්වයට එන්න හේතු වුණා. ඉතිං අපට පුළුවන් අනාගතයේ හොඳ කණ්ඩායමක් බිහිකර ගන්න“ චමරි පැවැසූවාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැගී එන ක්‍රීඩාකවන්ට තරග සංචාර ලබාදීම අගය කළ චමරි පැවැසූවේ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට නවසීලන්තය වැනි රටක් සමඟ තරගාවලියක් සංචිධානය කිරීම අගය කරන බවය.
“කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ කාලයක් උදාවෙලා තියෙනවා. අනාගතයේ මෙයටත් වඩා හොඳ කණ්ඩායමක් බිහි කරගන්න පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තුවන ලෝක කුසලාන හීනය සැබෑ කරගන්න අපට හැකි වෙයි කියා මම හිතනවා. එහෙම වුනොත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්වලට ගොඩක් හොඳ තත්ත්වයක් ඉක්මණින් උදාකරගත හැකියි“.
“නව පුහුණුකරු මා සමඟ කතා කළා. තවත් අවුරුදු 2ක් පමණ ක්‍රීඩා කරන ලෙස ඉල්ලීමක් කළා. මගේ ශාරීරික යෝග්‍යතාව හොඳින් තියා ගන්න බලනවා. කොහොමත් ලොකු බලාපොරොත්තුවක් නෑ. තරගාවලියෙන් තරගාවලියට ක්‍රීඩාව පිළිබඳ සැලසුම් කරනවා. මොකද මම දන්නේ නෑ ඊළඟ අවුරුද්දේ ශාරීරික යෝග්‍යතාව කොහොමද කියා. බලමු ඊළඟ ලෝක කුසලානයෙන් පසු අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා“ චමරි පැවැසූවාය.
බංග්ලාදේශය සමඟ මෙම තරගාවලියේ පවත්වන එක්දින තරග තුන ඉතා වැදගත් බව ද ඇය අවධාරණය කළාය. “ “ඒකට හේතුව තමයි ඒ තරග තුනෙන් ලබා ගන්නා ලකුණු ගොඩක් වැදගත් වෙනවා ඊළඟ ලොක් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ක්‍රීඩා කරන්‍නේ නැතිව කෙලින්ම සුදුසුකම් ලැබීමට මේ තරගාවලිය වැදගත් වෙනවා“ චමරි පැවැසූවාය.
“විශ්මි මේ තරගාවලියට ක්‍රීඩා කරන්නේ නෑ. නමුත් හංසිමා කණ්ඩායමට ඇවිත් තියෙනවා. ඇයට ලොකු අවස්ථාවක් තියෙනවා හොඳින් ක්‍රීඩා කරන්න. ඇය පසුගිය දවස්වල තේරීම් තරගවලදී දැක්වූ දක්ෂතා, ‘ඒ‘ කණ්ඩායමේ දැක්වූ දක්ෂතා හා ඉමේජින් ඒෂියා කප් එකේදී දැක්වූ දක්ෂතා හේතු වුණා. විශ්මිටත් කණ්ඩායම සමඟ එකතු වෙන්න ලැබුණොත් හොඳයි. මොකද ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය එනවා. බංග්ලාදේශය සමඟත් විස්සයි20 තරගාවලියක් තියෙනවා. විස්සයි20 තරගවලට ලොකු අවධානයක් තියෙනවා මේ වසරේ. ලෝක කුසලාන තරගාවලිය, ආසියානු තරගාවලිය, ආසියානු ක්‍රීඩා උළෙල විස්සයි20 තරග හැටියට මේ වසරේ පැවැත්වෙනවා“.
“ නව පුහුණුකරු ජිමී මහතා අපට ලැබුණේ කොදෙව් සංචාරයෙන් පසුවයි. ඔහුත් එක්ක ගොඩක් ලොකු වැඩ ප්‍රමාණයක් අපට කරන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් පවර් හිටින් පැත්තෙන් ඔහු ලොකු වැඩක් කරගෙන යනවා. ඒ වගේම කොදෙව් සංචාරේදී අපි දැක්කේ පන්දු රැකීමේ දුර්වලතා. ඒවා සියල්ල හදාගෙන යනවා. හොද තරගාවලියක් ක්‍රීඩා කරන්න බලනවා. මේ දවස්වල මමත් ආබාධ තත්ත්වයෙන් ඉන්නේ. අතේ මැහුම් නවයක් දාලා තියෙනවා. පළමු තරග කිහිපයේදී මට ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබෙයිද කියන්න බෑ. ඉදිරියේදී තමයි ඒක තීරණය වෙන්නේ“ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාව සඳහන් කළාය.





