slc
logo
Home   |    News
අප්‍රේල් 2, 2026
ශ්‍රී ලංකා 19 න් පහළ බාළිකා පිලේ නායකත්වය මොණරාගල චමෝදිට

sinhala editor

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොණරාගල පඤ්ඤානන්ද විදුහලේ ක්‍රීඩිකාවක වන චමෝදි ප්‍රබෝධාව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළීකා කණ්ඩායමට අමතරව එංගලන්ත අවුරුදු 19 න් පහළ කණ්ඩායමද මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම ස්ථාපනය කිරීමෙන් අනතුරුව එම කණ්ඩායමට කොළඹින් පිටතින් නායිකාවක් පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින් චමෝදිගේ පත් කිරීම සඳහන් කළ හැක. තවමත් අවුරුදු 16 විය ගෙවා දමමින් සිටින චමෝදි වමතින් දඟ පන්දු යවන ක්‍රීඩිකාවකි. වමතින් පිත්ත හසුරුවන ඇය වයස අවුරුදු 14 ක් තරමේ සිටම බාළිකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩිකාවකි.

‘බට්ටි’ යන සුරතල් නාමයෙන් හඳුන්වන චමෝදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරන ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන යටතේ හඳුනාගත් දක්ෂ ක්‍රීඩිකාවකි. රට පුරා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා සකස් කළ මෙම ජාතික වැඩසටහනේ සාර්ථකත්වයට ඇය හොඳ උදාහරණයක් ලෙස සැලකේ.

මෙම කණ්ඩායමට කොළඹ ප්‍රදේශයෙන් ඇතුළත් වී සිටින්නේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් වන අතර, අනෙකුත් සියලුම ක්‍රීඩිකාවන් කොළඹින් පිට ප්‍රදේශවලින් තේරී පත්ව තිබීම විශේෂත්වයකි. ත්‍රිකුණාමලය, රත්ගම, අම්පාර, කුරුණෑගල, මහනුවර, මාතර, පුත්තලම සහ පොලොන්නරුව යන ප්‍රදේශවලින් ක්‍රීඩිකාවන් කණ්ඩායමට ඇතුළත් වී සිටිති.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම තරග 6 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර ඊට එක්දින තරග 2 ක් සහ විස්සයි-20 තරග 4 ක් ඇතුළත් වේ. එම තරග අප්‍රේල් මස 07, 08, 12, 13, 17 සහ 18 යන දිනවලදී පැවැත්වෙනු ඇත. තරගාවලිය සදහා ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම අප්‍රේල් මස 03 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.

කණ්ඩායම් සංයෝජනය:

චමෝදි ප්‍රබෝධා (නායක) – පඤ්ඤාඥානන්ද මහා විද්‍යාලය, මොනරාගල

විමෝක්ෂා බලසූරිය – සිංහල මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය

සංජනා කාවින්දි – දේවපතිරාජ විද්‍යාලය, රත්ගම

උමයංගනා පීරිස් – වේල්ස් කුමරි විදුහල, මොරටුව

නෙතගි ඉසුරංජලි – දේවපතිරාජ විද්‍යාලය, රත්ගම

ශෂිනි ගිම්හානි – දේවපතිරාජ විද්‍යාලය, රත්ගම

ප්‍රමුදි මෙත්සරා – උහන ජාතික පාසල, අම්පාර

ලිමන්සා තිලකරත්න

නෙත්මි උපේක්ෂා – මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල

අසේනි තලගුනේ – මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර

චමෝදි හේරත් – අනුර විද්‍යාලය, මාතර

දනෝද්‍යා සෙව්මිණි – අනමඩුව මධ්‍ය මහා විද්‍යාලය, පුත්තලම

යේශාලි ජිතාරා – අනූලා විද්‍යාලය, නුගේගොඩ

ඩාරියා දිසානායක – කාන්තා විද්‍යාලය, කොළඹ

ශයනි තෙන්නකෝන් – රාජකීය විද්‍යාලය, පොලොන්නරුව

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee