slc
logo
Home   |    News
මැයි 17, 2026
ගවනර්ස් කප් තරගාවලියේ සිංහ සහ සරසන්ස් ඉදිරියෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන “ගවනර්ස් කප්” අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තය (මැයි 10) අවසන් වන විට ‘ඒ’ කොටසේ පෙරමුණ අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය හිමිකරගෙන සිටින අතර, ‘බී’ කොටසේ ඉදිරියෙන් පසුවන්නේ සරසන්ස් ක්‍රීඩා සමාජයයි.

‘ඒ’ කොටස සඳහා කණ්ඩායම් නවයක් එක්ව සිටින අතර, අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය මෙතෙක් තරග 6කට සහභාගි වී තරග 5ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව ලකුණු 10ක් ලබා සිටී. ඔවුන්ගේ දළ ලකුණු වේගය 1.273කි.

එම කොටසේ දෙවන ස්ථානයේ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය (ලකුණු 10) පසුවන අතර, තෙවන ස්ථානය ලන්කන් ක්‍රිකට් සමාජයට (ලකුණු 10) හිමි වී ඇත. මහනුවර ක්‍රිකට් සමාජය තරග 7කින් ලකුණු 8ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

‘බී’ කොටසේ පෙරමුණ ගෙන සිටින සරසන්ස් ක්‍රීඩා සමාජය තරග 5කට සහභාගි වී ඉන් තරග 4ක් ජයගෙන එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කරමින් ලකුණු 9ක් ලබා සිටී. ඔවුන්ගේ දළ ලකුණු වේගය 1.454කි.

එම කොටසේ සඳලංකා ක්‍රිකට් සමාජය ලකුණු 8ක් සමඟ දෙවන ස්ථානයේ පසුවන අතර, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 6ක් ලබා තෙවන ස්ථානයේ පසුවෙයි. කළුතර නගර ක්‍රීඩා සමාජය ලකුණු 4ක් සමඟ සිව්වැනි ස්ථානයේ රැඳී සිටී.

මෙවර තරගාවලියේ ‘ඒ’ කොටස යටතේ කණ්ඩායම් 9ක් සහ ‘බී’ කොටස යටතේ කණ්ඩායම් 8ක් තරග වදිති.

ඒ’ කොටස

ස්ථානයකණ්ඩායමතරගජයපරාජයදළ වේගයලකුණු
01අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය6511.27310
02ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය6510.98110
03ලන්කන් ක්‍රිකට් සමාජය6510.97310
04මහනුවර ක්‍රිකට් සමාජය7430.6588
05කඳුකර ක්‍රිකට් සමාජය633-0.4926
06නාරම්මල ක්‍රීඩා සමාජය624-0.3104
07යුනිචෙලා ක්‍රීඩා සමාජය725-0.8174
08මහනුවර තරුණ ක්‍රිකට් සමාජය624-0.9194
09හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය606-1.4520

බී’ කොටස

ස්ථානයකණ්ඩායමතරගජයපරාජයදළ වේගයලකුණු
01සරසන්ස් ක්‍රීඩා සමාජය5401.4549
02සඳලංකා ක්‍රිකට් සමාජය5410.9398
03ගුවන් හමුදා ක්‍රීඩා සමාජය5320.8326
04කළුතර නගර ක්‍රීඩා සමාජය5230.4484
05කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය523-0.1594
06ඕල්ඩ් සහිරියන්ස්523-0.8874
07අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය513-1.0123
08මැලේ ක්‍රිකට් සමාජය514-1.0242

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee